බ්ලොග් ගඩොල් පටන් ගත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට කලින්. එදා ඉඳන් අද වෙනකම්ම පාඨක ඔයාලා බ්ලොග් ගඩොල් එක්ක රැඳිලා හිටියා. ඉතිං මුල්ම ස්තුතියි එදා මෙදා තුර මේ බ්ලොග් එකට ගොඩ වැදිච්ච හැම දෙනාටම.
දෙවෙනි ස්තුතිය මට මේ බ්ලොග් එක කරගෙන යන්න උදව් කරන අපේ උපාසක සහ ඤාව්වාට.
තුන්වෙනි ස්තුතිය බ්ලොග් එක පටන් ගන්න පිටිවහලක් වෙච්ච ටැබූ, කතන්දර, හා පැටික්කිට.
ඊළඟ ස්තුතිය හැමදාමත් බ්ලොග් ගඩොල් පෝස්ට් වලට කොමෙන්ට් දාන අපේ ආදරණීය මිතුරු කැලට.
*************************************************************************
ඔන්න ඉතිං මම ස්තුති කතා වලින් පස්සේ ප්‍රධාන වැඩේට එනවා. ඇත්තටම බ්ලොග් ගඩොල් සාර්ථකද? බ්ලොග් ගඩොල් වලින් සිංහල බ්ලොග් අවකාශයට දැනෙන යමක් වෙලා තියෙනවද?
බ්ලොග් ගඩොල් සාර්ථකද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ පාඨක ඔයාලා මිසක් මම නෙවෙයි. කොහොම වුණත් ගඩොල් බ්ලොග් එකට පෝස්ට් 150ක් පිරෙන මේ මොහොතේ පොඩි ඇනලයිස් පාරක් දැම්මොත් හොඳයි කියලා මට හිතුනා. ජ්‍යාමිතික සූත්‍රයක් ආශ්රයෙන් තමයි මේ ගණනය කිරීම් කළේ ඔන්න.
සම්පූර්ණ පෝස්ට් - 149
මාසයකට පෝස්ට් සාමාන්‍යය - 5.52
සම්පූර්න හිට්ස් - 211800
පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය - 1421.5
ෆලෝවර්ස්ලා - 462
මුල් මාස 17 පෝස්ට් - 128
මාසයකට පෝස්ට් සාමාන්‍යය - 7.52
අවසාන මාස 10 පෝස්ට් - 21
මාසයකට පෝස්ට් සාමාන්‍යය - 2.1
ඉතිං මේ ස්ටැට් ටික බැලුවාම පේනවා ඉස්සර මාසෙකට සතියකට ලිපි දෙකකට කිට්ටු වෙන්න ලියපු මනුස්පයා පස්සෙ කාලෙක ලියලා තියෙන්නේ සති දෙකකටම එක ලිපියයි කියලා. විශේෂයෙන් මෑතක ඉඳලා සිංහල බ්ලොග්කරණය ගැන මට නිතර අප්ඩේට් වෙන්නේ නෑ. සමහර අලුත් බ්ලොග්කරුවන්ව මම දන්නෙත් නෑ. සමහර අලුත් බ්ලොග්කරුවෝ මාව දන්නෙත් නෑ. ඉතිං හොඳට ලිය ලියා හිටපු පුරුපුරුට ළඟදි ඉඳලා මොකද වුණේ?
ඇත්තටම පහුගිය අවුරුද්දක කාලය තමයි මගේ ජීවිතයේ ගෙවුණ කාර්යබහුලම කාල පරිච්ඡේදය.
