අඹ යාලුවෝ

Wednesday, February 2, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11 ( පූසාගේ වාරය)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10

ඉතිං අපි කලින් ලිපිය ඉවර කළේ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්දැද්දි මල්බණ්ඩා ඒ පැත්තට ආවයි කියලනේ. උදේම විදූශා එක්ක ගම්පහ යන්න කියලා හිතාගෙන බස්ටෑන්ඩ් එකට ආපු මල්බණ්ඩා, දැක්කෙ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්නවා. සමහරවිට මෙහෙම සිද්දියක් වෙයි කියලම වෙන්න ඇති මෑන්ස් එදා විදූශා එක්ක බස් එකේ යන්න තීරණය කළේ. ඉතිං තමන්ගෙ තාවකාලික පෙම්වතිය එක්ක අපේ පූසා කතා කර කර ඉන්නවා දැකපු මල්බණ්ඩාට ෆ්ලවර් ජම්ප් වුණාලු.

ඇත්තටම අපේ පුරුපුරුටත් ඕනෙ වුණේ මෑන්ස් එක්ක වලියක් දාගන්න. සමහරවිට මල්බණ්ඩාට ඕනෙවෙන්න ඇත්තෙත් ඒකමයි. කොහොමහරි විදූශා ඇතුලු සෙට් එක බස් එකට නැග්ගාට පස්සෙ මල්බණ්ඩා කෙලින්ම ආවෙ පුරුපුරු හිටපු තැනට.

මල්බණ්ඩා :- මේ පුරුපුරු, උඹ හොඳ වැදගත් කොල්ලෙක් කියලා මම දන්නවා. ඒකයි මම උඹ එක්ක මෙහෙම කෙලින්ම කතා කරන්නෙ.

පුරුපුරු :- ඔව් ඔව්!! මොන චාටර් වැඩේ කළත් මම උඹට වඩානං වැදගත් වැඩ තමයි කරන්නෙ

පුරුපුරු මෙහෙම කිව්වාම මල්බණ්ඩාගෙ කලු මූණ දම්පාටවෙලා ගියාලු.

මල්බණ්ඩා :- මට ඒවා වැඩක් නෑ ඕයි, තමුසෙ පොඩි එකෙක් හින්දා හොඳින් කියලා බැලුවෙ. විදූශා ඉස්සර උඹේ කෑල්ල වෙන්න ඇති. ඒත් දැන් ඒකි මගෙ කෑල්ල. උඹට ඕනෙනං මම ඒකිට ගේම දුන්නට පස්සෙ ආපහු දාගනින්

පුරුපුරු :- ඇයි උඹ හෙන අයියෙක්ද මට පොඩි එකා කියන්න? විදූශාව මට ඕනෙ නෑ ඕයි. මට ඊටවඩා හොඳ කෑල්ලක් දාගන්න පුලුවන්. ඇයි උඹ මට මොනවා කරන්නද? මට ගහන්නද? පුලුවන්නං ගහපන්

මෙහෙම කියලා පුරුපුරු අඩියක් ඉස්සරහට තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ පුරුපුරු හිටියෙ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින් පුපුර පුපුරා. ඉතිං පූසාගෙ මූණෙ තිබුන කෝපාවිෂ්ට බැල්ම අනුව, දැන් ගහගත්තොත් තමන්ට ලේසිවෙන්නෙ නැති බව මල්බණ්ඩා තේරුම් ගත්තලු. මෑන්ස් කළේ පොඩ්ඩක් ශේප් වෙන්න බලපු එක.

මල්බණ්ඩා :- ඇයි උඹ මට ගහන්නද ඉස්සරහට ආවෙ? මට උඹට ගහන එක ලොකු වැඩක් නෙවෙයි, එහා පැත්තෙ පොලිස්කාරයෙක් ඉන්න හින්දා මම ඉවසනවා.

