අඹ යාලුවෝ

Thursday, July 29, 2010

හොස්ටල් ලයිෆ් - ඔපරේෂන් බොගානා - OPERATION BOGANA


අපි ඉතිං හොස්ටල් එක ගැන පහුගිය දවස් ටිකේ ලිපි ටිකක් ලිව්වනෙ.කියවන්න බැරිවුණ යාලුවන්ට මේ ලින්ක් වලට ගිහිං ඒව කියවන්න පුලුවන්

http://bloggadol.blogspot.com/2010/06/blog-post_24.html
http://bloggadol.blogspot.com/2010/07/2.html
http://bloggadol.blogspot.com/2010/07/blog-post.html
http://bloggadol.blogspot.com/2010/07/blog-post_29.html

ඔන්න දැන් අපි කියන්න යන්නෙ හොස්ටල් රසකතා.මේ දවස්වල කක්කි කතා නැගල යන එකේ මුලින්ම මේ සිද්දිය දාන්න හිතුනා.සිද්දිය වුණේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොටමයි.ඉතිං හොස්ටල් එකක් වුණාම අනිවාර්යයෙන්ම ටොයිලටුත් තියෙන්න ඕනෙ නොවැ!ඔන්න කුරුදුවත්ත හොස්ටල් එකේනං ඒ දවස්වල ටොයිලට් දෙකක්ම තිබුනලු.එකක් සීනියර් හොස්ටල් එකට.අනික ජූනියර් හොස්ටල් එකට.ඉතිං පුරුපුරු, මාලුකට්ටා ඇතුලු 10 වසරෙ කට්ටිය ගියෙ මුලින්ම කියපු සීනියර් ටොයිලට් එකටලු.

දැන් ඉතිං මෙතන "ටොයිලට්" කියල ටෝක්ස් දුන්නට ඒ දවස්වල කට්ටිය ඕකට කිව්වෙ "බොග" කියල.

සීනියර් බොගේ පහසුකම් ජූනියර් බොගට වඩා වැඩියි.ඉතිං ජූනියර් බුවාලගෙ පවා එකම බලාපොරොත්තුව තමයි සීනියර් බොගටම කොහොම හරි රිංගන එක.ඉතිං උදේට පොඩි බොග තදබදයක් එහෙමත් තිබුනෙ නැතුවම නෙවෙයි.

පහසුකම් තිබුනයි කිව්වට ඉතිං ඔක්කොම වගේ තිබුනෙ අර වල ටයිප් බොගවල්.කොමඩ් බොගවල් තිබුනෙ එකම එකයිලු.ඒකත් තිබුනෙ ඉබ්බෙක් දාල වහල.කොමඩ් බොග පාවිච්චි කරන්න දෙන්නෙ වාඩිවෙන්න බැරි විදිහෙ අසනීපකාරයන්ට විතරයි.පුරුපුරුලනං ඉතිං ඔය කොමඩ් බොගට බිත්තිය උඩින් පැනල තියනවලු ඕන තරං.

බොගට යන්න තියෙන්නෙ 10 වසර ඩෝම් එකේ ඉදල ටික දුරයි.හැබැයි ඉතිං පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නෙ තදට වහින දවස්වලට.පොඩි කියල කිව්වට ඉතිං මේක තරං ලොකු ප්‍රශ්නයක් ඒ දවස්වල කාටවත් තිබුනෙ නෑ.

අපි කවුරුත් දන්නවනෙ වැස්ස දවස්වලට කොළඹ පැත්ත කොහොමද කියල.ඉස්සර දැන් වගේ නෙවෙයි.ලොකු වැස්සක් වැස්සත් විනාඩි පහෙන් මුලු කොළඹම යට වෙනවලු.(දැන්නං විනාඩි 10ක් විතර යනව නොවැ)ඉතිං වැස්ස වෙලාවට මුලු කුරුදුවත්ත හොස්ටල් එකම වතුරෙන් යට වෙනවා.වැඩේ කියන්නෙ එතකොට 10 වසර ඩෝම් එකේ ඉදල බොගට යන්න තියෙන පාරත් යට වෙනවලු.හොස්ටල් එකේ මහා බොග වල ඉතිරෙන්නත් මහ වෙලාවක් යන්නෙ නැතිලු.දැන් වැසි ජලයට බොග මිශ්‍ර වෙලා හැමතැනම පාවි පාවි තියෙනවා.ඉතිං කොහොමද ඩෝම් එකේ ඉදලා වතුරට බැහැල බොගට යන්නෙ?

ඉතිං එහෙම කියල බොගට නොගිහින් ඉන්නයැ නේද?මේ වෙලාවට තමයි රත්තිපාල අංකල් කොල්ලන්ගෙ පිහිටට එන්නෙ.අපි කලින් ලිපියක කිව්ව වගේ හොස්ටල් එකේ වැදගත්ම පුද්ගලයා තමයි රත්තිපාල අංකල්.කෙටියෙන්ම කියනවනං නේවාසිකාගාර පාලක කොටිය සර්ට වඩා වැදගත් බොගපාලක රත්තිපාල.ඉතිං රත්තිපාල අංකල් නිර්භීත සිංහයෙක් වගේ අර බොග රිටි පාවෙන වතුරට බහිනවලු.මේ බහින්නෙ පාලමක් හදන්න.

රත්තිපාල අංකල් ඉතිං කොහෙන් හරි කලබලේට හොයාගන්න ගඩොල් කැට එක උඩ එක තියල පාලම් කණු හදනවලු.ඊට පස්සෙ පාලම් කණු උඩින් ලෑලි කෑලි තියල පාලමේ වැඩ ෆිනිෂ් කරනවලු.දැන් ඉතිං කට්ටියට පරිස්සමෙන් අඩිය තියල බොගට යන්න පුලුවන්.හැබැයි ඉතිං රත්තිපාල අංකල් හදන පාලම ගැන කිසිම වගකීමේ සහතිකයක් දෙන්න බැහැ.ඕන වෙලාවක මේක කැඩිල උඩින් යන මනුස්සයා වතුරට වැටෙන්න පුලුවන්.රත්තිපාල අංකල් ඉතිං බොගපාලක මිසක් ඉංජිනේරුවෙක් නෙවෙයි නොවැ!

එක පාරක් ඔහොම පාලම උඩින් යන්න ගිය ලයිමෝල් පාලමත් කඩාගෙන බොග මිශ්‍ර වතුරට වැටුනා.වැඩේ කියන්නෙ මෙච්චර හත් අවුරුද්දක් තිස්සෙ නාන්න ඕනෙ වැඩක් වෙලත් මෑන්ස් කිසි ගානක් නැතුව ආපහු ගිහිං ඇදේ නිදාගත්ත එක.ඊට පස්සෙ කට්ටිය කළේ ලයිමෝල් ළගින් යද්දි නහය අතින් වහගෙන යන එකලු.