විශ්ව විද්‍යාල අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතිය
එහි නිබන්ධනය සැකසීම
විශ්ව විද්‍යාල අවසන් විභාගය
උපාධිධාරී වාර්තා විභාගය (GRE)
විදේශීය භාෂාවක් ලෙස ඉංග්‍රීසි විභාගය (TOEFL)
උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයැදුම් කිරීම
විවාහය ලියාපදිංචි කිරීම
විවාහ උත්සවය
ඔන්න ඔය වැඩ වලට තමයි මගේ කාලය බොහෝදුරට වැය කරන්න සිද්ද වුණේ. ඉතිං මේ වැඩ කන්දරාවත් එක්ක බ්ලොග් එක ලියන එක කිසිසේත්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ. කොහොමහරි ඉඩ ලැබිච්ච වෙලාවක අමාරුවෙන් තමයි පෝස්ට් එකක් දෙකක් හරි ලියාගත්තේ. බ්ලොග් කියවන එකත් ඉස්සර තරම් හොඳට කරන්න බැරිවුණා. අනාගතයෙත් ආපහු ඉස්සර තරම්ම ලියන්න බැරිවෙයි. ඒත් දැනට වඩා ලියන්න මම උපරිම උත්සාහය යොදනවා.
ඒ වගේම විවාහය වෙනුවෙන් සුභපැතුව යාලුවො ඔක්කෝටම ගොඩක් ස්තුතියි. එදා උදේම උපාසකයි, ඤාව්වායි, මී කතුරායි මාව කාමරෙන් එළියට දාලා කොම්පියුටරේ මොනවද කොටන්න පටන් ගත්තා. ලිව්වේ මොනවද කියලා බලන්න දුන්නෙත් නෑ. දවස් ගානකට පස්සේ තමයි ඉතිං දැක්කේ මොනවද ලියලා තියෙන්නෙ කියලා. බැලින්නං මුන් කට්ටිය විවාහ සුබ පැතුමක් දාලා.
ඉතිං නැවත වතාවක් හැම දෙනාටම ස්තුතියි. ඊළඟට ලියන්නේ සුදුපූසි සිසන් 2 සීරීස් එක. දැන් ඉතිං එහෙම නැතුව බෑ නොවැ! හැබැයි ඊට කලින් මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම ලිපිය ලියලා ඉන්න ඕනෙ. මොකද කීප දෙනෙක්ම අහලා තිබුනා ඒ සීරීස් එක ඉවර කරන්නේ නැත්තෙ ඇයි කියලා.
එහෙනං මාලුකට්ටා සහ චාටර්මාලි අවසන් ලිපියෙන් හම්බවෙනකං මම නවතින්නං.
ප.ලි - පින්තූරයට යොදාගත්තේ අරවින්ද 2003 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකේදි රනවුට් වුණාට පස්සේ ඇවිදගෙන යන සීන් එක. මොකද සියවෙනි ලිපිය ලියද්දී පීක් එකේ තිබ්බ මගේ බ්ලොග්කරණය 150 ලියද්දී සෑහෙන දුරට පල්ලම් බැහැලා වගෙයි මට හිතෙන්නේ.

සුබ පැතුම් 150 ට. තව දුරටත් දිගටම ලියන්න හැකියාව ලැබේවා !
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ
Deleteමලය මුහුන දුන්න කඩයිම් සතුටුදායි ලෙස ජයගන්ට ලැබුන නේව දැන් ඉතින් ජිවිතේ ටිකක් බර වැඩි නේද..ඔනම කොල්ලේක් කොලු ජිවිතේන් පස්සේ පයගහන්නේ කරකාරේට නොවැ..ඔක ඉතින් දෙන්නා සමාදානේන් කොරගෙන යන්ට ඔනැ ප්‍රොජෙට් එකක්නේව පුස්මලයටනම් අමාරු වෙන එකක් නෑ...මං හිතන්නේ ඉස්සරහට රැකියාව පැත්තෙනුත් පෞද්ගලිකවත් හොඳ හොඳ අත්දැකිම් වලට මුහුන දෙන්ට වෙයි ඉතින් ඉස්සර වගේම පුලු පුලුවං එව්වා රහකරලා ලැබුන වෙලාවක බ්ලොග් පොස්ටුවක් දමලා යන්ට මොකැ බ්ලොග් කියන්නේ අපේ ජිව්තේ නොවුනට එතැනත් සොඳුරු තැනක් නොවැ...හරි එහේනම් බ්ලොග් ගඩොල් වලටත් උනුසුම් සුබපැතුම් මගෙන්. ඉසරහටත් ගඩොල් වලට ජීවය දෙන්ට අවකාශ ලැබෙන්ටය කියල නැවතත් සුබපනතව....ජය
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Delete150ටත් විවාහ දිවියටත් උණුසුම් සුභ පැතුම්!!!!
