අඹ යාලුවෝ

Sunday, March 10, 2013

තෙක් අහස


ටික වෙලාවක ඉඳන් අමුතු සද්දයක් දදා හිටපු කොමියුනිකේෂන් එකේ ප්‍රින්ටරේ එකපාරටම නතරවුණේ පුරුපුරුගෙයි ආකාස්ගෙයි පපු බොයිල් වෙන ගානට රත් කරමිනුයි. 

“අයියෙ මේ වඳින්නං ඉක්මනට මගෙ ප්‍රින්ටවුට් ටික අරන් දියං බං“

ආකාස් ඒ අස්සෙ කොමියුනිකේෂන්කාරයාට පිංසෙන්ඩු වෙනවා.

“හරි හරි මල්ලි මට විනාඩි දහයක් දෙන්න. මම කොහොමහරි වැඩේ කරල දෙන්නං“

කොමියුනිකේෂන් අයියත් දැන් ටිකක් බයවෙලා. පැත්තක ඉන්න පුරුපුරුටත් අම්බානට බයයි වගේම ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නේ. අවුරුද්දක් තිස්සෙ මහන්සි වෙලා කරපු වැඩ ටික ඔක්කොම වතුරෙ යයිද?

**********************************************************************************

පුරුපුරු සහ ආකාස් කියන්නෙ හොඳ යාලුවො දෙන්නෙක්. මේ දෙන්නම ඉගෙනගත්තෙ තුම්මුල්ල සක්වල තක්සලාවෙ හතරවෙනි අවුරුද්දෙ. ඒ වගේම මේ වෙද්දි මේ අය හිටියේ තමන්ගෙ උපාධියෙ අවසාන දවස් කීපය ගත කර කර. ඕනෙම විශේෂ උපාධියක වගේ අපේ යාලුවන්ගෙ උපාධියෙත් අවසාන අවුරුද්ද පුරාම දුවන ප්‍රොජෙක්ට් එකක් කරන්න තිබුනා. පුරුපුරුට තිබුනෙ එක්තරා නන්නාඳුනන ප්‍රෝටීනයක් සෛල ඇතුලෙ කරන්නෙ මොකද්ද කියලා හොයන්න. ආකාස්ට තිබුනේ ඒ ප්‍රෝටීනයම සෛල ඇතුලෙ තියෙන්නෙ මොන ඒරියා එකේද කියලා හොයන්න. ඉතිං මේ අවුරුද්ද පුරාවටම අපේ යාලුවො දෙන්නා බොහොම සහයෝගයෙන් එකට එකතු වෙලා තමයි තමන්ගෙ රිසර්ච් කළේ.

හැබැයි ඉතිං මේ අයට තිබුන අවුරුද්දක කාලෙ ඇතුලත, තිබුන පහසුකමුත් එක්ක මේ වැඩ දෙකෙන් එකක්වත් සම්පූර්ණ කරන්න පුලුවන්කම තිබුනෙ නෑ. ඒත් දෙන්නාටම පුලුවන් වුණා ඒ අවුරුද්ද ඇතුලත අලුතින් ලොකු වැඩ කොටසක් කරන්න. ඉතිං මේ කියන දවසෙ තමයි පුරුපුරුලාට තමන් කරපු රිසර්ච් එකට අදාල ව්‍යාපෘති වාර්තා බාර දෙන්න තිබුනේ. හැබැයි ඒ බාරගන්නෙ හවස තුනට කලින් බාරදෙන තීසිස් විතරයි. තුම්මුල්ල සක්වල තක්සලාවෙ පුරුපුරුලා හිටපු ඩිපාර්ට්මන්ට් එක වෙලාවට වැඩ කිරීම ගැන බොහොම සැලකිලිමත් තැනක්. ඉතිං අපේ යාලුවො දැනගෙන හිටියා හවස තුනයි එකට මේක බාරදුන්නත් ඩිපාර්ට්මන්ට් එකෙන් බාරගන්න එක බොරුයි කියලා.

