අඹ යාලුවෝ

Monday, October 11, 2010

හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey 2 - අක්කරේපත්තු ඇන්ටි


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න ඉස්පාසුවක් හම්බවුණා.ඔයාලා අපි කලින් ලියපු සාන්ත කෙල බේරේ සිංදු අහපු කතාව රසවිදින්න ඇති කියලා හිතනවා.සාන්ත ගැන ලියනවනං ඉතිං කතා ගොඩාරියයි.ඒත් අපි මේ සීරීස් එකට තෝරගන්නෙ ඒ අතරින් කතා තුනක් විතරයි.අද කියන්න යන්නෙත් ඉතිං මෑන්ස්ට වෙච්ච නියම වැඩක් ගැන තමයි.

ඔය හොස්ටල් එකට පොඩි ළමයි ඇතුල් කරන්න, නිවාඩුවට ගෙවල් වලට ගියාට පස්සෙ ආපහු එක්කරගෙන එන්න, ගෙවල් වලට එක්ක යන්න වගේ හැම වැඩේටම ඒ අයගෙ ගෙවල් වල කට්ටිය හොස්ටල් එකට එනවා.ඒත් 10, 11 වගේ ලොකු ළමයින්ගෙ ගෙවල් වලින්නං එහෙම ලේසියෙන් එන්නෙ නෑ.ඒ අයගෙ ගෙවල් වලින් සාමාන්‍යයෙන් හොස්ටල් එකට එන්නෙ තමන්ගෙ ළමයා මොකක්හරි අංජබජල් කේස් එකකට මාට්ටු වෙලා කොටියා සර් ගෙදරින් එක්කගෙන එන්න කියලා දැනුම් දුන්නම තමයි.කොහොමහරි ඉතිං ඔය පොඩි ළමයින්ව එක්කගෙන යන්න එන්න, හොස්ටල් එකට ගොඩක් වෙලාවට එන්නෙ අම්මලා සහ සහෝදරියො තමයි.

හික්ස්...දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, ඒ අතරෙ ටිකක් ඇහැට කනට පේන අම්මලා අක්කලත් ඉන්නවයි කියලා.ඉතිං ඔය 10, 11 වසර‍වල කොල්ලො නිවාඩු දෙන දවස්වලට එහෙම බොහොම විමසිල්ලෙන් ඉන්නෙ හොස්ටල් එකට එන ඇන්ටිලා, අක්කලා දිහා බලන්න.තරුණ කාලෙ නොවැ!

ඉතිං ඔහොම හොස්ටල් එකට ආව ගිය ඇහැට කනට විතරක් නෙවෙයි, නහයටත් පේන තරුණ ඇන්ටි කෙනෙක් තමයි අක්කරේපත්තු ඇන්ටි කියලා අපේ යාලුවො කට්ටිය හැදින්නුවෙ.ඇන්ටිගෙ පුතා හිටියෙ මතක විදිහට 6 වසරෙ.හැබැයි මේ ඇන්ටිව අක්කරේපත්තුව කියලා හැදින්නුවෙ එයා අක්කරේපත්තුවෙ හිටපු හින්දානං නෙවෙයි, පිටිපස්සෙන් බලපුවාම ඔය උඩ ෆොටෝ එකේ ඉන්න එක්කෙනා වගේ හින්දයි.දැන් ඉතිං ටියුබ් ලයිට් නැති යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ හේතුව නේද?එක්කො අපිම කියන්නංකෝ.හේතුව තමයි පශ්චාත්භාගය අක්කරයක් විතර විශාල වෙච්ච එක.

කොහොම හරි සාන්ත හොස්ටල් එකට ඇවිත් වැඩි දවසක් යන්න කලින් මෑන්ස්ට ඔය ඇන්ටිව මීටරේට අහුවුණා.සාන්ත ඉතිං හිත හොද කොල්ලා නොවැ!ඉතිං මෑන්සුත් ඇන්ටි ගැන තමන්ට හිතෙන දේවල් හැමෝම එක්ක කියෙව්වා.මේවා ඇහෙද්දි තමයි හොංකොංටයි, පැන්ඩටයි එකතුවෙලා සාන්තට ගේමක් දෙන්න හිතුනෙ.