බැලින්නං මෑන්ස්ගෙ කතාවත් ඇත්ත තමයි. පුරුපුරුයි, මල්බණ්ඩායි හිටපු තැනට ටිකක් එහායින් පොලිස් අංකල් කෙනෙක් ඉන්නවා. මේ වෙලාවෙ පුරුපුරුට මල්බණ්ඩා එක්ක ගහගන්න ලොකු ඕනෙකමක් තිබුනත්, පොලිසියෙන් ඇරෙස්ට් කරලා මේ සිද්දි ගෙදරට ආරංචි වුණොත් වෙන ලැජ්ජාව හින්දා මෑන්ස් තමන්ව ටිකක් පාලනය කරගත්තලු.

පුරුපුරු :- අඩෝ මල්බණ්ඩා, මම ළගදිම උඹට ගැහුවෙ නැත්තං මම පුරුපුරු නෙවෙයි.

පුරුපුරු මෙහෙම කියද්දි විදූශලා වාඩිවෙලා හිටපු බස්එක අද්දන්න ගත්තා. මල්බණ්ඩා දුවලා ගිහින් ඒ බස් එකේ එල්ලුනා. ඉතිං පුරුපුරු කළේ ඊට පස්සෙ බස් එකේ ගම්පහ ගිහින් රොබට් සර්ගෙ පන්තියට යන එක. දැන්නං අපේ පූසාට ලොකු හේතුවක් තියෙනවා මල්බණ්ඩාට ගහන්න. මොකද මෑන්ස් විදූශා එක්ක යාලුවෙච්ච කේස් එකේදි වැරැද්ද විදූශා පිටින් යවන්න පුලුවන් වුණත්, පුරුපුරුට සද්දයක් දැමීම ගැන සියලුම වගකීම බාරගන්න වෙන්නෙ මල්බණ්ඩාටම තමයි.

හැබැයි මෑන්ස්ට ගහනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. මල්බණ්ඩා හැමතිස්සෙම ඉන්නේ දහයක විතර කොල්ලො සෙට් එකක් පිරිවරාගෙන. ඉතිං මේ සිද්දියෙදි රෝහණදීරගෙ සහයෝගය ගන්නම වෙනවා. අන්තිමට පුරුපුරු තීරණය කළේ එදා හවසම ගිහින් රෝහණදීරව මුණගැහෙන්න.

කොහොමහරි, නරක ආරංචිවලට තටු තියනවා කියලා අපේ පුරුපුරු හරියටම දැනගත්තෙ එදා තමයි. මොකද මෑන්ස් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න කියලා ගම්පහ බස්ටෑන්ඩ් එකට එද්දි, දන්න කියන ඔක්කොම කට්ටිය මෑන්ස්ගෙන් අහන්න ගත්තෙ කලින් දවසෙ වෙච්ච සිද්දිය ගැන. ඇත්තටම හොඳ යාලුවො විදිහට, උදව් කරන්න බලාගෙන මේ ගැන අහපු අයත් හිටියා. ඒ වගේම පස්සෙ හිනාවෙන්න බලාගෙන මූණිච්චාවට මේ ගැන අහපු කට්ටියත් හිටියා. අන්තිමට ඉතිං බස් එකට නගිද්දි පුරුපුරු හිටියෙ මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තරදීලා හෙම්බත් වෙලා.

ඇත්තටම හැමෝටම තිබුන ප්‍රධාන ප්‍රශ්නෙ වුණේ පුරුපුරුට වෙච්ච කරදරේ මොකද්ද කියන එක නෙවෙයි, ඇයි විදූශා පුරුපුරුව මල්බණ්ඩාගෙ ගානට දැම්මෙ කියලා. කොහොමහරි ඉතිං කට්ටියගෙ කරදරෙන් මිදිලා පූස්ගමට ආවයි කියමුකෝ. බස් එකෙන් බැස්ස ගමන් පුරුපුරු වටපිට නොබලා කෙලින්ම ගියෙ රෝහණදීර නිතරම ඉන්න කඩේට. පුරුපුරු එනවා දැක්ක රෝහණදීරට ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටම.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, මම බලාගෙන උන්නෙ උඹ එනකං. කොහොමත් උඹ ආවෙ නැත්තං මම හවස ගෙවල් පැත්තෙ එන්න හිටියෙ.

බලාගෙන ගියාම පුරුපුරු ඇවිත් තියෙන්නෙ හොඳ වෙලාවට. රෝහණදීර ගෙදර ආවනං පුරුපුරුට ගෙදර මිනිස්සුන්ට දෙන්න උත්තරයක් නැතිවෙනවා.