ඉතිං ෂුවර් පිට බොගට යන්න අපේ යාලුවන්ට ඉතුරු වුණේ එකම එක පාරයිලු.ඒකත් පරංගියා කෝට්ටෙ ගියා වගේ පාරක්.තාප්ප උඩින් පැන පැන, තාප්ප දිගේ ගිහිං මහා වටයක් ගහල තමයි ඒ පාරෙන් යන්න ඕනෙ.හොද ෆිට්නස් තියෙන බුවෙකුට විතරයි ඒ වගේ පාරක යන්න හැකියාවක් තිබුනෙ.ඒ වගේම තනියෙන් යන්නත් බැහැ.දෙතුන් දෙනෙක් එකපාර යන්න ඕනෙලු අනිත් කට්ටියගෙ උදව්වට.හරියට නිකං ආමි ට්‍රේනින් එකක් වගේ.

ඉතිං හොස්ටල් සාමාජිකයො ඔය පාරෙන් බොගට යන එකට කිව්වෙ "ඔපරේෂන් බොගානා" කියලලු.ඇත්තටම හරිම අමාරු මෙහෙයුමක්.ඒත් ඉතිං රත්තිපාල අංකල්ගෙ පාලමේ ගිහිං ලයිමෝල් වගේ අමාරුවෙ වැටෙනවට වඩා පුරුපුරුලා කැමති වුණේ ඔපරේෂන් බොගානා එකට.මොකද ඉතිං තාප්ප වලින් පැනල පුරුදු නැති කට්ටියකුත් නෙවෙයිනෙ.

ඔය ඕනැම අමාරු වැඩක් කරද්දි ශ්‍රී ලාංකිකයන්ගෙ පුරුද්දක්නෙ කවි කියන එක.පතල් කවි, නෙලුම් කවි, පාරු කවි, ගොයම් කවි, ගැල් කවි වගේ ඒවා හැදිල තියෙන්නෙ ඒ ඒ රස්සා කරද්දි ඇතිවෙන කාන්සිය නිවාගන්න කියලනෙ කියන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටියත් ඔපරේෂන් බොගානා වගේ බරපතල මෙහෙයුමක නිරත වෙලා ඉන්දැද්දි කාන්සිය නිවාගන්න කියපු කවි තිබුනා.ඒවට කිව්වෙ "බොග කවි" කියලලු.

බොග කවි කියන්නෙ ඔය සම්ප්‍රදායික ජන කවි වගේ ඇදල ගායනා කරන ජාතියෙ කවි නෙවෙයි.බොහොම ලස්සනට ෆාස්ට් බිට් එකේ කියන සිංදු.ගොඩක් බොග කවි මේ වෙද්දි අමතක වෙලා තිබුනත් පුරුපුරුට එක කවියක්නං හොදට මතකයි.මේ කවිය(සිංදුව) හැදුවෙ සංජු.ඒකත් ලියලම මේ ලිපිය අහවර කරන්නංකො එහෙනං.

මට බොගට යන්න බොගෙන් එන්න
කුරුලු පිහාටුවක් එවන්න...එවන්න...එවන්න...
රත්තිපාල අතේ කොටියො
කුරුලු පිහාටුවක් එවන්න...එවන්න...එවන්න...

හොස්ටල් ලයිෆ් - ඉන්ස්පෙක්ෂන්, ජනේලය සහ මදුරු දැල

ඔන්න ඉතිං බ්ලොග් ගඩොල්ටත් මාසෙක නිවාඩුවක් ලැබුනා.ඒක හින්ද මේ දවස් ටිකේ බැරියැ හිතේ හැටියට බ්ලොග් ලියන්න.කලින් පාර හොස්ටල් ලිපියෙදි අපි කිව්වනෙ පුරුපුරු කොහොමද ඩයිනින් හෝල් එකේ නීති කඩ කරලා 11 වසරෙ අයියලගෙන් ගුටි කෑවෙ කියලා.ඉතිං අද අපි කියන්න යන්නෙ කට්ටිය හිටපු ඩෝම් එක ගැන.


Dormitory, එහෙමත් නැත්තං ඩෝම් එකක් කියල කියන්නෙ හොස්ටල් වල ළමයි නැවතිලා ඉන්න ලොකු ශාලාවලට.ඉතිං එක වසරකට ඩෝම් දෙක තුනක්ම තියනවා.හැබැයි පුරුපුරුලගෙ වයසෙ හිටපු ළමයි ගාන ගොඩක් අඩු හින්ද මුලු 10 වසරටම තිබුනෙ එක ඩෝම් එකයි.


10, 11 වසරවල්, කොටි නිල නිවස, ඩයිනින් හෝල් එක තමයි රීඩ් මහත්තයගෙ පාර පැත්තෙ තිබුන සීනියර් හොස්ටල් එකේ තිබුනෙ.පිට්ටනියෙන් එහා පැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකේ තමයි 6,7,8,9 වසරවල් සහ රිචා සර්ගෙ නිල නිවාසෙ තිබුනෙ.


ඉතිං හොස්ටල් එකේ දවස පටන් ගන්නෙ උදේ පහමාරටලු.ඒ කියන්නෙ 5.30 ට ගහන බෙල් එකට හැමෝම නැගිටලා හයහමාර වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ.(6.30 ද 6.45 ද කියල හරියට මතක නෑ)ඒ කියන්නෙ මූණ කට හෝදලා, ඉස්කෝලෙ ඇදුම් ඇදගෙන, සපත්තු පොලිෂ් කරලා, කොන්ඩෙ එහෙම පීරලා කුමාරයෙක් වගේ ඉන්න ඕනෙ.ඉතිං ඔය වෙලාවට තමයි ඉන්ස්පෙක්ෂන් තියෙන්නෙ.


ඉන්ස්පෙක්ෂන් වලට සාමාන්‍යයෙන් එන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්.(කලාතුරකින් දවසක කොටිය සරුත් එනවා) ඉතිං හැමෝම තම තමන්ගෙ ඇදන් ළගට වෙලා අත්දෙක පිටිපස්සට දාගෙන පහසුවෙන් ඉන්න ඕනෙලු.ආ..කියන්න අමතක වුණානෙ.ඇදත් හොද පිළිවෙලට තියෙන්න ඕනෙලු.බෙඩ් ෂීට් එකේ රැළි එහෙම තියෙන්න බෑ.පොරවන රෙදි නවලා කොට්ටෙ යටින් තියලා තියන්නත් ඕනෙ.ඒ වගේම කට්ටිය එකතු වෙලා ඩෝම් එක හොදට අතුගාල තියෙන්නත් ඕනෙලු.


ඉතිං ප්‍රිෆෙක්ට් අයියා ඇවිල්ල ඔක්කොම පරීක්ෂා කරල ඉවර වුණාට පස්සෙ තමයි කට්ටියව කෑමට යවන්නෙ.අඩුපාඩු අහුවුණ කට්ටිය කෑමට යන්න කලින් ඒව හදාගෙන යන්න ඕනෙලු.පුරුපුරුනං ඉතිං හැමදාම කෑමට යන්නෙ පරක්කු වෙලා.මොකද මෑන්ස්ගෙ හැමදාම මොකක් හරි අඩුපාඩුවක්.එක්කො කොන්ඩෙ පීරල නෑ.එහෙමත් නැත්තං සපත්තු පොලිෂ් කරල නෑ.ඔය හැමදේම හරියට තියන දවසට ඇද හරියට හදල නැහැලු.

*********************************************************************************


පුරුපුරුට ඉතිං කොහොම හරි ඩෝම් එකේදි ලැබුනෙ බිත්තියක් අයිනෙ එක කෙලවරක තිබුන ඇදක්ලු.කට්ටිය ඉතිං හොස්ටල් එකෙන් හොරෙන් එළියට පනින්නෙ මෙතනින්ලු.