ඒක හින්දා තමයි අන්තිම දවස් කීපෙම අපේ පුරුපුරු රෑට නිදාගන්නෙත් නැතුව මේ වාර්තාව හැදුවේ. කොහොමහරි ඉතිං අපේ පූසාට පුලුවන් වුණාලු නියමිත දවසෙ උදේ වෙද්දි වැඩේ ෆිනිෂ් කරන්න. මෑන්ස් ෆයිල් ටික පෙන් එකේ දාගෙන ප්‍රින්ටවුට් ගන්න යන්න හදද්දි තමයි ආකාස්ගෙන් කෝල් එකක් ආවේ.

“මචං පුරුපුරු, උඹ ප්‍රින්ටවුට් ගත්තද?“

“නෑ, මම මේ ගන්න හදන්නෙ. උඹ?“

“මමත් තාම ගත්තෙ නෑ. උඹ එහෙනං කොළඹ එන ගමන් මහරගමින් බැහැපන්. මෙහෙ ලාබෙට ප්‍රින්ටවුට් ගන්න තැනක් තියෙනවා“

“ආ.. එළකිරි..මම බැහැලා උඹට කෝල් එකක් දෙන්නං“

ඉතිං ඔය විදිහට පූස්ගමින් ප්‍රින්ටවුට් ගන්න අයිඩියා එක අතඇරපු පූසා මහරගම යන්න පිටත් වුණාලු.

මෑන්ස් මහරගමින් බහිනකොට වෙලාව උදේ එකොළහමාරට විතර. හිතුවට වඩා ටිකක් පරක්කුත් වෙලා. කොහොමහරි පුරුපුරු ආකාස් කියපු තැනට ඇවිත් ටික වෙලාවක් යද්දි ආකාසුත් එතනට ආවලු. ඊටපස්සෙ තිබුනෙ පුරුපුරුගෙ පිටු එකසිය ගානක් තිබ්බ වාර්තාව ප්‍රින්ට් කරන එක. ඒ වැඩෙත් ඉතිං පැය බාගයක් විතර යද්දි ඉවරවුණාලු. ඊටපස්සෙ තිබුනෙ ආකාස්ගෙ ප්‍රින්ටවුට් ටික ගන්න එක.

කොහොමහරි ඉතිං මේ රිපෝර්ට් දෙක බයින්ඩ් කරනකොට තමයි ආකාස් දැක්කෙ තමන්ගෙ පිටු කීපයක් තාමත් එඩිට් කරලා නැති බව. දෙලෝ රත්වෙච්ච ආකාස් කොමියුනිකේෂන් එකේ අයියගෙනුත් සමාව අරගෙන ආපහු පටන්ගත්තලු වාර්තාව එඩිට් කරන්න.

මොකක්හරි දෙයක් වැරදෙන්න ගත්තම ඒකට අදාල හැමදේම වරදින්න පටන්ගන්න බව සමහරවිට ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති. මෙතෙන්දි අපේ ආකාස්ට වුණෙත් ඒ වැඩේමයි. පොර ටයිප් කරන්න පටන්ගත්ත වෙලේ ඉඳන් “වර්ඩ්“ සොෆ්ට්වෙයාර් එකේ අවුලක්. කොහොමහරි මෑන්ස් අමාරුවෙන් වැඩේ ඉවරකරද්දි දෙකට විතර ඇති.

මේ වෙද්දිනං අපේ පූසාගේ හාර්ට් එක ෆුල් බීට් වෙවී තිබුනේ. තීසිස් එක බාර දෙන්න තව තියෙන්නේ පැයයි. උපාධි නිබන්දනය මත තමයි පුරුපුරු ඉගෙනගත්ත ෆීල්ඩ් එකේ ඉස්සරහට ගොඩක් දේවල් තීරණය වෙන්නේ. රස්සාවක් විතරක් නෙවෙයි, උසස් අධ්‍යාපනය ලබන්න වුණත් කරපු රිසර්ච් ප්‍රොජෙක්ට් එක ගොඩක් වැදගත්. මේ වෙද්දි පුරුපුරුගෙ වාර්තාව බයින්ඩ් කරලත් ඉවරයි. ඒත් හැමදාම එකට හිටපු යාලුවාව අසරණ වෙච්ච මොහොතේ තනිකරලා යන්නත් බෑ. ඉතිං ඔය විදිහට ආකාස්ගේ ප්‍රින්ටවුට් ටික ගන්නකොට තමයි ප්‍රින්ටර් එක වැඩ කරන්නෙ නැතුව ගියේ.