රෝහණදීර :- මට ඔක්කොම ආරංචි වුණා බං! මම උඹට කලින්ම කිව්වනෙ සීන් එක.

පුරුපුරු :- ඒවා දැන් පරණ කතා අයියෙ. මට මල්බණ්ඩාට ගහන්න ඕනෙ.

රෝහණදීර :- මේකනෙ මල්ලි කේස් එක. කෙල්ලෙක්ගෙ කේස් එකකට අපි තව කොල්ලෙක් එක්ක වලි දාගන්න එක හරි නෑනෙ.

පුරුපුරු :- කෙල්ලෙක්ගෙ කේස් එකකට නෙවෙයි, අද උදේ මල්බණ්ඩා මට බස්ටෑන්ඩ් එකේදි සද්දයක් දැම්මා.

රෝහණදීර :- මොනවා!!!... මූ මෙච්චර දේකුත් කරලා තව උඹට සද්දත් දාන්න???

ඉතිං මේ සිද්දිය ඇහුවා විතරයි රෝහණදීරට යක්ෂයා ආරූඪ වුණාලු.

රෝහණදීර :- මම හිතන්නෙ අද ඌ ටවුන් එකේ නෑ. පොර හෙට තමයි එන්නේ. හෙට මම ඌට දෙන්නං ආයි මේ පැත්තෙ එන්නෙ නැති වෙන සයිස් එකේ ගේමක්. උඹ දුක්වෙන්නෙ නැතුව හිටපං

පුරුපුරු :- නෑ අයියේ! මම තමයි මල්බණ්ඩාට ගහන්න ඕනෙ. උගෙ දත්ටික බඩට යවනකං මට කිසිම සැනසිල්ලක් නෑ.

රෝහණදීර :- හරි, උඹේ කැමැත්තක්. හෙට හවසට අපේ කඩේට වරෙන්

අන්තිමට වලියට දිනයක්, වෙලාවක් එහෙමත් සෙට් වුණා. පුරුපුරුට දැන් ඉවසිල්ලක් නෑ මල්බණ්ඩාට ගහනකං. මෑන්ස් කළේ ගෙදර ගිහින් තමන්ගෙ පන්චිං බෑග් එකට හිතේ දුක නැතිවෙනකං තඩිබාපු එක. (මේ දවස්වල අපේ පූසා පොඩි මාෂල් ආට් පන්තියකටත් ගියාලු)

පහුවදා හවස ඉතිං පුරුපුරු රෝහණදීරගෙ කඩේට ගියෙ මල්බණ්ඩාට අම්බානට නෙලන්න බලාගෙන. යනකොට රොහණදීර තව කොල්ලො දෙන්නෙක් එක්ක කඩේ ඇතුලෙ හිටියා. ටික වෙලාවකින් වලිය ගැන පුරුපුරුගෙන් ආරංචි වෙලා හිටපු උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායිත් ඔතෙන්ට ආවා.

‍රෝහණදීර :- අන්න මල්බණ්ඩා පොළ ළග ග්‍රව්න්ඩ් එක අයිනෙ මල් ගහනවලු. අපි එහෙනං වැඩේට යමු නේද?

පුරුපුරු :- අපි කට්ටිය විතරක්?

රෝහණදීර :- හික් හික්!! ඇයි උඹ කලින් දැකලා තියෙනවද මම හෙන සෙට් බස්සලා වලියට යනවා?

ඇත්තටම රෝහණදීර වලියකට යන්නෙ දෙතුන් දෙනෙක් එක්ක. මෑන්ස්ට ඉතුරු සගයො ටික හම්බවෙන්නෙ අතරමගදි. ඉතිං මෙතෙන්දි වුණෙත් ඒකමයි.