ඔය සමහර දවස්වලට හොස්ටල් එකෙන් පැනල ගිහිං පොඩි අවුටින් පාරක් දාන්න ගොඩක් අය පුරුදු වෙලා හිටියා.ගොඩක් වෙලාවට ගියෙ ළගම තිබුන රහිමා එකට.එහෙමත් නැත්තං බම්බා පැත්තෙ ගියොත් තේජස්පුරේටත් ගොඩවැදිල යන්න කට්ටිය අමතක කරන්නෙ නෑලු.ඔහොම ගිය කට්ටිය පොලිස් අංකල්ලට අහුවෙච්ච වෙලාවලුත් තිබුනෙ නැතුවම නෙවෙයි.ඒ කතා ඉතිං පස්සෙ කියන්න බැරියැ නේද?

කොහොම හරි පුරුපුරුගෙ ඇද ළගින් කට්ටිය එළියට පැනලම එතන හයිකරල තිබුන ජනේලෙ ගැලවිලා ගිහිංලු තිබුනෙ.ඉතිං මෑන්ස් දවල්ට නිදාගනිද්දි ඉර අව්වට පිච්චෙනවලු.රෑට නිදාගනිද්දි සිතලේ වෙව්ලනවලු.ඒ මදිවට වැස්සොත් එහෙම ඔක්කොම ඉවරයි.ඉතිං ඔහොම ටික දවසක් යද්දි පුරුපුරු පුරුදු වුණාලු ඕනෙම අහිතකර කාලගුණික තත්ත්වයක් යටතෙ ගොරොව ගොරොව නිදාගන්න.කොටින්ම පස්සෙ කාලෙක, මෑන්ස් උදේ නැගිට්ටට පස්සෙ තමයි දන්නෙ කලින් දවසෙ රෑ වැහැපු වැස්සෙන් මුලු ඇදම තෙමිලයි කියල.

ඒ මදිවට හොස්ටල් එකට ඇවිල්ල දවස් දෙක තුනකින්ම මෑන්ස්ට තවත් ඇබැද්දියක් වුණාලු.පුරුපුරු ගෙදර ගිය අතරෙ කවුරුහරි ඩයල් එකක් මෑන්ස්ගෙ මදුරු දැලේ තිබුන ප්ලාස්ටික් රවුම ගලවගෙන.අන්තිමට ඉතිං හැමදාම විදින්න බලාගෙන හිටපු මදුරු රැළගෙන් බේරෙන්න පුරුපුරුට රිංගන්න වුණේ රෙඩ් ඉන්ඩියන් කූඩාරමක් වගේ නෙට් එකක් ඇතුලටලු.ඉතිං හැමදාම මදුරුවො සෙට් එකත් බලාගෙන ඉන්නෙ මෑන්ස් නිදාගන්න ඇදට එනකංලු.

අන්තිමට ඉතිං පුරුපුරු පුරුදු වුණාලු ඕනෑම මදුරු ප්‍රහාරයක් ඉදිරියෙ වුණත් නොසැලී නොදැවී ‍ගොරොව ගොරොව නිදාගන්න......

ඉතිං යාලුවනේ අපේ හොස්ටල් ඉන්ට්‍රොඩක්ෂන් එක මෙතනින් ඉවරයි.ඊළග ලිපියෙ ඉදලා පටන් ගන්නෙ හොස්ටල් රසකතා.මුලින්ම අපි තීරණය කළා ඔයාලට දෙන්න "ඔපරේෂන් බොගානා"

ප.ලි - අපි කවුරුත් ආසාවෙන් කියවපු ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් බ්ලොග් එක ලියන ඉබ්බයියට දැන් ගොඩක් දවසකින් සමනළ තටු ඇවිල්ල නෑ වගේ.මොකද කියන්නෙ, කට්ටිය පටන් ගම්මුද මාරාන්තික උපවාසයක් මෑන්ස්ට ආපහු බ්ලොග් ලියන්න එන්න කියලා??

Sunday, July 25, 2010

නිවන් සුව අත්වේවා!


සිංහල බ්ලොග් අවකාශයේ නමක් දිනූ, අප කවුරුත් ප්‍රියකරන බ්ලොගයක් වන තම තම නැණ පමණින් බ්ලොගය රචනා කළ කුමුදු පින්තු ගුරුතුමා අප අතරින් සමුගෙන ගොස් ඇති බව ලහිරු චානක සොයුරාගේ බ්ලොග් අඩවියෙන් දැනගන්න ලැබුනා.

එතුමා ගැන විස්තර එතරම් නොදන්නා මුත් අප සැමට ලබාදුන් දැනුම හා වින්දනය වෙනුවෙන් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවා කියා බ්ලොග් ගඩොල් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.


හැකි අයෙක් සිටිනම් ඔහු පිළිබද විස්තර පවසන්න.

සුනාමි පූසෝ 2 - අන්නාසි වත්ත


ඉතිං කොහොමද යාලුවනේ, එදා අපි කිව්වනෙ සුනාමි පූසෝ කොහොමද පාර පටන් ගන්න තැන ඉදලා අන්නාසි වත්ත ළගට යනකං ගියෙ කියලා.ඔන්න අද තමයි ඒ කතාවෙ ඉතුරු ටික කියවන්න පුලුවන්.ඒ කියන්නෙ අන්නාසි වත්තෙදි පූසො ෆේස් කරපු අමතක නොවෙන අත්දැකීම.


ඔය අන්නාසි වත්ත තිබුනෙ විද්‍යාව පන්තියට පේන දුරින්.ඉතිං කවුරුත් වගේ අපේ යාලුවො සෙට් එකත් අන්නාසි කන්ඩ ආසයි නොවැ.කට්ටිය ඉතිං මග බලාගෙනලු හිටියෙ ඔය අන්නාසි වත්තට පැනල පොඩි ගේමක් දෙන්න.හැබැයි අප්සට් සිද්දියකට තිබුනෙ වෙලාව පිළිබද ප්‍රශ්නෙ.මොකද ක්ලාස් එකට එන ගමන් වත්තට පනිනන ගියොත් එහෙම ක්ලාස් යන්න පරක්කු වෙනවා.ඉවර වෙලා යන ගමන් පනින්නත් අමාරුයිලු.මොකද පන්ති ඉවර වෙන්නෙ ගොඩක් හවස් වෙලා හින්ද ඒ වෙලාවට හරියට වටපිටාව පේන්නෙ නෑලු.ඉතිං පූසන්ට අන්නාසිවල රස නොබලා ඔහොම කාලයක් ඉන්න වුණා.


එක දවසක් ඉතිං පූසො ටික ක්ලාස් එකට යනවලු.එදා වේයන්ගොඩයයි, සව්සිරියයිත් හිටපු දවසක්.දැන් හයදෙනා අන්නාසි වත්ත ළගටත් ආවලු.එතකොට තමයි උපාසකට මීටර් වුණේ පාර අයිනෙ තිබුන අන්නාසි පදුරු කීපෙකම හොදට ඉදුන අන්නාසි ගෙඩි කීපයක් තිබුන වග.ඔය කාලෙට ඉතිං ඔය වගේ මනරම් දර්ශනයක් මිස් වෙන්නෙ කාටද ඉතිං?මෑන්ස් ඉතිං වහාම අනිත් අයටත් සුභ ආරංචිය දැනුම් දුන්නලු.කරන්න ඕනෙ වැඩේ ගැන කාටවත් දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.