**********************************************************************************

දැන් අපේ යාලුවො දෙන්නා දෙලෝ රත්වෙලා ඉන්නේ. හොඳ වෙලාවට කොමියුනිකේෂන් අයියා දන්න දහංගැට ටිකක් දාලා, ප්‍රින්ටවුට් අරගෙන, බයින්ඩුත් කරලා ආකාස්ගෙ තීසිස් එක දුන්නත් මේ වෙද්දි වෙලාව හවස දෙකයි හතළිහයි. තව විනාඩි විස්සක් ඇතුලත වාර්තා දෙක බාරදුන්නෙ නැත්තං අපේ යාලුවො දෙන්නාට හුළං තමයි. බස් එකේ ගියොත් කොහොමත් වෙලාවට කැම්පස් එකට යන්න බෑ. විශේෂයෙන් ඒ වෙලාවට තියෙන ට්‍රැෆික් එකත් එක්ක බැලුවාම. ඉතිං අපේ යාලුවො දෙන්නට ඉතුරු වුණේ ත්‍රීවීල් එකක් අරගෙන යන ඔප්ෂන් එක විතරයි.

කොහොමහරි ඉතිං කඩේ ගාව ත්‍රීවීල් කීපයක්ම තිබුනත් විනාඩි විස්සෙන් තුම්මුල්ලට යන්න එකඟ වුණේ එක ත්‍රීවීල් එකක් විතරයි. ඒත් රුපියල් හත්සීයකට. වෙලාවෙ හැටියට සල්ලි ගැන වාද කර කර ඉන්න විදිහක් තිබුනෙ නැති හින්දා අපේ යාලුවො දෙන්නත් මොනවත් කියන්නෙ නැතුව වාහනේට ගොඩ වුණාලු. හැබැයි මොනවා වුණත්, කීප පාරක්ම හැප්පෙන්න ගියත්, ඒ ත්‍රීවීල් සහෝදරයානං දෙයියෙක්. නයිට් රයිඩර්ගේ බාප්පගෙ පුතා වගේ වීල් එක එළවපු මෑන්ස් ගානට දෙකයි පනස් නමයට කැම්පස් එකට ආවලු. මහාචාර්යවරු දෙන්නෙක්ගේ නවත්තලා තිබුන කාර් දෙකක් මැද්දෙන්ම ත්‍රීවීල් එක ඇවිත් නැවැත්තුවට පස්සේ එළියට බැස්ස අපේ යාලුවො දෙන්නා ඩිපාර්ට්මන්ට් එකට දිව්වේ කඟවේන්නු දෙන්නෙක් වගේ.

කොහොමහරි ඒ වෙද්දිත් තීසිස් බාරදෙන්න කට්ටිය පෝලිමේ. දෙයියො බැලුවා වගේ ප්‍රශ්නයක් නැතුව වැඩේ කෙරුනට පුරුපුරුගේ හිතට සතුටුයි. හිත සැනසිල්ලේ හති අරිද්දි තමයි ආකාස් පුරුපුරුට අමතක වෙච්ච දෙයක් කිව්වේ.

“අද ඩොක්ටර් චාමික වික්‍රමසූරියගෙ ලෙක්චර් එකට යන්නෙ නැද්ද?“

එතකොට තමයි පුරුපුරුට මතක්වුණේ ඒ ලෙක්චර් එක ගැන.

ආචාර්ය චාමික වික්‍රමසූරිය තුම්මුල්ල සක්වල තක්සලාවෙම ආදි ශිෂ්‍යයෙක්. එයා ඒ වෙද්දි අණුක ජීව විද්‍යාව සම්බන්ධයෙන් ඇමරිකාවෙ ඇති ප්‍රධානම විශ්ව විද්‍යාල දහයෙන් එකක සහකාර මහාචාර්යවරයෙක් විදිහට වැඩ කර කර හිටියේ. නිවාඩුවට ලංකාවට ඇවිත් හිටිය ආචාර්ය චාමික කැම්පස් එකට ඇවිත් ගෙස්ට් ලෙක්චර් එකක් කරන බව ළමයින්ට කලින් දැනුම් දීලයි තිබුනේ. ආචාර්ය චාමිකගෙ රිසර්ච් ගැන වගේම ඇමරිකාවෙ උසස් අධ්‍යාපන අවස්ථා ගැන දැනගන්න ආසාවෙන් හිටපු පුරුපුරු කොහොමත් මේ ලෙක්චර් එකට යන්නයි හිටියේ.