ReplyDeleteබොහොම ස්තුතියි යාලු
Delete150 උණුසුම් සුබ පැතුම් ...!!!!
ReplyDeleteබොහොම ස්තුතියි යාලු
Deleteබ්ලොග් අවකාශයේ මම ඉතාම කැමති බ්ලොග් එකක් තමයි බ්ලොග් ගඩොල්. මගේ මුල්ම බ්ලොග් අතරත් මේක තියෙනවා. හැම ලිපියක්ම කියවා තිබෙනවා. ඔබ ඉතාම සාර්ථකයි. ජයෙන් ජය!!!
ReplyDeleteබොහොම ස්තුතියි වෙද මහත්තයාට
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!
ReplyDeleteතෑන්ක්ස් සයර්!!!
Deleteසුභ පැතුම් 150ට.හොද හිනා යන කතා සෙට් එකක්ම මේකෙන් කියවන්න ලැබුනා.ඉතිං ඉඩ තියෙන තියෙන වෙලාවට ලියන්න කොහොමහරි.
ReplyDeleteඅනිවා. බොහොම ස්තුතියි සහෝදරී
Deleteසුභ පැතුම් මචං හැම දේටම!
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteසුභ පැතුම් බ්ලොග් ගඩොල් සෙට් එකටම.
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ. ආපහු දවසක හමුවෙමු
Deleteජය වේවා මචන්.. අලුත් සීරීස් එකකින් හමුවෙමු....
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ
DeleteJaya vevaaaaaaaaaaaaa
ReplyDeleteබොහොම ස්තුතියි මචං
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම් ඇ........
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Deleteසුභ පැතුම් මල්ලී (මල්ලිලා) . . .අඩුවෙන් හරි කමක් නෑ දිගටම කරගෙන යන්න . . ජය වේවා
ReplyDeleteබොහොම ස්තුතියි දුකා අයියා
Deleteසුභ පැතුම් බ්ලොගේ 150ට.විවාහෙටත් සුභපැතුම්...
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteමම හඳුනන්නන් අතර නොහඳුනන්නකු වීමි. අනමුත්තන් අතර අමුත්තකු වීමි. මේ හිස් ගොඩෙහි මා දැන සිටි එකම හිස අතීතයට අයත් විය. අතීතය යනු අන්තිම බෝරිං සබ්ජෙක්ට් එකකි. මතක් වුණත් ඈනුමක් යයි. මම අතීතය නොසළකා හරින්ට තීරණය කළෙමි.
ReplyDeleteඔහු හැඳ සිටියේ කළු ටී ෂර්ට් එකක් බවත් ඇය හැඳ සිටියේ කහ පැහැති ඇඳුමක් බවත් මතකය. ඔහුගේ සගයා කැමරාවක් මානමින් හතර වටේට ෆොටෝ අල්ලමින් සිටියේය.
"මම පුරුපුරු..." ඔහු කීවේය. ("පුරුපුරු" පිස්සුපූසාහි "චෞචෞ" බව මා දැන ගත්තේ බොහෝ කාලයකටය පසුවය. මම පිස්සුපූසාට පෙර අත්භවයක ඉපිදුනෙක්මි.)