අන්නාසි වත්ත වට කරලා කම්බි වැටක් ගහල තිබුනත් ඒ වැටත් අපේ පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය ඉදිරියෙ අසරණ වෙලා ගියාලු.ඉතිං අපේ පූසො ටිකත් වත්තට පැනල අන්නාසි ගෙඩි තුනක්ම කඩාගත්තලු කන්ඩ.පූසො ඉතිං වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි නොවැ!අනිත් එක ඉතිං මහ සයුරෙන් දිය දෝතක් ගත්තට මක්කෙයි?


හැබැයි ඔ‍තනදි තමයි කට්ටියට ලොකු ප්‍රශ්නයක් මතුවුණේ.අන්නාසි තිබුනට මොකද කපන්න පිහියක් කා ළගවත් තිබුනෙ නෑලු.මොකද අපේ පූසො සෙට් එක පන්ති යද්දි පිහි අරන් යන්න තරං මැර ඩයල් නෙවෙයිනෙ.වෙන කරන්න දෙයක් නැති හින්ද කට්ටිය තීරණේ කළාලු අන්නාසි ගෙඩි ටික ළග තිබුන ගලක ගහල කඩාගෙන කන්ඩ.ඒ කියන්නෙ අන්නාසි "රොක්" කරන්න.


දැන් ඉතිං කට්ටිය අන්නාසි රස විදිනවලු.හැබැයි අප්සට් එක තමයි ඔය රොක් මෙතඩ් එක අනුගමනය කරද්දි අන්නාසි ගෙඩියෙන් බාගෙට බාගයක් අහක යනවා.අන්තිමට බලද්දි ඉතිං ගෙඩි තුනෙන් එකහමාරක් විතරම බිමලු.කොහොම කොහොම හරි තමන්ගෙ ආසාව සංසිදුවාගත්ත පූසො පන්තියට ගියාලු.දැන් ඉතිං කට්ටියට ෆුල් හැපී.පන්තියට ගිහිං තමන් කරපු වීර ක්‍රියාව කලුකුමාරි ඇතුලු කෙල්ලො කට්ටියටත් කිව්වලු.


දැන් ඉතිං ඊළග සතියත් උදාවුණාලු.කට්ටියගෙ ප්ලෑන් එක ඉතිං මේ සතියෙත් අන්නාසි කන එක.සුපුරුදු විදිහට අපේ යාලුවො සෙට් එක එදා දවසෙත් වත්තට පැන්නලු.දැන් කට්ටිය රොක් මෙතඩ් එකෙන් අන්නාසි කන්න පටන් අරං.ඔහොම කද්දි තමයි ඔය පාරෙන් ගිය වයසක අන්කල් කෙනෙක් යාලුවො ටිකව දැක්කෙ.හොදට බැලින්නං මෑන්ස් අතේ පිහියකුත් තියෙනවා.පූසන්ව දැක්ක අන්කල් කම්බි වැට ළගට ඇවිල්ලා ඤාව්වට පිහිය දුන්නලු


අන්කල් :- පුතා, ඔහොම කනකොට අන්නාසි ගෙඩියෙ වැඩි හරියක් අපතෙ යනවා.මෙන්න මේ පිහියෙන් කපාගෙන කන්නකො.


ඤාව්වත් ඉතිං පිහිය අතට ගන්න ගමන් අන්කල්ට මෙහෙම කිව්වලු.

ඤාව්වා :- ආ..තැන්ක්යූ අන්කල්.ඒ වුණාට පිහියෙන් කපද්දි, ගලේ ගහල කන තරං ආතල් එකක් නෑ නේද? හික් හික්...


අන්කල් :- ගලේ ගහල කද්දි පුතාලට ආතල් වුණාට මටනං එහෙම ආතල් එකක් නෑ.මොකද මේව මම දුක් මහන්සි වෙලා වගා කරපු ඒවනෙ....


අන්කල්ස් බයිට් හිනාවකුත් දාල එහෙම කිව්වලු.බැලින්නං අන්නාසි වත්තෙ අයිතිකාරයා තමයි පාර දිගේ ඇවිල්ල තියෙන්නෙ.පූසන්ගෙ කරුමෙට පූසොත් ඒ වෙලාවෙම තමයි වත්තට රිංගල තියෙන්නෙ.දැන් ඉතිං අතේ මාට්ටු.මොනව කරන්නද?කට්ටියත් ඉතිං අන්නාසි කෑලිත් අතේ තියාගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවො සෙට් එක වගේ මෑන්ස් දිහා බලාගෙන ඉන්නවලු.මූණු ටිකත් රතු වෙලා.මේක දැකල පොර තවත් හිනාවෙලා මෙහෙම කිව්වලු


අන්කල් :- හා..හා..දැන් ඉතිං ඔය අන්නාසි අතේ තියාගෙන ඉන්නැතුව කන එකයි ඇත්තෙ.අපිත් ඒ දවස්වල ඔය වගේ දග වැඩ කරල තියනවා.හැබැයි අපිනං ජීවිතේට මහදවල් මෝඩ විදිහට වතු වලට පැනල අයිතිකාරයන්ට අහුවෙලා නෑ!

මේ කතාව අහපු පූසන්ට යන එන මං නැති වුණාලු.සවලක් තිබුනනං එවෙලෙම පොළෙවෙ හාරගෙන යන සයිස්.කට්ටිය වහාම එතනින් ඌර්ධවපාතනය වෙලා ගියාලු.වැඩේ කියන්නෙ සව්සිරි ඒ පැත්තෙම ඉදලත් මෑන්ස් අන්කල්කාරයව අදුරන්නෙත් නෑ, අන්කල් මෑන්ස්ව අදුරන්නෙත් නෑ.ඇයි ඉතිං උදේ ඉස්කෝලෙ යන්න ගෙදරින් පිට වුණාට පස්සෙ ආයි මහ රෑ නොවැ ගෙදර එන්නෙ.

කොහොම හරි එදායින් පස්සෙනං පූසො අන්නාසි වත්තට පැන්නෙ නෑලු.කොටින්ම ඒකාකාර ප්‍රවේගයෙන් ක්ලාස් එන අපේ යාලුවො කට්ටිය හැමදාම අන්නාසි වත්ත ළගදි ත්වරණයට භාජනේ වෙනවලු.

Thursday, July 22, 2010

"ලු"යන්න ගැන පූසන්ගෙන් + ඇනෝනිමස් කොමෙන්ටු දාන අසනීපකාරයා වෙත

අපේ බ්ලොග් එකේ නිතරම 'ලු' කියල පාවිච්චි කරන එක ගැන ජයන්ත සහෝදරයා මෙන්න මෙහෙම අදහසක් දක්වල තිබුනා


"හැම වාක්‍යයක්ම 'ලු' කියල ඉවර කරල තියෙන්නෙ මොකද? කියන දේ ගැන තමන්ටවත් විශ්වාසයක් නැති නිසාද? එහෙම නැත්නම් සිංහල භාෂාවේ අළුත් ව්‍යාකරණ රීතියක්ද? මොකද ගොඩක් බ්ලොග්වල ඔය ක්‍රමය අනුගමනය කරන බවක් පේන්න ති‍යෙනවා. කොහොම වුනත් ඕක හොඳ පුරුද්දක් නොවෙයි. ඒකෙන් කියන කතාවේ රසයට ව‍ගේම භාෂාවටත් වෙන්නේ ලොකු හානියක්."