“යමු යමු. තව ටිකකින් ලෙක්චර් එක පටන් ගන්නවා“

පුරුපුරු ආකාස්ට උත්තර දුන්නලු.

දෙවන කොටස බලාපොරොත්තුවන්න.

24 comments:

  1. අපොයි යන්තම් එකක් දාලා... :P

    ReplyDelete
  2. ඔය එකක වැරදුනාම හැමදේම පෝලිමට වරදින කතාවනං සම්පූර්න ඇත්ත.

    කොහොමහරි නයිට්රයිඩර්ගෙ බාප්පගෙ පුතාට පිංසිද්දවෙන්න වෙලාවට රිපෝ‍ට් එක බාර‍දෙන්න පුලුවං වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. හැමෝම රිපෝට් හදන්නේ අපි වගේමයි නේ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හම්මේ හෙන කාලෙකින්...

    ReplyDelete
  5. ම් අර ත්‍රීවීල් එකට සල්ලි ගෙව්වේ නැද්ද ?
    ත්‍රීවීල් එක තාම එතනද ?
    මම දැක්කා ගිය සතියේ යද්දිත් එතන ත්‍රීවීල් එකක් තියෙනවා ;) :D :D

    ReplyDelete
  6. කලබලේට කොරස් කටෙත් අත දාගන්න බැහැ නොව

    ReplyDelete
  7. මේක බලනකොට කලින් එකත් මතක නැහැ..

    මූ කොහෙන් පාත් වෙනවද මන්ද

    ReplyDelete
  8. හෆොයි..! විශේෂයෙන් ප්‍රොජෙක්ට් බාර දෙන්න යද්දි ඔය වගේ අකරතැබ්බි අනිවාර්යයි.. අත්දැකීමෙන්ම..
    කොහොම වුණත් වෙලාවට බාරදෙන්න ලැබුණනෙ.. :)

    ReplyDelete
  9. 2013 ට මේ ලිව්වමයි නේද.... ජීවිතේ පට්ට බිසී වගේ...

    ReplyDelete
  10. අලේ,,මේක කියවද්දි මතක් වුනේ මගේ අසයිමන්ට් ටික..

    ReplyDelete
  11. පූස් ජීවිත..........

    ReplyDelete
  12. ඒකට උණ පදුර ලඟ මහා විද්‍යාලෑඅ ගාව ප්‍රින්ට් අවුට්, ෆොටෝ කොපි ගන්න කඩ එමට :D

    ReplyDelete
  13. මගෙ ව්‍යාපෘතියටත් ඔහොම්ම උනා! කොහොම හරි ගොඩ ගියා!

    ReplyDelete
  14. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  15. ඔය project කරන්න ගියාම තරන් මර්ෆි ගෙ ලෝ එක වැඩ කරන්නෙ නෑ වෙන කොතනදීවත්!

    If something can go wrong, it will! :D

    ReplyDelete
  16. සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

    ———————————————————————
    තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
    ———————————————————————-

    http://srisadaham.wordpress.com/
    http://goo.gl/Q1u1Q

    ReplyDelete
  17. මං හිතාන හිටියේ රිපෝ‍ට් වල ප්‍රින්ටවුට් අන්තිම මොහොතේ ගන්න ඉන්නේ මං විතරයි කියලා ............. බලන කොට හැමෝම එහෙමයිනේ

    ReplyDelete
  18. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  19. මොකෑ ලියන්නැත්තෙ?

    ReplyDelete
  20. මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්‍ය වටිනාකම ද ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට ද අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්‍රියා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම සූදානම්. ඇවිල්ලා බලන්න මම කරන මඩ බ්ලොග්වලට. යෞවනයා, විශ්ව දිට්ඨි හා පුංචි කුමාරිහාමි යන බ්ලොග් වලට ඇවිල්ලා බලන්න.

    ReplyDelete
  21. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  22. For free WordPress Themes:
    http://wpthemesonline.blogspot.com/

    ReplyDelete
  23. blog eka atha arala dammada machan?
    dan liyanne nadda?

    ReplyDelete
  24. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???