"මම දන්නව..." මම ඔහුට අතට අත දෙමින් කීමි. "... මම කාලෙක ඉඳන් බ්ලොග් ගඩොල් රසිකයෙක්. මම කැමැතිම බ්ලොග් එකක්. මම ඔයගෙ බයොලොජි බ්ලොග් එකත් ඉඳ හිට කියවනව"
වහලෙහි ටියුබ් ලයිට් එකක් දෙසැරයක් ගැස්සී යනු මම දිටිමි. එහෙත් එය නොදැල්වුණි.
"ඔයා බ්ලොග් ලියන්නෙ නැද්ද?" ඔහු අවසානයේ ඇසුවේය.
"අනේ නෑ. මට ඔයාට වගේ ලස්සනට ලියන්න බෑ. මම බ්ලොග් පාඨකයෙක් විතරයි. මට ඒ ඇති" මම කීමි. ඊට වසරකට පෙර කතන්දරකාරයා මගෙන් ඇසූ විටත් මා දුන්නේ මේ පිළිතුරමය.
මම ඔවුන්ගෙන් සමුගෙන පහත මාලයට තනිව ඇවිදගෙන ආමි. අතීතය ගෝල්ෆේස් යන කතාවක් කී හෙයින් ඊට බාධා කරන්නට මට අදහසක් නොවීය.
මම ඇනෝට ජංගම දුරකථන ඇමැතුමක් ගතිමි. "යාළුවෙක් හම්බවුණා..." මම කීමි.
සුභගමන්!
"මල කෙලියයි! පිස්සු හැදෙන සඳ!"
Deleteමේ ඉහත Anonymous සටහන කියවූ මගේ මුවින් නිරායාසයෙන් පිටවුණු වදන් පෙල එය විය.
“මම වගේ මෝඩයෙක්!!!“
Deleteමට එකපාරටම හිතුනේ එහෙමයි. මොකද ඔහුව මුණගැහුණු මොහොතේ මම හිටියේ වෙනත් සිහි කල්පනාවක. එතනින් එළියට ආවම තමයි මතක්වුණේ මම මේ මනුස්සයාගෙන් නමවත් ඇහුවෙ නෑ නේද කියලා. පස්සෙ ඔහුගේ විවිධ ලක්ෂණ කල්පනා කරලා බැලුවාම මට හිතුනා මේ ටැබූවත්ද කියලා. කොහොමවුණත් ඔහු කවුරු වුණත් මුණගැසීම ලොකු සතුටක්. එදා බ්ලොග් එකේ පාඨකයෙක් කිව්වාම මට ස්තුති කරන්නවත් බැරිවුණා. ඔන්න අද මගේ ස්තුතිය පිළිගන්න.
ජය වේවා ! අල්ලගෙන යමු ඔහොමම...
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Deleteබ්ලොග් ගඩොල් බ්ලොගය පෝස්ට් 100 කඩඉම පසුකළ විගස ඒ ගැන මගේ සතුට ප්‍රකාශ කිරීමට මං මගේ වෙන්ඩ කතන්දර 100 ලයිස්තුව [http://kathandara.blogspot.com.au/2011/02/blog-post_27.html] ප්‍රකාශ කළෙමි.
ReplyDeleteඅද බ්ලොග් ගඩොල් ලා 150 සපුරයි! මෙය වෙන්ඩ 150 ලයිස්තුවකට හොඳ වස්තු බීජයකි!
තෙමගුලටම මගේ සුබ පැතුම්!
ප/ලි:
යකෝ මේ දැන් කාලේ හැදෙනවුන් කැම්පස් එකෙන් අවුට්වෙන්න කලින් බඳිනවා නේ!
මොනවා කරන්නද කකා? අඩු වයසින් සිර ගෙදරට නියම වුණා නොවැ!!! බොහොම ස්තුතියි :p
Deleteම්ම්ම්... එහෙනම් ලොකු වරදක් කරන්න ඇති...
Deleteජය වේවා...........!
ReplyDeleteආයෙ කතා දෙකක් නෑ බ්ලොග් ගඩොල් කියන්නෙ සිංහල බ්ලොග් අවකාශෙට දැනෙන යමක් කරපු බ්ලොග් එකක්.