කඩෙන් එළියට බැස්සෙ හත් දෙනයි. ඒත් කට්ටිය පොළ ගාවට යද්දි විස්සක් විසිපහක් විතර කට්ටිය රෝහණදීර එක්ක හිටියා. එතන හැමෝම වගේ හිටියෙ නොම්මර එකේ මැර ඩයල්. බස් කොන්දොස්තරලා, රටකජු වෙළෙන්දො, මාලු ලෑල්ලෙ කට්ටිය, නිකම්ම බස්ටෑන්ඩ් එකට වෙලා ඉන්න කොල්ලො එහෙම තමයි රෝහණදීරගෙ සෙට් එකේ ඉන්නෙ. කට්ටිය යන ගමන් ඒ වගේ සාමාජිකයෙක් දැක්කොත්

" මචං අපේ කොල්ලෙක්ට පොඩි කේස් එකක්. යමු නේද? "

කියලා රෝහණදීර අහනවා. එතකොට ඉතිං අදාල පුද්ගලයා කිසි කතාවක් බහක් නැතුව කෙලින්ම ඇවිත් ටීම් එකට සෙට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වලියට කට්ටිය එකතු වුණේ.

කොහොමහරි රෝහණදීර ඇතුලු කට්ටිය එන හැටි ඈත තියාම මල්බණ්ඩා ඇතුලු මල් සෙට් එක දැක්කා. දැන් ඉතිං තමන්ට බඩු පැකට් බවට තේරුම් ගන්න මල්බණ්ඩාට ආයි දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ. තමන් එක්ක ඉන්න දහදෙනා - විශේෂයෙන් මල් ගැහුවාටත් පස්සෙ - රෝහණදීරලා එක්ක වලියට කොහොමවත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ කියලා මල්බණ්ඩාට තේරුනා. ඉතිං මෑන්ස්ට තිබ්බ එකම විකල්පය තමයි ශේප් වෙන්න කතා කරන එක.

මල්බණ්ඩා :- මචං රෝහණදීර, උඹ කෙල්ලෙක්ගෙ කේස් එකකට නේද මේ මට ගහන්න එන්නෙ. මොකද්ද බං?

රෝහණදීර :- නෑ නෑ! උඹ ඊයෙ පුරුපුරුට සද්දයක් දාලා තියෙනවා.

මල්බණ්ඩා :- ඉතිං ඌ මගෙ කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට මට සද්ද දාන්න වෙනවනෙ බං.

ඇත්තටම සෙට් එකක් එක්ක ඇවිත් කාටහරි ගහනවයි කියන්නෙ මහලොකු වීර ක්‍රියාවක් නෙවෙයි. ඒත් මල්බණ්ඩා වගේ වැඩිමල්, පිරිස් බලය අතින් පූසන්ට වඩා ශක්තිමත් ඩයල් එකකට ගහද්දි, පුරුපුරුට ඒ ක්‍රමය අනුගමනය කරන්න වුණා. කොහොමහරි මල්බණ්ඩා අන්තිමට කියපු කතාවෙන් සිද්දවුණේ පුරුපුරුගෙ ෆ්ලවර් එක නස්තාර් වෙන්න ජම්ප් වෙච්ච එක

පුරුපුරු :- උඹ කො‍හොමද යකෝ එහෙම කියන්නෙ? ඒකි පෙරේදා වෙනකං මගෙත් කෑල්ල.

මල්බණ්ඩා :- ඒ වුණාට ඒකි දැන් මගේ කෑල්ල

මල්බණ්ඩා මෙහෙම කිව්වට පස්සෙ තවත් ඉවසන් ඉන්න පුරුපුරුට පුලුවන්කමක් තිබුනෙ නෑ.

" මොකද්ද යකෝ කියන්නෙ? "

පුරුපුරු මල්බණ්ඩාගෙ ඇගට කඩාගෙන පැන්නා. වලිය සුභ මොහොතින් පටන් ගත්තා. මල් ගහලා හිටපු මල්බණ්ඩාගෙ යාලුවන්ට අම්බානට නෙලන්න රෝහණදීර ඇතුලු කට්ටියට කිසිම මහන්සියක් වෙන්න ඕනෙ වුණේ නෑ. ඒ වුණත් පුරුපුරුගෙ ඇටෑක් එක බලාපොරොත්තුවෙන් හිටපු මල්බණ්ඩා, පුරුපුරු තමන්ගෙ ඇගට පනිද්දිම අත මිට මොළවලා පුරුපුරුගෙ මූණට එකක් ගැහුවා. එකපාරටම අපේ පූසාගෙ කටට දැනුනෙ ලේ රහක්. මේ වැඩෙන් පුරුපුරුගෙ පියවි සිහිය නැත්තටම නැතිවුණා. මෑන්ස් කළේ පිස්සුවෙන් වගේ මල්බණ්ඩාට නෙලාගෙන නෙලාගෙන යන එක.

