අඹ යාලුවෝ

Monday, July 21, 2014

පූස් අතීතාවර්ජන



අවුරුදු දෙකකට පස්සෙ පොඩි නිවාඩුවකට පුරුපුරු ලංකාවට ආවා. උදේ පාන්දරින්ම අහස් යන්තරෙන් බැස්ස ගමං පූස්ගමට තමයි ගියේ. වටපිටාවෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. පූස්ගම එදාට වඩා දියුණුයි. ගෙදර ආපු හැටියෙම පොඩි වොෂ් එකක් දාලා පූස්ගම ටවුමට ගිය එක තමයි අපේ යාලුවා කළේ. වෙනදා ටවුමෙ ඉන්න යාලුවො, රස්තියාදුකාරයො, වෙළෙන්දෝ කවුරුත් පේන්න හිටියෙ නෑ. අලුත් සෙට් එකක් ඇවිත් ඒ හැමෝම රිප්ලේස් කරලා.  

පුරුපුරුට දවස් කීපයක්ම ගතවුණා දවල් රෑ මාරුවෙච්ච ගතිය ඇරගන්න. ඒ මදිවට හැතැක්ම, රාත්තල්, ගැලුම් වලට අමාරුවෙන් පුරුදුකරගෙන හිටපු ඔලුකට්ට ආපහු මෙට්‍රික් ක්‍රමයට ඇජස්ට් කරගන්න වුණා. දැන්නං ඒ වැඩ ටික හරි. පුරුපුරු ලංකාවට එන්න සති කීපෙකට කලින් උපාසක කාන්තාරෙ රටකට ගියා රස්සාවකට. ඤාව්වයි, මී කතුරයිත් ෆ්‍රී වෙන්නෙත් වීක්එන්ඩ් එකේ විතරයි. ඉතිං ඉස්සර වගේ හිතිච්ච වෙලාවට යාලුවො එක්ක සෙට් වෙන්න දැන් බැහැ. යාලුවන්ට බිසී වීමට අමතරව පුරුපුරුත් ඉතිං දැන් පවුල්කාරයා නෙව.

ඉස්සර පූසොත් එක්ක සෙට් වෙච්ච යාලුවො, වලි දාගත්තු හතුරො වැඩිදෙනෙක් පූස්ගම දැන් නෑ කියලා තමයි ඤාව්වා කිව්වේ. ඒ අය එක්කො රස්සාවලට හරි, කසාද බැඳලා හරි පූස්ගමින් යන්න ගිහිං. සමහරු රට ගිහිං. ඔය වෙලාවට තමයි ඉතිං හිතෙන්නෙ අඳුරන්නෙම නැති මිනිස්සු ඉන්නවට වඩා දන්න හතුරෙක් හරි හිටියනං හොඳයි කියලා.

දන්න යාලුවෙක් එක්ක සෙට් වුණත් කතාකෙරෙන මාතෘකා ඉස්සර කතා කරපුවා නෙවෙයි. වෙඩින් ගන්න ඒවා, වාහන, ඉන්ධන මිල ගණන් ගැන තමයි දැන් කට්ටියගෙ කතාව. ඉස්සර කරපු මගෝඩි වැඩ අතඇරලා කස්ටිය පිළිවෙළක් වෙලා වගේ තමයි පේන්නේ. කොහොම වුණත් පූසොත් එක්ක සෙට් වෙලා ඉස්සර ෆේස් කරපු අප්සට් සිද්දි තමයි පුරුපුරුට තවමත් වටින්නේ. ළඟදි මෑන්ස් දැක්කා බුකියෙ කවුද කියලා තියෙනවා කොච්චර පන්තිකාමරේ ඇතුලෙ ඉගෙනගත්තත් කවදාහරි මතකෙ රැඳෙන්නෙ ඉස්කෝලෙ කරපු දඟ වැඩ ටික තමයි කියලා. ඒ කතාවනං සහතික ඇත්ත.

පාරෙ ඇවිදිද්දි පරණ මතක ආපහු ඔලුවට එනවා. ගම්පහ ටවුන් එකත් දැන් වෙනස් කරලා. වොලිබෝල් පිළිමෙ පේන්න නෑ. පූසන්ගෙ මතක ගබඩාවක් වෙච්ච පරණ බස්ටෑන්ඩ් එකත් කඩලා තිබුනා. අලුත් බස්ටෑන්ඩ් එකේ දැන් ක්ලාස් යන ළමයි එයාලාගෙ මතක ගබඩා කරනවා. තව අවුරුදු ගානකින් එ් අයත් මෙහෙමම කියයි.