මේක නොලියවෙන එකේ අඩුව දැනෙනව .......
බොහොම ස්තුතියි සහෝ
Deleteසුබ පැතුම් බ්ලොග් ගඩොල් සෙට් එකටම !!!
ReplyDeleteසාර්ථක බ්ලොග් එකක් !!!
තෑන්ක්ස් මචෝ
Deleteබ්ලොග් ගඩොල් සෙට් එකටම සුභපැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Deleteසියල්ලන්ටම සුභපැතුම්. සියලුදේටම සුභපැතුම්. ගඩොල් 150ක් කියන්නෙ සෑහෙන ප්‍රමාණයක් තමයි. ඉඳහිට ලිව්වත් කියවන පිරිස වැඩියි. බ්ලොග් ගඩොල් හරහා මගේ බ්ලොගේට එන පිරිස බැලුවම තේරෙනව.
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ. අහන්නත් සතුටුයි
Deleteමගෙනුත් සුබපැතුම්..ඔක්කොටම
ReplyDeleteබොහොම ස්තුතියි යාලු
Deleteමුල් කාලේ ඉදන්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එකේ උන්නු කෙනෙක් විදිහට උබ ගැන සතුටුයි,,උබ ඔච්චර වැඩ තිබිලත් මේක අමතක කරලා දැම්මේ නෑ ඒකයි වැදගත්,,නිවාඩු තියන විදිහට ලියපන්,,මොකද අපි තාමත් මෙතන පෝස්ට් එකක් වැටෙද්දී එනවා...සුභ පැතුම් මචෝ
ReplyDeleteබොහොම ස්තුතියි මචෝ. උඹේ පාටියත් වෙලාවක ඕනෙ හොඳේ :)
Deleteසුභ පැතුම්.......
ReplyDeleteතෑන්ක්ස් සහෝදරී
Deleteසුබ පැතුම්..
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරී
Deleteසුභ පැතුම් පූසෝ රංචුවටම. ඒත් එක්කම පුරුපුරුට විශේෂයෙන්. පෝස්ට් 150ට සහ විවාහා ජීවිතයට. ගොඩ කාලෙක ඉදලා කියෙව්වත්, පළමුවෙනි කොමෙන්ටුව දැම්මේ අද. ඒකත් මේ වගේ විශේෂ සිද්ධියක් ගැන වීම නිසා තවත් සතුටුයි.
ReplyDeleteසුභ පැතුම්.... ජය වේවා...!!!
බොහොම ස්තුතියි යාලු.
Deleteසුබ පැතුම් මචං.
ReplyDeleteතෑන්ක්ස් මචෝ
Deleteමගෙනුත් සුසූභ පැතූම්......
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
Deleteඋණුසුම් සුබ පැතුම් 150 ට සහ විවාහ දිවියට !
ReplyDeleteබොහොම ස්තුතියි අයියා
Deleteසුබ පැතුම්.....!!!
ReplyDelete........දිගටම ලියමු......
සුබපැතුම් අපෙනුත් . අපේ ගෙදර බ්ලොග් ගඩොල් පරණම බ්ලොග් එකක් . දැන් වැඩිපුර නොලියවෙන එකයි ප්රශ්නය . විවාහ ජීවිතේටත් උණුසුම් සුබ පැතුම් !!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් 150 ට වගේම විවාහ දිවියටත් !
ReplyDeleteසුබ පැතුම්!!! තවදුරටත් ලියන්න ශක්තිය ලැබේවා!!!
ReplyDeleteනියමයි මචං මමත් පෝස්ට් 150 පසු කළේ මේ ළගදී සුභ පැතුම්
ReplyDeleteපූසන්ට සුබ පැතුම් මගෙනුත්........