ඉතිං ඒ සම්බන්ධයෙන් බ්ලොග් ගඩොල් පූසන්ගෙ උත්තරේ වුණේ මේකයි

"අදහස් දැක්වුවට ගොඩක් ස්තුතියි යාලුවෙ.මේ බ්ලොග් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ කියවන අයත් එක්ක අපේ අතීත අත්දැකීම් බෙදා හදා ගන්න එක.ඒ වගේම යම් යම් දේවල් ගැන තියෙන අපේ දැනුම බෙදා හදා ගන්න එකත් තවත් බලාපොරොත්තුවක්.ඒ වගේම ගොඩක් ලිපි වලින් පාඨකයන්ට යම්කිසි වින්දනයක් ලැබෙනවා කියලත් අපි දන්නවා.අපිට ඒක ලොකු සතුටක්...


භාෂාවෙ රසය ගැන කියනවනං අපි බ්ලොග් එක මේ ස්ටයිල් එකෙන් ලියන්නෙ අපේ කියවන යාලුවන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන අරමුණෙන්.අනිත් එක මේ ස්ටයිල් එක වර්තමානයට ගොඩක් සමීපයි කියල අපි හිතනවා.ඉතිං මෙහෙම ලියද්දි කතාව වැඩිපුර හිතට වදිනවා කියල තමයි පූසන්ටනං හිතෙන්නෙ.සමහර විට අපි වැරදි ඇති.එහෙමනං අපිට ඒ බව කියන්න.


කොහොම වුණත් ඔයා "කියන දේ ගැන අපේ විශ්වාසයක් නැති හින්ද" කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද කියන එකනං ටිකක් පැහැදිලි මදි.හිතන්න එපා අපි පාඨකයන්ට බොරු කියනවා කියල.මේ බ්ලොග් එකේ ලියල තියෙන හැම කතාවකම ඉස්කෝලවල, පුද්ගලයන්ගෙ සහ සමහර ගම්වල නම් ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අපිට ඇත්තටම මුහුණ දෙන්න සිද්ද වෙච්ච ඒවා.ඔය "ලු"යන්න පාවිච්චි කරන්නෙ කියන දේ ගැන අපේ විශ්වාසයක් නැති හින්ද නෙවෙයි.ඔය සිද්දි අපිටම වෙච්ච ඒවා නිසාත්, අපි ඒවා විදපු නිසාත් කියන දේවල් ඇත්ත කියල අපිට හොදටම විශ්වාසයි.

ඇත්තටම "ලු"යන්න පාවිච්චි කරන්න හිතුවෙ ඒකෙන් කතාවෙ රසය වැඩි වෙනවා කියල අපිට හිතුන හින්දයි.ඒක නිසා "ලු"යන්න පාවිච්චි කරන එකෙන් කතාවෙ රසයට වෙන්නේ ලොකු හානියක් කියන අදහස සම්බන්දයෙන්නං බරපතලව හිතන්න සිද්ද වෙනවා.කොහොම වුණත් අඩුපාඩු පෙන්නල දෙන්නෙ හොද යාලුවො කියල දන්න නිසා අපි ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා"

ඊට පස්සෙ රන්දිල් අක්කා මෙහෙම කියල තිබුනා.


"මට හිතෙන්නේ මේ ලූ යොදලා තියෙන්නේ පුරු පුරු මල්ලී. එයා ලියන එව්වා කියෙව්වාම නිකම් ම හිතෙනවා මේ පුරු පුරු නාම ධාරියා ලියලා තියෙන්නේ කියලා. ඉතිං ලූ දැම්මාම ඒක මග හැරෙයි කියලා අවිහිංසක පැතුමක් වගෙයි. "


ඉතිං ඒ කතාව යම්කිසි දුරකට ඇත්ත.හැබැයි බ්ලොග් ගඩොල් ලියන්නෙ පුරුපුරු විතරක් නෙවෙයි.මෑන්ස් තරම්ම නැති වුණත් උපාසක සහ ඤාව්වත් මේ බ්ලොග් එකට ලිපි ලියල තියෙනවා.විශේෂයෙන් ඔය ලකීගෙ කතා එහෙම ලිව්වෙ උපාසක.මේ දවස්වල ඒ දෙන්නට ගොඩක් කාර්යබහුල නිසා ගොඩක් ලිපි ලියවෙන්නෙ පුරුපුරු අතින් තමයි.ඉතිං රන්දිල් අක්කා ෂර්ලොක් හෝම්ස්ගෙ නංගි කෙනෙක් වගේ මේක හොයාගැනීම ගැන අපේ උණුසුම් සුභපැතුම්! හික් හික්!!


**********************************************************************************
දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ අපි "ලු"යන්න පාවිච්චි කිරීම අඩු කරන්න ඕනෙද නැද්ද කියන එක.ඒ ගැන තීරණයක් ගන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ.ඉතිං මේ ප්‍රශ්නෙදි ඔයාලගෙ අදහස් තමයි අපිට වැදගත් වෙන්නෙ යාලුවනේ.ඉතිං අපි මේ ගැන මත විමසුමක් දැම්මා.බ්ලොග් එකේ දකුණු පැත්තෙ තියෙන අපේ මත විමසුමට සහභාගි වෙලා ඔයාලගෙ ඡන්දෙ දාල "ලු"යන්න පාවිච්චි කිරීම ගැන අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා.


අපේ කලින් මත විමසුමේ ප්‍රතිඵල වලට අනුව බැලුවම බහුතරයක් අය (52%) තමන්ගෙ ජීවිතේ වැඩිම ෆන් අරගෙන තියෙන්නෙ උසස් පෙළ කාලෙ.ඊට පස්සෙ ඕ ලෙවල් කාලෙ.ඊටත් පස්සෙ තමයි කැම්පස් කාලෙ.ඉතින් කැම්පස් කාලෙ තමයි පට්ටම ෆන් කාලෙ කියල තියෙන මතය නිකම්ම බොරු වෙනව නේද?ඇත්තටම මේ මත විමසුම තිබ්බෙත් මේක චෙක් කරලා බලන්න තමයි.


එහෙනං ඉතිං පූසන්ට අන්නාසි වත්තෙදි මොකද වුණේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද?


**********************************************************************************
ප.ලි - ඇනෝනිමස් කොමෙන්ටු දාන අසනීපකාරයා වෙත



ඔයා කවුද කියල අපි දන්නවා.හැබෑ නමින් අපේ බ්ලොග් එකේ ගොඩක් අදහස් දක්වපු, ඒ වගේම සිංහල බ්ලොග් අවකාශයෙ පැරණි සාමාජිකයෙක් වෙන ඔයා මෙහෙම පහත් තත්ත්වෙකට වැටීම ගොඩක් කණගාටුදායකයි.ඔයාට ඇවිත් තියෙන ආරංචි වැරදි ඒවා.අපිට ඒ බව ඔප්පු කරන්න පුලුවන්.ප්‍රශ්නයක් තියෙනවනං ඒක කතාකරලා බේරගනිමු නේද?