ඔය කාලෙ දැන් වගේ මොබයිල් ෆෝන් හැමෝම ළග තිබුන කාලයක් නෙවෙයි.ඒ දවස්වල හෑන්ඩ් ෆෝන් එකක් ළග තියෙනවයි කියන්නෙ ගෙදර බෙන්ස් එකක් තියෙනවා වගේ වැඩක් නොවැ!ඉතිං පොල්පොට් ගෙදරින් ගෙනාපු මොබයිල් ෆෝන් එකට ඒ දවස්වල ඩෝම් එකේ කොල්ලන්ගෙන් තිබුනෙ පුදුම ඉල්ලුමක්ලු.පැන්ඩලාගෙ ප්ලෑන් එක වුණේ ඔය ෆෝන් එක මාර්ගයෙන් සාන්තට නියම වැඩක් දෙන්න.

**************************************************************************************************

ඔන්න එක දවසක් ඩිනර් එක ඉවර වෙලා පොල්පොට් සාන්තට කතා කරනවලු

පොල්පොට් :- කෝ මේ කෙලබේරේ? සාන්ත.....සාන්ත.....මෙන්න උඹට කෝල් එකක්

සාමාන්‍යයෙන් සාන්තට වැඩිය කෝල් එන්නෙ නෑ.ඉතිං මෑන්සුත් බැලුවලු කවුද තමන්ට කෝල් කරන්නෙ කියලා.ඇරත් පොල්පොට්ගෙ ෆෝන් එකට?

සාන්ත කෙල බේරේ :- කවුද බං ??

පොල්පොට් :- ඉක්මනට වරෙං බං! අක්කරේපත්තු ඇන්ටි කියලා තමයි කිව්වෙ

මේක ඇහුනා විතරයි, සාන්තගෙ ඇස් දෙකෙන් හාට් විසිවෙන්න ගත්තලු.වහාම ෆෝන් එක ගත්තු මෑන්ස් කතාකරන්න පටන් ගත්තලු.ඇන්ටි ඇත්තටම තමන්ට කතා කරයිද? ඇරත් පොල්පොට්ගෙ ෆෝන් එකට කතා කරයිද? කියලා හිතන්න තරං ඉස්පාසුවක් සාන්තට තිබුනෙ නෑ.දැන් ඉතිං කට්ටිය කතාව හොරෙන් අහගෙන ඉන්නවලු.බැලින්නං ඇන්ටි වගේ කතා කරන්නෙ පැන්ඩා, දෙල්ගහ යට කොයින් බොක්ස් එකේ ඉදලලු.ඉතිං පැන්ඩගෙ ගොරහැඩි කටහඩ අක්කරේ ඇන්ටිගෙ නෙවෙයි කියලා තේරුම් ගන්නවත් සාන්තට හැකියාවක් තිබුනෙ නෑලු.

අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- අනේ සාන්ත, මම හැමදාම හොස්ටල් එකට එද්දි ඔයාව දකිනවා.ඔයා මං දිහා බලාගෙනමයි ඉන්නෙ නේද? අනේ මමත් ඔයාට කැමතියි සාන්ත

දැන් සාන්තගෙ ඇස්වල කලු ඉංගිරියාව වෙනුවට තියෙන්නෙ රතුපාට හාට් එකක්.අඩුගානෙ ඇන්ටි තමන්ගෙ නම දැනගත්තෙ කොහොමද කියලාවත් මෑන්ස්ට නිනව්වක් නෑ.

සාන්ත කෙල බේරේ :- අනේ මමත් ඔයාට කැමතියි.අපි හම්බවෙමුද?

අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :-මමත් කැමතියි ළමයෝ.ඒත් ඔයාගෙ යාලු වසවර්තියො ටික හොස්ටල් එකේ ඉන්නකොට මම කොහොමද ඔයාව මීට් වෙන්නෙ.ඔයාට බැරිද හොස්ටල් එකෙන් එළියෙදි මාව මීට් වෙන්න?

සාන්ත කෙල බේරේ :- කොහෙදිද? කියන්න...කියන්න...

අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- පිටකොටුවෙ බෝ ගහ යට හොදයි නේද? අනේ මතක ඇතුව එද්දි රෝස පාට ටී ෂර්ට් එකක් ඇදගෙන එන්න.රෝස පාටට ඔයා හරී හැන්ඩ්සම් එකට ඉදී අනේ!

කොහොමහරි ඉතිං සාන්ත ඇන්ටිව හම්බවෙන්න දිනයක්, වෙලාවක් එහෙම දාගෙන කතාබහ ඉවර කළාලු.හැබැයි මේ වෙද්දි පැන්ඩගෙ පහේ කාසි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩේට වියදම් වෙලා.කොහොමහරි ඉතිං සාන්තට ඇන්ටිව මීට් වෙන්න තියෙන දවසත් උදාවුණාලු.එදා ලන්ච් එක ඉවර වෙලා ටික වෙලාවක් යද්දි මෙන්න බොලේ මෑන්ස් ෆුල් හැන්ඩියා වගේ ලෑස්ති වෙනවා.ඒ මදිවට කොහෙන්දෝ රෝස පාට‍ ටී ෂර්ට් එකකුත් හොයාගෙන.ඇන්ටිට ප්‍රසන්ට් කරන්න රෝස මලකුත් සල්ලි වලට අරගෙන.දැන් ඉතිං ඩෝම් එකේ කොල්ලොටික කොට්ට වලින් මූණූ වහගෙන බක බක ගගා හිනාවෙනවලු.ඒත් සාන්ත ඉන්නෙ ඒවා මීටර් වෙන්න තරං මෙන්ටැලිටියක නෙවෙයි.

කොහොමහරි ඉතිං ඒ වෙලාවෙ පිටකොටු ගිය සාන්ත එදා හවස හයට විතර ආපහු හොස්ටල් එකට ආවලු.රෝසමලනං පේන්න තිබුනෙ නෑ.ඉතිං ස්ටඩි එකයි, ඩිනර් එකයි ඉවර වෙලා මෑන්ස්ව අල්ලගත්තු කොල්ලො කට්ටිය ඇහුවලු මොකද සිද්ද වුණේ කියලා.දැන් ඉතිං සාන්ත ෆුල් ස්ටෝරියක් ඇදබානවා.ඇන්ටිව හම්බවෙච්ච හැටි, රෝසමල දුන්න හැටි, තව එක එක ඒවා කරපු හැටි රගපපා පෙන්නනවා.දැන් ඉතිං කට්ටියට මැරෙන්න හිනා.

ඔහොම කතා කර කර ඉන්න අතරෙ ආපහු පොල්පොට්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තලු.බැලින්නං අක්කරේපත්තු ඇන්ටි.පොල්පොට් වහාම සාන්තට ෆෝන් එක දුන්නලු

අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- සාන්ත, මොනවද බබෝ ඔයා යාලුවන්ට බොරු කියන්නෙ? අපි අද මීට් වුණේ නෑනෙ.ඔයා පරක්කු වෙච්ච නිසා මම යන්න ගියා

සාන්ත වහාම කෝල් එක කට් කරාලු.මෑන්ස්ට තවමත් මීටර් නෑ මේක ඩෝම් එකේ සගයො තමන්ට දුන්න දිරච්ච ලණුවක් කියලා.

දැන් කොල්ලො කට්ටියට ඕනෙ සාන්තව බයිට් කරන්න.ඒත් ඉතිං ඒකට ඉස්සරවෙලාම මෑන්ස් දැනගෙන ඉන්න එපායැ තමන් රැවටුනා කියලා.ඉතිං ඩෝම් එකේ කට්ටිය සාන්තට කියලා දුන්නලු මුල ඉදලාම සිද්ද වුණේ මොකද්ද කියලා.