ReplyDeleteඅපිත් ඉතිං එදා ඉදන්ම මෙහෙ යන-එන උදවියනෙ.. කිවුවත් වගේ දැන්නං මේ පැත්ත සෑහෙන්න පාළුවට ගිහිල්ලා, ඒත් ඉතිං යලට-මහට වුනත් කමක් නෑ පෝස්ට් එකක් වැටෙනවානං අපට සතුටුයි..
ReplyDeleteදිගටම ඇදගෙන යං මචෝ.. සුබපැතුම් හැමදේකටම.!!!
150ට සුභ පැතුම්.. දහසකට ශක්තිය ලැබේව.
ReplyDeleteජයෙන් ජය සහෝ !
බ්ලොග් ගඩොලින් මහා නිර්මාණ ඉදිවේවා!
ReplyDeletehenryblogwalker the Dude
හැකි ඉක්මණින් 500 බැට් කිරීමට හැකි වේවා :)
ReplyDeleteසුබ පැතුම් මචං!!!
ReplyDeleteසුබපැතුම්!! අපිත් එනවා දිගටම
ReplyDeleteවීමි. මේ හිස් ගොඩෙහි මා දැන සිටි එකම හිසඅතීතයට අයත් විය. ටැබු මේ කියන ඔහුව හදුනාගන සිටි එලකම කෙනා අප අතරින් සමුගත් ඉලන්දාරියා විය යුතුමය. මේනම් ටැබුමය.
ReplyDeleteඅහම්බෙන් ආවෙමි...150 සහ කීපයක් කියවුයෙමි... ඉතිරිය කියවන්න නැවත එමි..සුභ පැතුම්....:D
ReplyDeleteතව ලියපං පුරු පුරුවා... ජය වෙවා... !!! කිවුවාම මොකෝ උඹට වඩා පස්සෙන් ඇවිත් උබට වඩා හයියෙන් ගිහින් මාත් හිටල බං... :(
ReplyDeleteමගේ සුභ පැතුම් සහෝදරයා! ඔබගේ 150 post එකට සහ විවාහ ජීවිතයට. සංගා වගේ 199 out වෙන්න එපා. දිගටම Bat කරන්න.
ReplyDeleteමමත් කාලෙක ඉඳල කියවන බ්ලොග් එකක් වැඩිය කමෙන්ට් නැතත්. ඒත් ඉතිං අද වගේ දවසක කමෙන්ට් එකක් නොදැ යන්නේ කොහොමද
ReplyDeleteසුභ පැතුම් යාළුවා.
බොහොම දවසක් බ්ලොග් කියවන්න එන්න බැරි වුණා ඉතින් තඩිදියමේ ආපු වෙලාවක තමයි බ්ලොග් ගඩොල් 150 වැනි ලිපියත් ලියා තියන වග දැක්කේ . ගොඩක් සතුටුයි . මම බ්ලොග් ලියන්න ආ සන්දියෙත් මේ බ්ලොග් එක මට දුන්නු සප් එක මට තාම මතකයි
ReplyDeleteසුබපැතුම් බ්ලොග් ගඩොල් . තව තව ලියැවේවා !!
සුභ පැතුම් පුරු පුරු. ඉස්සරම ලියපු හොස්ටල් කතා සීරිස් එක ආසාවෙන්ම කියෝපු කෙනෙක් මම. ඉස්කෝල වලට අමුතු නම් දදා ලියද්දි මම කොළඹ ඉස්කෝල වල උන්ගෙන් ඇහුව මොනවද බං මේ ඉස්කෝල කියල. දෙලොවක් අදර ඉස්කෝලෙ කියන්නෙ මොකද්ද කියල මමවත් තාම දන්නෑ. ටියුබ් ලැයිට් නොවැ !
ReplyDeleteඅපි දන්නා තරමින් දෙලොවක් අතර තියෙන්නේ , දේවි බාලිකාව!!!! එක පැත්තකින් කනත්තකුයි , අනිත් පැත්තෙන් ඉස්පිරිතාලෙකුයි නොව තියෙන්නේ!!! :)))
Deleteසුබ පැතුම් සහෝ!!! දිගටම ලියන්න.... ජය!!!