ඒක නිසා ඇනෝනිමස් විදිහට අදහස් දැක්වීමෙන් ඔබතුමා වැලකිලා ඉන්න.දැනට කොමෙන්ට් මොඩරේෂන් නොදා ඉන්නෙ අදහස් දක්වන්න හැමෝටම ඇති අයිතියට ගරු කරලා.ඉතිං දැලි පිහිය හම්බවුණු වදුරාගෙ තත්ත්ව‍යට වැටෙන්න එපා කියල බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.

බැරිමනං ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහ මාරාන්තික උපවාසයක් පටන් ගන්න එකයි තියෙන්නෙ පූසන්ට විරුද්ධ.හික් හික්!!

Wednesday, July 21, 2010

සුනාමි පූසෝ - විද්‍යාව පන්තිය

ඔන්න යාලුවනේ අදත් අපි කියන්න යන්නෙ අපේ පූසන්ගෙ තවත් "පොඩිකාලෙ දග වැඩ" කීපයක් ගැන.හැබැයි මේ ලිපියට "සුනාමි පූසෝ" කියල නම දැම්මෙ සුනාමියට තියෙන සම්බන්දෙකටනං නෙවෙයි.ඔයාලට හේතුව තේරෙයි කියවද්දි....

මේ සිද්දි වුණේ ගඩොල් පූසො ටික 10 - 11 වසරවල ඉන්නකොට.ඔය දවස්වල කට්ටිය ගියාලු පූස්ගම තිබුන ඕ ලෙවල් විද්‍යාව පන්තියකට.පූස්ගම කිව්වට පූස්ගමමත් නෙවෙයි.සෑහෙන ඇතුලට යන්න ඕනෙලු.හරියටම කිව්වොත් චාටර්මාලිගෙ ගෙවල් තිබුන හරියෙ.

ඉතිං සිකුරාදා හවස තමයි මේ පන්තිය තිබුනෙ.පුරුපුරුයි මාලුකට්ටයි හොස්ටල් එකේ ඉදලා, ස්කූල් වෑන් එකේ හරි බස් එකේ හරි පන්තියට එනවලු.ස්කූල් වෑන් එකේ ආවොත් ඤාව්වයි සව්සිරියිත් සෙට් වෙනවා.ඉතිං කට්ටිය විද්‍යාව පන්තියට හැරෙන පාර ළගින් බහිනකොට උපාසකයි වේයන්ගොඩයයිත් කලින්ම එතනට ඇවිත්ලු.


ඉතිං කට්ටියම එකතු වෙලා ඊට පස්සෙ විද්‍යාව පන්තිය දක්වා සංචාරෙ පටන් ගන්නවලු.විද්‍යාව පන්තියට යන්නනං අර කලින් කියපු පාර දිගේ විනාඩි විස්සක් විසිපහක් විතර ඇවිදින්න ඕනෙලු.ඔය පාරත් ඉතිං මහ පාලු පාරක්ලු.ජීවිතේට බස් එකක් දැකල නෑ.බස් එකක් තියා ඔය පාර රෝද හතරෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින්ලු.ඉතිං පූසන්ට හැමදාම පන්තියට පයින්ම ගාටන්න තමයි සිද්ද වුණේ.හැබැයි ඉතිං පයින් සංචාරෙත් නරකම එකක් වුණේ නැහැලු.


කලින් කිව්ව වගේ ඔය පාර වස පාලුයි.ඉතිං වැඩිය සෙනගත් නැහැලු.ඒක හින්ද අපේ යාලුවො කට්ටිය කරන්නෙ පාර දිගට තියන පලතුරු ගස්වල ගෙඩි කඩ කඩා යන එකලු.ඔය අඹ, රඹුටන්, ජම්බු වගේ ගස් පූසන්ට පෙන්නන්න බැරිලු.අයිතිකාරයට මීටර් වෙන්න කලින් ගස්වල ගෙඩි අතුරුදහන් කරන එක කට්ටියට මහ කජ්ජක් නෙවෙයි.ඉතිං ඔය පාරෙ හිටපු ගොඩක් මිනිස්සුන්ට රාහු කාලය උදාවෙන්නෙ සිකුරාදා හවසටලු.

ඔහොම යද්දි ලොකු වෙලකුත් හම්බවෙනවලු.ඉතිං වෙල අයිනෙ ඇලේ ඉන්න මාලුන්ගෙත් දුක සැප බලල යන්න පූසො අමතක කරන්නෙ නෑ.ඊට පස්සෙ හම්බවෙන්නෙ පොඩි ගෙස්ට් හවුස් එකක්.ඔතන ඉස්සරහ "කාමර පහසුකම් ඇත" කියල ලොකු යකඩ බෝඩ් එකක් ගහල තියනවලු.ඒ දවස්වල කට්ටියට මාර ප්‍රශ්නෙ බස් එකක්වත් නැති පාරක "කාමර පහසුකම්" මොකටද කියලා.ඉතිං යාලුවො ටික කරන්නෙ තඩි ගල් ගෙඩියක් අරගෙන අර බෝඩ් එකට ගහල පැනල දුවන එකලු.පළාතම මහ සද්දෙන් දෙවනත් වෙද්දි අපේ පූසො කට්ටිය අතුරුදහන් වෙලා ඉවරයිලු.(අනේ පව්! ඔය කාමරවල හිටපු කට්ටිය බයවෙන්න ඇති කියල ඒ දවස්වල පූසන්ට මීටර් වුණේ නෑ නොවැ!!)


ඊට පස්සෙ හම්බවෙන්නෙ ස්කූල් වෑන් එකේම ගිය ඇලිගේටර් අක්කලගෙ ගෙදර.ඇලිගේටර් අක්ක ගියෙ වජිර බාලිකාවට.අර ලකීගෙ සෙට් එකේ තමයි හිටියෙ.ඇලිගේටර් අක්කගෙ අම්ම කළේ මල් බිස්නස්.(හික් හික්!! ඔන්න වැරදියට හිතන්න එපා.විසිතුරු මල් හොදේ!)ඉතිං ගෙදර ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගහල තියනවලු මෙන්න මෙහෙම


"මීවණ විකිණීමට ඇත"

ඉතිං පූසො ටික එක දවසක් ඔතනින් ගියාට පස්සෙ බෝඩ් එක වෙනස් වුණාලු මෙන්න මෙහෙම

"මී උණ විකිණීමට ඇත"

බැලින්නං කට්ටිය කලින් ප්ලෑන් කරලා හුණු කැටේකින් "ව"යන්න මකල ඒක උඩින් "උ"යන්න ලියල ගිහිං.හැබැයි ඇලිගේටර් අක්කගෙ අම්මනං අර බිල්ලගෙ අම්මා වගේ පූසන්ට බනින්න ආවෙ නෑ.