ඒත් අන්තිමට සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.අනිත් කට්ටිය ඔලුවෙන් හිටගෙන කිව්වත් සාන්ත පිළිගත්තෙ නෑ අක්කරේපත්තු ඇන්ටි තමන්ට කතා නොකරපු වග.කොටින්ම මෑන්ස් හොස්ටල් එකෙන් යනකම්ම හිතාගෙන හිටියෙ ඇන්ටිම තමයි තමන්ට ගේම දුන්නෙ කියලා.එක දවසක් ඇන්ටි හොස්ටල් ආපු වෙලාවක පොර එයත් එක්ක මේ ගැන කතා කරන්න යන්න හදද්දි අනිත් කොල්ලො ටික මෑන්ස්ව අමාරුවෙන් නවත්තගෙන තිබුනා.

කොහොමහරි අන්තිමට බයිට් වුණේ සාන්ත නෙවෙයි, අනිත් කොල්ලො කට්ටියලු.හැබැයි මේ වැඩේ නිසා සාන්තගෙයි,යාලුවන්ගෙයි දෙගොල්ලන්ගෙම සල්ලිනං නාස්ති වුණා...

ප.ලි - සාන්ත වගේම, ඇන්ටි කෙනෙක්ට ට්‍රයි කරපු කොල්ලෙක් ඉන්න මලීනා (MALENA) ෆිල්ම් එක හරිම ලස්සනයි.බලපු නැති කවුරුහරි ඉන්නවානං හොයාගෙන බලන්න

26 comments:

  1. බලන් යද්දි ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ, කොල්ලො කොල්ලෝම තමයි කවදත් :b

    ReplyDelete
  2. හා හා පට්ට සීන් එක.... :c

    ReplyDelete
  3. හිහ් හිහ්... අපිනම් ඉතින් ඔය ඇන්ටි අම්මලාට ටොක් කරන්න ගියේ නෑ සත්‍ය වශයෙන්ම.. සහෝදරියෝ ගැන නම් ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා... :a

    ReplyDelete
  4. ඇන්ටි දෑවැද්දට දුන්නෙ ගොඩින් අක්කරයයි මඩින් අක්කරයයිද දන්නෙ නෑ. මොනව වුනත් ශාන්තනම් එළම කොල්ලෙක්. පූසන්ව බයිට් කරන්න ඔය මෝඩ පාට් දාන්න ඇත්තෙ

    ReplyDelete
  5. මරු... පව් වැඩේ හැබැයි කෙල බේරේට වෙලා තියෙන්නේ

    ReplyDelete
  6. හේහේහේ පට්ට පට්ට
    Lolita ෆිල්ම් එකත් ඔය Malena වගේම ෆිල්ම් එකක්.නමුත් ඒකේ වෙන්නේ ඕකේ අනිත් පැත්ත.පොඩි කෙල්ලෙක් මැදිවියේ පිරිමියෙක්ට ආදරය කරනවා.(ආදරය කරනවා කිව්වොත් වැරදියි මං හිතන්නේ...ආදරයට වඩා අනුරාගය කිව්වොත් නිවැරදියි.)

    ReplyDelete
  7. සාන්තයා තමා සාන්තයා. පුලුවන් නම් සාන්තයා ගැන වෙනම සීරියස් එකක් ලිව්වා නම් ආතල් කෝටියයි :f

    ReplyDelete
  8. පුරුපුරුලගේ වැඩේ ඒ දවස්වල ඉව අල්ලන එකමද කොහෙද... ඔය කියන්නේ අක්කරපත්තු ඇන්ටිව නහයටත් පෙනුන කියලා... සාන්තයානම් එලම බුවෙක් වගේ... :b

    ReplyDelete
  9. එලකිරි කතාව...
    ශාන්තනම් අදහන්න වටින පොරක්....හිකිස්ස්ස්ස්ස්ස්ස්.....
    :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  10. මටනං පේන්නෙ සාන්ත අන්ඩපාලයා වගේ.. පොර ඇන්දුන බව දැනගත්තම ඒ නෝන්ඩිය වහගන්න දිගටම බොරුව අරං ගිහිං වගේ.. ඇත්ත කියපං එහෙම නේද සීන් එක වුනේ.. :)