ReplyDeleteජයග්‍රාහී පූස් මෙහෙයුම නොනැවතී ඉදිරියට යන්නට සුබපැතුම්...........
ReplyDeleteහැමදාම උඹලගේ බ්ලොග් අකුරක් නෑර කියවන, එත් කමෙන්ට් නොදාන කම්මැලි කුහකයන් රැල වෙනුවන් මගේ සුබපැතුම්!
ReplyDeleteජය වේවා!!! මෙතෙක් පැමිණි ගමනට සුභ පැතුම්
ReplyDeleteජය වේවා!!! මෙතෙක් පැමිණි ගමනට සුභ පැතුම්
ReplyDelete150 ට සුබ පැතුම්!!!
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්
ReplyDeleteඔබලාට සුබපතුම්.නිතරම කියවනව.(පලමු කමෙන්ටුව)
ReplyDeleteඔන්න මමත් සුබ පැතුව කොල්ලො...
ReplyDeleteමට තාම මතක් වෙනව අපි දෙවනියට මුනගැහුන බ්ලොග් සෙමිනා එකේ ..එකිනෙකා හඳුනාගැනීමේදි..... උඹ අමාරුවෙන් නැගිටල මයික් එක අතට අරන් '' මම තමයි බ්ලොග් ගඩොල් ලියන්නෙ'' කියල කියපු හැටි.
ඇයි එතකොටම කස්ටිය ඤාව් ඤාව් කියපු හැටි මතක් වුණේ නැද්ද?
Deleteසුභ පැතුම්
ReplyDeleteවෛවර්ණා ...
Deleteඔයා එන්න එන්නම සුදු වෙනවා නේ ...
මොකක්ද බොලේ මේ රහස ...?
150 ට හා විවාහයට උණුසුම් සුභ පැතුම්.
ReplyDeleteඕං වැලිකතරෙනුත් මල් මිටක් දෙකටම.......(150 සහ මගුලට)සහ පූස් පාත්තියට
ReplyDeleteඇනොනිමස් :- "මම හඳුනන්නන් අතර නොහඳුනන්නකු වීමි. අනමුත්තන් අතර අමුත්තකු වීමි..." මේ කවුද මොනවද කරන්නෙ????????? පිස්සු බම්ප් වෙනව
X-Porter
ඔබේ බ්ලොග්කලාවට අනේක වාරයක් සුභ පතමි. ඔබට රාවණා සරණයි.
ReplyDeleteඔබේ ජයග්‍රහණයේ රහස දන්නේද?
ඔබ බ්ලොග්කරණය සඳහා තෝරාගන්නේ හෙළ රාවණා නිර්මාණයක් වන බ්ලොග්ස්පොට් ය. සාර්ථක වූ සියළු බ්ලොගයන් තෝරාගෙන ඇත්තේ මේ හෙළ රාවණා නිර්මාණයයි. (උදාහරණ: කතන්දර, සඳරු, මාරයා, දුකා, ඔබ, මහ වෙදනා...)
මඟදී අසාර්ථක වූ හැක් වූ නතර වූ බොහෝ බ්ලොග් මේ හෙළ බොදු නිර්මාණය නැතිව වර්ඩ්ප්‍රෙස් නැමැති බටහිර සුද්දාගේ මඟුලක් තෝරාගෙන තිබිණි. (උදාහරණ: ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම්, ඇටමැස්සා...)
හෙළ රාවණා නිර්මාණයන්ම තෝරා ගැනීමෙන් ඔබේ ජයග්‍රහණය සහතික කර ගන්නා හැටි දැන් වැටහේද?
- මීවනපලානේ රාජපක්ෂ ("වර්ගපූර්ණිකාව" ලියන මීවනපලානේ ජයරත්න මහතාගේ ඥාති සොහොයුරු හා මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ඥාතිවර, හෙළ ජ්‍යොතිෂ හා ආයුර්වේද විශේෂඥ)
ස්වස්ති රාවණ සිද්ධම්!