තව, ඇලිගේටර් අක්කලගෙ ගේ ඉස්සරහ පාර අයිනෙ තිබුනලු ලොකු මාංසල කොළ තියෙන පදුරක්.ඉතිං අපේ යාලුවො කට්ටිය ඔය පදුරෙ කොළවලත් මොනව හරි ලියල යන්න අමතක කරන්නෙ නෑලු.උදාහරණයක් විදිහට


"ඇලිගේටර් අක්කේ, ඔන්න අපි ආවා - මීට උපාසක"
"ගේ ඉස්සරහ තියෙන බෝඩ් එක දිහා බලන්න"
"ඇවිදල ඇවිදල හරිම මහන්සියි"


වගේ දේවල්.ඉතිං අනිත් සතියෙ බලද්දි ඇලිගේටර් අක්කගෙ අම්ම අර අකුරු ලිව්ව කොළ ටික පදුරෙන් අයින් කරල දාලා.ඔය විදිහට ගිහිං අන්තිමට පදුරෙ ඉතුරු වුණේ කොළ දෙකයිලු.ඉතිං පූසො ටික ඒ කොළ දෙකේ ලිව්වලු මෙන්න මෙහෙම


"මාව කපල දාන්න එපා, අරයව කපල දාන්න"
"නෑ නෑ, මාව නෙවෙයි අරයව තමයි කපන්න හොද"


අනේ! ඊළග සතියෙ යද්දි අර පදුර තිබුන තැනවත් හොයාගන්න නෑලු.දැන්නං ඇලී රජරට පැත්තෙ කැම්පස් එකක කුඹුරු කොටනවලු.


ඇලිගේටර් අක්කගෙ ගෙදරින් පස්සෙ හම්බවෙන්නෙ අපේ සව්සිරිගෙ ගෙදර.මෑන්සුත් පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේම තමයි ගියෙ.ඉස්කෝලෙ ගියෙනං තුම්මුල්ල කොලීජියට.සව්සිරි පූසන්ට මෑන්ස්ගෙ වත්ත හතර මායිමේ පස් පාගන්න දෙන්නෙ නෑ.මොකද පුසන්ව ළගින් ආශ්‍රය කරන ඩයල් එකක් වශයෙන් එයා දන්නවලු පූසන්ගෙන් වත්තකට වෙන්න පුලුවන් ඩැමේජ් එක.එක පාරක් ගඩොල් පූසො රඹුටන් කාලෙ පොරගෙ වත්තට පැනල, තිබුන රඹුටන් ගහට ගේම දීල තිබුනා.හැබැයි මෑන්ස්ට ෆ්ලවර් ජම්ප් වුණේ ඒකට නෙවෙයි, එදායින් පස්සෙ කවදාවත් ඒ ගහේ ආපහු රඹුටන් ගෙඩියක් හැදුනෙ නෑලු.


විද්‍යාව පන්තියට කලින් හම්බවෙන අන්තිම වැදගත් තැන තමයි අන්නාසි වත්ත.ඔතෙන්දි තමයි පූසන්ට ජීවිතේට අමතක නොවෙන අත්දැකීමකට ෆේස් කරන්න වුණේ.ඉතිං ඒ මොකද්ද කියල අපි ඊළග ලිපියෙන් කියන්නංකෝ.....


ප.ලි - ඩැමේජ් කියන එක ටයිප් කරද්දි මතක් වුණේ, කොම්පියුටර් ක්‍රිකට් ගේම් එකක දර්ශන ගමගේට කියන්නෙ දර්ශන ගැමේජ් කියලා........

Friday, July 16, 2010

DREAMZ OF ඤාව්වා 2 - චාටර්මාලි


ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ අපේ ඤාව්වා නංගි කෙනෙක් ගැන හීන දැකපු හැටි.ඒ ලිපියෙදි කිව්වනෙ ඤාව්ව කියන්නෙ ඕනෙම පොඩි දෙයක් මහා බරපතල විදිහට හිතලා, සිරා නිගමන වලට එන පූසෙක් කියලා.ඔන්න අදත් අපි කියන්න යන්නෙ ඒ වගේම මෑන්ස්ට වුන වැඩක් ගැන.

මේ වැඩේ වුණේ අපේ පූසො සෙට් එක ඒ ලෙවල් කරන්න පටන් ගත්තු මුල් දවස්වල.පූසො හැමෝම ඒ ලෙවල් කළේ සයන්ස් විෂය ධාරාවෙන්.පුරුපුරුයි මාලුකට්ටයි කළේ බයෝ සයන්ස්.උපාසකයි ඤාව්වයි කළේ මැත්ස්.ඉතිං පූස්ගම හොද ඒ ලෙවල් විද්‍යා පන්ති නැති නිසා හැමෝම ගියෙ ගම්පහ පන්ති වලටලු.

ඔය වෙනකොට ඉස්කෝලවල ඒ ලෙවල් ක්ලාස් පටන් අරං තිබුනෙ නැති නිසා පන්ති තිබුනෙ සතියෙ දවස්වල උදේම.ඉතිං ගම්පහ උදේ හතහමාරට තියන පන්තියට පූස්ගමින් උදේ 6 ටවත් යන්න ඕනෙ.ගිහින් "නිමාකා" එකෙන් කෑම කාලා පන්තියට යද්දි කොහොමත් හතහමාරට කිට්ටු වෙනවලු.ඉතිං පුරුපුරුයි, මාලුකට්ටයි, ඤාව්වයි උදේම පූස්ගම බස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවලු.මගදි උපාසකත් බස් එකට නැගල කට්ටියම වෙලාවට පන්තිවලට යනවලු.(තවම ඉතිං මුල් දවස් නොවැ!)

කොහොම හරි ඉතිං සබ්ජෙක්ට් 3ට දවස් 3ක් උදේ පාන්දර එන්නත් එපැයි.ඔහොම ආවම බස්ටෑන්ඩ් එකේදි ඔක්කොම වගේ මුනගැහෙන්නෙ දන්න අදුනන මූණු.මොකද පූස්ගම ඉන්න පූසන්ගෙ වයසෙ සයන්ස් කරන ඔක්කොම ළමයි ඒ වෙලාවට බස්ටෑන්ඩ් එ‍කේලු ඉන්නෙ.කොහොමත් ඉතිං පූස්ගමට ළගම තියෙන ප්‍රධාන නගරෙ තමයි ගම්පහ.පූස්ගම ඉදල ගම්පහට බස් රූට් 3ක්ම තියෙනවලු.

ඔහොම ටික දවසක් ගියාට පස්සෙ මාලුකට්ටටයි, ඤාව්වටයි මීටර් වුනාලු මේ මූණු අතරෙ බොහොම සුන්දර නුපුරුදු මූණකුත් තියනවා කියල.බැලින්නං ලස්සන ගෑනු ළමයෙක්.හොයල බැලින්නං පූසන්ගෙම වයසෙ ළමයෙක්.බයෝ සයන්ස් කරන්නෙ.ඉන්නෙත් පූස්ගම කිට්ටුවම ගමකලු.ඉස්කෝලෙ යන්නෙත් ඒ පැත්තෙ තිබුනු "හේනවිලේජ්" කොලේජ් එකටලු.අර කලුකුමාරි ගිය ඉස්කෝලෙමයි.(පස්සෙ කාලෙක තමයි ආරංචි වුණේ කලුකුමාරිගෙ හොදම යාලුවෙක් කියල).ඉතිං වැදගත්ම දේ කියන්න බැරි වුනානෙ.මේ ගෑනු ළමයගෙ නම තමයි "චාටර්මාලි".