මල් ගහලා හිටපු මල්බණ්ඩා ආපහු ඇටෑක් කරන්න කලින්, පුරුපුරුගෙ මිට මොළවපු දකුණු අත මෑන්ස්ගෙ මූණ හරහා දෙපාරක් ඇදිලා ගියා. පාරෙ සැරටත් වඩා මල්වල සැරටද කොහෙද මල්බණ්ඩාට බැලන්ස් නැතිවෙලා බිම ඇදගෙන වැටුනා. පුරුපුරු කළේ බිම වැටුනු තමන්ගෙ දුෂ්ටයාට හිතේ හැටියට ගහපු එක. ඒ අස්සෙ උපාසක, මාලුකට්ටා සහ ඤාව්වාත් නිර්භීතව සටන් කළා. කොහොමහරි වලිය ගොඩක් වෙලා තිබුනෙ නෑ. ඕනෙනං විනාඩි දෙක තුනක් තියෙන්න ඇති. හැබැයි ඒ වෙනකොට පුරුපුරු මල්බණ්ඩාට අම්බානට නෙලලා ඉවරයි.

" ඇති ඇති යකෝ! උඹ මූව මරන්නද හදන්නෙ? "

වලිය ඉවරවුණේ රෝහණදීර ඇතුලු කොල්ලො දෙතුන් දෙනෙක් පුරුපුරුව ඇදලා පැත්තකට කළාට පස්සෙ. මේ වෙද්දි මල්බණ්ඩාට උතුර දකුණ මාරුවෙන ගානට වැදිලයි තිබුනේ. පුරුපුරුගෙත් අර මල්බණ්ඩා ගහපු පාරට තොල පැලිලා ලේ එනවා. කොහොමහරි මල්බණ්ඩාගෙ කට්ටියට නෙළලා රෝහණදීරගෙ සෙට් එකයි, අපේ පූසො සෙට් එකයි ගෙවල් බලා පිටත් වුණාලු. වලිය තිබුනෙ ටිකක් පාලු ඒරියා එකක හින්දා වැඩේට පොලිසියෙන්වත්, මිනිස්සුන්ගෙන්වත් බාධා ඇතිවුණෙත් නෑ.

ඔහොම තමයි අපේ පුරුපුරු තමන්ගෙ හිතට පොඩි හරි සහනයක් උදාකරගත්තෙ.

33 comments:

  1. කතාවෙ තව කොටසක් තියෙයි නේද. මේකෙන් නතර කරන්න එපා. හේතු පාඨ කියලම නවත්තන්න හොඳේ.

    ReplyDelete
  2. උබලා මැරයොනේ බං බයෙත් බෑ මේ පැත්තේ එන්න....

    ReplyDelete
  3. Ela kiri.Com
    onna ohoma thamai nelanna one..ela..ela malli

    ReplyDelete
  4. මම නම් බ්ලොග් කියවනවා විතරයි. බ්ලොග් ලියන්න දන්නෙ නෑ. ඒනිසා මේකෙ තාක්ෂණය දන්නෙත් නෑ. ඛොහොම උනත් මේ කතා ටික වෙන් කරන්න ක්‍රමයක් හොය ගත්තොත් හොඳයි කියල මම යෝජනා කරනවා

    ReplyDelete
  5. Machan What happens to Poor ඉස්සා ?

    ReplyDelete
  6. මචන්, බොක්කෙන්ම පට්ට කතා ටිකක් මේ ටික...
    ගින්දර වැඩක් :e ... උබලට මේක දිගටම කරන්න ශක්තිය දෛයිරිය ලැබෙන්න ඕනේ !!!
    මේකෙ තව කොටසක් තියෙනව නේද? එකත් අදම දාපන්කො බන්? :n

    ReplyDelete
  7. එල කිරි. කොහොමත් මම ලෑස්ති වෙලා හිටියේ උඹ ඔය මල්පො***ට දෙකක් ඇන්නේ නැත්නම් සෙට් එකක් බස්සල ගේමක් දෙන්න. බොලාලට රිටර්න් එකක් එහෙම හම්බුනේ නැතෙයි?