මේකව්ද කියලා මම දන්නවා
Deleteසුභපැතුම් බ්ලොග් ගඩොල්......... ඕං දැන් තමයි බ්ලොග් ලිවීමේ නියමම අභියෝගය තියෙන්නෙ... හෙහ් හෙහ්..
ReplyDeleteHa, ha, this is the best comment so far....!!!
Deleteබ්ලොග් ගඩොල් වලට මගේ සුභාශිංශණය.....! 150 ට 1500ක් අයු බෝ වේවා...! ඒ වගේම අළුත් විවාහ ජීවිතයටත් මගේ හෘදයාංගම සුභ පැතුම්.....!
ReplyDeleteබ්ලොග් ගඩොල් ඉදිරි ගමනට සුභ පැතුම්.
ReplyDeleteඔන්න සුභ පතන්න මමත් ආවා. තවත් චිරාත් කාලයක් බ්ලොග්කරණයේ යෙදීමට ශක්තිය, ධෛර්යය වාසනාව ලැබේවා !!!
ReplyDeleteමම ඔයාලගෙ මුලින්ම කියවපු ලිපිය අර හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එකේ ලිපියක්. හුඟක් කල් ඉඳන් ෆලෝකරාට මම හිතන්නෙ මම මේ දාන පළවෙනි කමෙන්ට් එක.
ලීයමු ඉස්සර වගේ සතියකට 4ක් 5ක් .
ReplyDeleteසුබ පැතුම්. ගඩොල් 150 කියනේ සුළු පටු ගානක්ද?දැන් ගඩොල්වල ගාන ඇහුවහම
ReplyDeleteගඩොල් මලයලා,
ReplyDeleteබොහොම කාලයක් අසාවෙන් කියවපු ගඩොල් පේලියට තියල බිත්තියක් බැන්දට බොහොම ස්තුතියි. සමහර ගඩොල් කැට අපිටම වෙච්ච හරි අපි දන්නා කැට හරි වෙච්ච දේවල් වගේ කියල හිතෙන තරමට බොහොම අපූරුවට තිබ්බා. ඉදිරියටත් පුළු පුළුවන් විදිහට ලියවෙන්න කියල තමා ප්‍රර්ථනා කරන්නේ.
පුරු පුරු මලයා,
GRE, TOFEL කරලා කොහෙද මේ යන්න තනන්නේ? ඒ කියන්නේ අපිට තවත් රටක ගඩොල් කැට ගැන දැනගන්න ලැබෙනවා වගෙයි! උණුසුම් සුබපැතුම්.
ජය වේවා
ReplyDeleteටිකක් පරක්කු වෙලා වුණත් මගේ සුභ පැතුම් පිළිගන්න. කාල වේලාව මදි වුණත්, ඉඩ ලැබෙන හැටියකට දිගටම ලියමු. ජය වේවා!
ReplyDeleteMage palaweni cmment1 danne ada deiyane kiyala........................................
ReplyDeleteTw mama blog kiyawane 4n1.
Sinhala font walin type krana ba.
Matath blog1 hadagana help krana.
Amathaka una ne,
ReplyDeleteHamadetama suba pathum.
Sudupusi akkatai,purupuru aiya athulu puso,posiyo set1 tama.
Blog gadol150t gdk suba pathum
බොහොම කාලෙකින් මේ පැත්තේ ආවේ.......
ReplyDeleteවේගේ අඩු වෙලා තිබුනත් දිගටම ලියමු අයියා..... සුභ පැතුම්.....
ඒක නෙමේ සුදු පූසි අක්කට එහෙම නැතිද ලියන්න දේවල්..... :D :D :D :D
ශෝයිනේ... ජය හෝ වේවා!!! විවාහ දිවිය සුබ වේවා...බ්ලොග් ගඩොලට හැපී බ'ඩේ ටු යු වේවා !!!
ReplyDelete