ටිකට් ගිනි ගනං වුණත් ලංකාවට ආපු එක ගැන පූසාට සතුටුයි. ඉස්සරහ දවස්ටිකේ යාලුවො එක්ක හොඳ ට්‍රිප් එකක් එහෙම ගිහිං ෆන් එකක් ගැනීම තමයි පූස් ප්ලෑන් එක. ඒ වගේම තුම්මුල්ල සක්වල තක්සලාව පැත්තෙ ගිහිං ගුරුවරු එහෙම වුණගැහෙන්නත් ඕනේ. කුරුඳුවත්ත ඉස්කෝලෙ පැත්තෙත් පුලුවන් වුණොත් යනවා. විශේෂයෙන් සතුටුයි ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්න ලැබීච්ච එක ගැන. පූසා අධ්‍යාපනයෙන් බිසී වෙද්දි බ්ලොග් ලිවිල්ල ජෝන් බාස්ට ගියා තමයි. ඒත් දැන්නං ඉස්සරට වඩා පොඩි කාලවේලාවක් ඉතුරු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඉතිං ඉස්සර වගේ දිගටම ලියන්න පුලුවන් වේවි.

එහෙනං හරිහමං ලිපියකින් ආපහු මුණගැහෙමු.

-පුරුපුරු (ඉස්සර බ්ලොග් ලිව්ව පූසෙක්)

27 comments:

  1. සුදු පුසිට කොහොමද?

    ReplyDelete
  2. හම්මේ ඉතින් නේද? අපිඩෙට් වෙලා තියෙනවා දැක්කම දැනුන සතුට අයේ ඉතින් කියලා නිම කරන්න බෑ. අයේ ලියනවනම් හොදා ඉතින්.

    ReplyDelete
  3. හෙන කාලෙකින්... හරි හමං ලිපිය කවද්ද ලියන්නේ දැන් :P

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩි ෆිශාත් දැන් පේන්න නෑ නේද?

      Delete
  4. අප්පේ..... දැක්ක කල්....

    ReplyDelete
  5. අම්මේ උබට බ්ලොග මතක් උනු එක නම් ලොකු දෙයක්,,බ්ලොග් රෝලෙ මේක අප්ඩේට් වෙලා තියනවා දැකලා ඇස් දෙක පිහ දාලත් බැලුවා..මේක හරිමද කියලා...හොදින් ඉන්නවා කියලා හිතනවා කස්ටියම,,ජය මචෝ

    ReplyDelete
  6. අඩේ බාප්පා දැක්කා වගේ සන්තෝසයි! ඩිලාන් කියනවා ව‍ගේ දෙපාරක් ඩබල් චෙක් කරා ‍‍මේ ඇත්තටමද මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් වැටිලා කියලා අප්ඩේට් වෙලා තියෙන්නෙ කියලා. :-)

    ReplyDelete
  7. අප්පේ පුස් රාලලා ආපහු ගඩොල් පෙරලන්ට අරං මරු

    ReplyDelete
  8. මම තාම ඇස් පොඩිකර කර බලනව . . . මේක ඇත්තටම අප්ඩේට් වෙලාද කියල

    ReplyDelete
  9. ටැස්ටිං වන්...

    ReplyDelete
  10. කාලෙකින් නේද?? ඉස්සර වගේ දිගටම ලියන්න පුලුවන් වෙයි කිව්වහම හරි සන්තෝසයි :-)

    ReplyDelete
  11. ඔබ මුණ ගැසීමට කැමැත්තෙන් සිටිමි. කරුණාකර සම්බන්ධ කර ගත හැකි අංකයක් දෙන්න. (ඒ කාලෙ බ්ලොග් එක කියවපු පාඨකයෙක්)

    ReplyDelete
  12. වෙන එවුන් රට ගියාමයි බ්ලොග් ලියන්නේ. පුරු පුරුට බ්ලොග් මතක්වෙලා තියෙන්නේ ගෙදර ආවාමයි!

    Welcome back!

    ReplyDelete
  13. පුරුපුරු ගියේ ඉන්ටර්නෙට් නැති රටකට ද?

    ReplyDelete
    Replies
    1. ලයික් ය. :D

      ඔය හඳ අල්ලපු රට නේද?

      Delete
  14. ප්‍රසා තමා දවසේ ප්‍රස්නෙ අහල තීන්නෙ. දැන් මේක සින්ඩි වලත් නෑ,ගොඩක් උන්ගෙ බ්ලොග් රෝල් වලත් නෑ. ඒත් උඹල ලිව්වොත් ආයෙ ලොවෙත් නෑ.

    ReplyDelete
  15. වෙල්කම් බැක්. මම හිතුව මේක අත්හැරදාල කියල!

    ReplyDelete
  16. විස්තර අහන්න ලැබුන එක සතුටක් මචං. මම හිතුව මේක අතැරලා දල කියල.

    ReplyDelete
  17. කාලෙකින් ඇහැ කොනකට හරි පූස් අයියෙක් දැක්කේ......

    ReplyDelete
  18. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  19. මල්ලි මේක නවත්වලද? ලියන්නේ නැද්ද දැන්? දන්නා අයියා කෙනෙක්.. :)

    ReplyDelete
  20. ලියන්නැද්ද දැන් මේක..? :(

    ReplyDelete
  21. ලියපන් මල්ලි......!!!

    ReplyDelete
  22. ට්පිස්සුවතියෙන්නෙ අහ් එ...ත් ිු ,ුු බ්ොග්කියෙවුවා

    ReplyDelete
  23. ට්පිස්සුවතියෙන්නෙ අහ් එ...ත් ිු ,ුු බ්ොග්කියෙවුවා

    ReplyDelete
  24. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???