    ReplyDelete
  8. අම්මෝ බයේ බෑ මේ පැත්තේ එන්න. අපටත් නෙලයිද දන්නේ නෑ පුරු පුරුලා....:a

    ReplyDelete
  9. මල් බණ්ඩගේ රේණු හැලෙන්න නෙලල තියෙන්නේ.. මල් කුමාරිටත් දෙකක් ඇන්න නම් තමයි හොඳ.. :t

    ඉතුරු ටිකත් රෑ වෙනකොට වත් බලන්න තිබුනොත් හොඳයි... :e

    ReplyDelete
  10. දැකපු පුරු පුරුගෙ නම් ඔච්චර වස පෙනුමක් තිබ්බෙ නෑ.
    එල එල ඕකා කියපු ටිකට ගහන්නම ඕනි.
    පසුකතාවත් දානව නේ මචෝ

    ReplyDelete
  11. ජය වේවා !! :t :t :t

    මම බලා පොරොත්තු උනෙත් මෙන්න මේ වගේම වලියක් තමයි ..අන්න එහෙම තමයි ඉන්න ඕන , ගේමනං ගේම , බොක්ක නං බොක්ක

    පුරු පුරු මැරයෙක් වගේ .?

    මල් බන්ඩයට මල පහ වෙන්න ඇති නේද ? හ

    ReplyDelete
  12. Maxxaa.... Waiting for the next part eagerly... !

    ReplyDelete
  13. මමනම් ආයෙ ගම්පහ පැත්ත පලාතෙ යන්නෙ නෑ.කිව්වත් වාගෙ උඹල හෙන මැරයොනෙ බං.

    හික්....හික්...මල්බණ්ඩ මලක් ගහල ඉන්න වෙලාවෙ උඹල නෙලපුවාම ඌට ඩබල් වෙන්න ඇති.

    ReplyDelete
  14. මගේ මේ පළමු බ්ලොග් ගඩොල් විසිට් 1. පළමු සීරීස් 1. ඔලුව ගිනි අරන් දගලන වෙලාවලට කියවල හිනා වෙන්න පුළුවන් සිර බ්ලොග් 1 ක් ....... ඔයාලගේ වචන වලින් කියනවා නං "එල කිරි වැඩක්!"

    ReplyDelete
  15. මම යනෝ ඊළඟ කොටසට :b

    ReplyDelete
  16. ඊළග එකේදි හම්බවෙමු.

    ReplyDelete
  17. හුරේ පුරුපුරුගෙ රිට්ර්න් එක නම් එල,,ඔහොම තමා ඔහොම උන්ට සලකන්න ඕනා

    ReplyDelete
  18. "ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන" ඊලග එකෙන් කියන්නම් :b

    ReplyDelete
  19. ආයෙමත් ඔන්න එකදිගට කියොගෙන ගියා... හොද වැඩේම තමා මල්බණ්ඩාට නෙලපු එක.. කෙල්ලෝ උනත් කොල්ලො උනත් ඔය වගේ වැඩක් කරන එක නම් පව්..එ උනාට මොකෝ කොමත් පහක් හයක් හැලිලා හොදම එක්කෙනා කව්දාහරි ලැබෙයි නෙ...

    ReplyDelete
  20. ගහල මදි ඕකව මරන්න වටින්නෙ :h

    ReplyDelete
  21. @පිණිබිඳු.., Ano, Dakshina,
    පූසා,Praසන්ன, ItalyDilan - තෑන්ක්ස් යාලුවනේ, ඔන්න ඊලග එකත් දාල තියෙන්නෙ. සොරි වෙන්ට ඕනෙ රිප්ලයි පරක්කු වුනාට!!

    @ ඇනෝලා හැමෝටම- බොහොම ස්තූති වේවා!! ඉස්ස ගැන කතා තව ඉස්සරහට තියෙනව යාලුවනේ..