    පලි: මේක දැක්කම මට මතක්වුනේ, ඉස්සර අපි 10-11 වසර වලදි උදේට යනවා ඉස්කෝලෙ ඉස්සරහ ට්‍රැෆික් දාන්න. ඒ යන්නෙ ඉතිං වෙන මොනවටවත් නෙවෙයි, ප්‍රයිමරියට ළමයි දාන්න එන ඇන්ටිලා බලන්න.. අර කිවුවත් වගේ එදා-අද වෙනසක් නෑ වගේ, boys will be boys.. :)

    ReplyDelete
  11. අපිත් ශිෂ්‍ය නායක කම් කරද්දි ඒ වගේ වැඩ ඕන තරම්.... 1, 2 වසරවල අම්මලා අපිට තමයි පොඩි උන්ට ගෙනියන්න කෑම එහෙම දෙන්නෙ... සමහර අම්මලා හිටියා බෝම්බයක් දුන්නත් අපේ උන් උස්සගෙන යන....

    ReplyDelete
  12. නියම කතාව. පිටකොටුවෙ බෝ ගහ යටට වෙලා සාන්ත රෝස මලත් තියාගෙන ඉන්නව මැවිල පේනව වගේ. :h

    ReplyDelete
  13. මදැයි. මමත් හිතන්නේ සාන්තයා පොතක් පෙරලන්න ඇත්තේ..

    ReplyDelete
  14. එල එල
    නෑවතත් පාසෑල් කාලයට ගියො

    ReplyDelete
  15. සාන්තයා තමයි මිනිහා.. ලොල්...

    ReplyDelete
  16. හික් හික් ඌ නම් එලම බුලට් එකක් වගේ හික් හික්.... උබල නොවැ බයිට් වෙලා තියෙන්නේ... හැබෑට මැවිල පේනවා බන් ඌ රෝස පාටට ඉන්නව බෝ ගහ යට හික් හික් හික්

    ReplyDelete
  17. ඔය නම් ඉතින් මිල්ෆ් දඩයක්කාරයාට ඇබ්බහිවීමේ ප්‍රතිඵල තමයි හික් හික් :b :b

    ReplyDelete
  18. malena is one of my best movie.i love it soooooooo much. dhanu

    ReplyDelete
  19. යකෝ මිනිස්සුන්ව අන්දනවා කියලා ඔහොමත් අන්දනවද . . . හික් හික් . . .

    උඹලගේ ඇන්දිල්ලේ තරම දන්නවනම් අර ඌරුවන්ශ උඹලව ටිකව එයාලගේ පක්ෂේට ගන්නව ෂුවර් එකට . . මොකද අපේ ලංකාවේ මිනිස්සුන්ට ගොනාට ඇන්දීමේ කොන්ත්‍රාත් එක ඌනේ බන් බාර අරගෙන ඉන්නේ . . හික්ස්

    (හැබැයි ඉතින් අපේ පොරවල් ලට අමුතුවෙන් අන්දන්න දේකුතේ නෑ කස්ටිය ට රෙදි දෙන්න විතරයි නේ ඕන එයාලා කපලා මහලා ඇඳ ගන්නවනේ . .

    මොනා උනත් උඹල නම් මාර පිස්සු කොල්ලේ ටිකක් බන්zලා

    ReplyDelete
  20. කාලෙකින් පෝස්ට් එකක් දම්මෙ නෑ නේද? ඉක්මනට දාන්න. අපි බලන් ඉන්නවා.

    ReplyDelete
  21. බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට!:g:g:g

    @ පිනිබිදු - ඔන්න අලුත් කතාවක් දැම්මා...:e:e:e

    ReplyDelete
  22. http://video.google.com/videoplay?docid=-8388711148044087138

    MALENA film eka online balanna oni nam

    ReplyDelete
  23. machang oka wena ekekta una nang matath vishwasa karanna ba habay oya සාන්ත කෙල බේරේ hitiye mage panthiye (10/11) e nisa mama uwa hondata dannawa.api uta dapu card eka siwpawekge namak man hithanne puru puru dannawa ekath. habai සාන්ත කෙල බේරේ harima hitha honda eka.....

    ReplyDelete
  24. හික් හික්!! උඹට ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ බං සාන්තයා ගැන...

    මොනවා වුණත් උඹ කිව්වා වගේ හිත හොඳ ඩයල් එක

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???