    @කොඩී- එදා පුරු පුරු හිටිය තරහෙ හැටියට පුලුවන් කමක් තියෙනවනම් මරලත් දාවි.. :)

    ReplyDelete
  22. MaRLaN & priyantha.ඒබී- පිස්සුද බං පූසො හරිම අහිංසක කස්ටියක්!! ඒත් මොකාගෙ වුනත් අහිංසක කමට සීමාවක් තියෙනවනෙ..

    @ගිහාන්- ගෑණුන්ට ගහන්න බෑනෙ බං, මොනා වුනත් ඒකි විහින් වලේ වැටුන එකනෙ වුනේ!!

    @නිශ්- කොහොමත් අපි අහිංසකයිලු ඉතින්!! හික්ස්! ඒත් ඉතිං ඕවගෙ වෙලාවට තරහ යන්නෙ නැත්තෙ කාටද..

    @හිස් අහස- අනිවා!! හික්ස්...!

    ReplyDelete
  23. @thegreenvalleymaid- බොහොම ස්තූතියි යාලු, දිගටම අපිත් එක්ක ඉන්න..

    @dinesh- ඒත් රිදුනා මදිද දන්නෙත් නෑ..:)) අපෝ අපිනම් අහිංසක පූසො ඔන්න..!

    @DarKneT | ඉෂාර- එල!!

    @නිම්ශා- අනිවා! ඒ කතාවටනම් පූසොත් එකගයි, වෙන්න තියෙන දේ වෙනවමනොවැ, යන එකා යනවමයි!!

    ReplyDelete
  24. ෂා එල පූසෝ සෙට් එකක්නේ :f :f :f

    ReplyDelete
  25. ඒ බොල මං කමෙන්ට් කරේ නැතුවද මන්දා මේකට.

    පට්ටයි බං...

    (මට මතකයිනේ මං මොනහරි දැම්මා කියලා)

    ReplyDelete
  26. මල්ලි ආදරේ කියන කසාය බොනකොට රාගය කියන අනුපාන නොදැම්මම දාසයෙ මාසයෙ කාලෙ කෙල්ලො ඔහොම කරනව. ඒ වගේම ආයි හතලිහෙ ආන්ටිලත් එහෙමම තමයි. කටුක සත්ය ඒකයි. ( මෙහෙම නැති උං ඉන්නව කියන්න එපා - ඉන්නවනං ඒ ලෙඩ්ඩු විතරයි )

    ReplyDelete
  27. @prasanna86k- සමහරවිට වෙන කොටසකට වෙන්න ඇති මචෝ!!

    @ඉන්දික උපශාන්ත- අනේ මන්දා ඒ කාලෙ ඉතින් අපි ඕව මුකුත් නොදන්න අහිංසක පෙම්වතුන් වගේ ඉන්න ඇති අයියා..:))

    @හසී- අනිවා.. :b :b

    ReplyDelete
  28. ගහනවා කියලා ඔහොමත් ගහනවද ඕයි....
    හික් හික්

    ReplyDelete
  29. ලොවෙත් නෑ පට්ට... film එකක් ගැහුවොත් නරකද? :D

    ReplyDelete
  30. මෙන්න පූසන්ගේ මාධ්‍ය ප්‍රකාශකගෙ පින්තූරයක් මේකටත් දාල. මම ඔය පින්තූරෙම දැම්මා කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂම පෝස්ට් එකටත්

    මෙන්න ලින්ක් එක

    http://status-chanaka.blogspot.com/2011/03/blog-post.html

    ,,

    ReplyDelete
  31. මෙන්න පූස් මධ්‍ය ප්‍රකාශකගෙ පින්තූරෙ මේකටත් දාලා. මම ඔය පින්තූරෙම දැම්ම කොල්ලා, බල්ලා, කෙල්ල සහ පූසා පිළිබඳ අතිවිශේෂ මකර අධිරාජ කොමිෂම ටත්. ගඩොල් පූසෝ එකෙක්වත් සාක්ෂි දෙන්න ආවෙත් නෑ. මෙන්න කොමිෂමට යන පාර

    http://status-chanaka.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  32. puusoo balu widiyatanee gahala thiyenne! mage hithata hari madi! mona dee unath kelaganna eka hari madi needa? :(

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???