දැන් ඉතිං මේ ළමයගෙ බාරකාරත්වය සම්බන්දෙන් මාලුකට්ටයි ඤාව්වයි රන්ඩු වෙනවලු.මාලුකට්ට කියන්නෙ චාටර්මාලිව මුලින් දැක්කෙ මෑන්ස් කියල.හැබැයි ඤාව්ව කියන්නෙත් ඒ කතාවමයිලු.ඉතිං දෙන්නම පටන් ගත්තලු චාටර්මාලිගෙ හිත දිනාගැනීමේ මහා මානුෂීය මෙහෙයුම.

හැබැයි ඔය මෙහෙයුමේ වැඩි වාසි තිබුනෙ මාලුකට්ටටලු.මොකද චාටර්මාලියි මාලුකට්ටයි දෙන්නම ගියෙ ආචාර්ය උපුල්ගෙ බයෝ සයන්ස් ක්ලාස් එකටලු.ඉතිං ඤාව්ව නැති අතරෙ මාලුකට්ටට පොඩි චාන්ස් එකක් ලැබෙනවලු ක්ලාස් ඉවරවෙලා යන අතරෙ චාටර්මාලිත් එක්ක පොඩි ටෝකක් දාන්න.

ඤාව්වට ඔය චාන්ස් එක ලැබෙන්නෙ කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වුණාට පස්සෙ.හැබැයි ඉතිං එතකොටනං මෑන්ස් එක්ක කොම්පෙට්ෂන් එකට මාලුකට්ටත් ඉන්නවලු.මොකද මාලුකට්ටත් හෙනහුරා වගේ කෙමිස්ට්‍රි ක්ලාස් ගියෙ කේසර සර් ගාවටමයි.ඉතිං ටික දවසකින් මාලුකට්ටට වැඩේ හරියන තත්ත්වයක් උද්ගත වුණාලු.ඔය අතරෙ තමයි දවසක් මේ වැඩේ වුණේ.

එදා වැස්ස දවසක්.ඉතිං මාලුකට්ටට පුස්ගමට එන්න පරක්කු වෙලා.මාලුකට්ට ඉන්නෙ දේවගම හින්ද වෙනම බස් එකකින් උදේ පාන්දර පූස්ගමට එන්න ඕනෙලු.(දේවගම ගැන රසකතා වෙනම ලිපියකින් බලාපොරොත්තු වෙන්න).ඒ වෙද්දි චාටර්මාලිත් ගම්පහට යන්න පිටත් වෙලා.කොහොමහරි ඉතිං මෑන්ස් බස්ටැන්ඩ් එකට ආවම ඤාව්ව ඉස්සරහට එනවලු අප්සට් එකේ වගේ.

ඤාව්වා :- මචං, මට උඹට කියන්න වැදගත් දෙයක් තියනවා

මාලුකට්ටත් ඉතිං ඩිම් වෙලා ගියාලු.පරක්කු වෙලා ඉන්න අස්සෙ මොන ජරමරයක්ද දන්නෑනෙ.

මාලුකට්ටා :- ඇයි මචං, මොකද්ද කේස් එක?

ඤාව්වා :- මචං මට අද උදේ චාටර්මාලි හම්බවුණා.එයා මාත් එක්ක කතා කළා

මාලුකට්ටා :- ඉතිං??

ඤාව්වා :- මචං එයා උඹට කැමති නෑ වගේ.එයා මට තමයි කැමති.ඒත් උඹට අප්සට් වගේනං මම වැඩේ අල්ලල දාන්නං

මාලුකට්ටටත් ඉතිං මාසයක් දෙකක් තිස්සෙ හදපු හීන මාළිගා ඔක්කොම කැඩිල බිදිල ගියා වගේලු.මැන්ස් වෙව්ලන කටහඩෙන් මෙහෙම ඇහුවලු

මාලුකට්ටා :- ඇයි මචං? එයා උඹට කිව්වද උඹට කැමතියි කියල? මට අකමැතියි කියලත් කිව්වද?

ඤාව්වා :- එච්චර දෙයක්නං වුණේ නෑ බං! හැබැයි ඉතිං ඒ වගේ දෙයක් තමයි වුණේ.උඹ ඕව ගනන් ගන්න එපා

මාලුකට්ටා :-(ටිකක් සැරෙන්) ඉතිං කෙලින්ම කියපං මොකද වුණේ කියල

ඤාව්වා :- අද උදේ චාටර්මාලි බස්ටෑන්ඩ් එකට ආපු ගමන් මට තමයි good morning කිව්වෙ.මෙච්චර කොල්ලො බස්ටෑන්ඩ් එකේ ඉන්දැද්දි ඇයි එයා මටම එහෙම කිව්වෙ? ඒ එයා මට කැමති හින්ද..

ඤාව්වත් සීරියස්පිටම කිව්වලු.කොහොම හරි එදා ඤාව්ව ගම්පහ යන්න කලින් වෙච්ච සිද්දිය ගම්පහට ආරංචි වෙලා තිබුනලු.එදා ඉදල ටික දවසක් යනකං මෑන්ස්ට ගම්පහ නගරෙ ප්‍රසිද්ධ පාරක යන්න බැරි තත්ත්වයක්ලු තිබුනෙ.දකින දකින කොල්ල මැන්ස්ගෙන් මෙහෙම අහනවලු

"මචං මට අද කෙල්ලෙක් good morning කිව්වා.එයා මට කැමති ඇති නේද??"

ප.ලි - සිද්දියෙන් පසු නොබෝ කලෙකින්ම මාලුකට්ටා විසින් චාටර්මාලිව යාලු කරගන්නා ලදී

*************************************************************************************

Tuesday, July 13, 2010

DREAMZ of ඤාව්වා

ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නෙ ඤාව්වගෙ කතාවක්.අපේ සමාජෙ සමහර අය ඉන්නවනෙ පොඩි දෙයක් වුණත් ඒක ලොකුවට අරගෙන දිගින් දිගටම ඒ ගැන හිතන.අපේ ඤාව්වත් ඒ වගේ ඩයල් එකක් (ඉස්සර එහෙමයි කියල දාන්නලු.ඔන්න දැම්මා..)

මෑන්ස්ට ඉතිං පොඩි සිද්දියක් වුණත් දිගින් දිගටම ඒක ගැන හිතල අන්තිමට මාර සිරා නිගමනවලට තමයි එන්නෙ.ඇත්තටම ඉතිං එක පැත්තකින් බැලුවම හොද තර්කානුකූල නිගමන.කාටවත් ඒක එහෙම නෙවෙයි කියල කියන්නත් බෑලු.හැබැයි මෑන්ස්ට මේ ලෙඩේ හැදෙන්නෙ කාන්තා පාර්ශවේ සම්බන්ධ සිද්දි වලදි විතරයිලු.ඉතිං අපි කියන්න යන පළවෙනි කතාව සිද්ද වුණේ කට්ටිය 11 වසරෙදි.

ඔය කාලෙ වෙනකොට ඕ ලෙවල් වලට මාස කීපයයි තිබුනෙ.ඉතිං කට්ටියට පොඩ්ඩ පොඩ්ඩ රත්වෙන්න පටන් ගන්න කාලෙ.ඒ වෙද්දි මාලුකට්ටට සමාජ අධ්‍යයනය සබ්ජෙක්ට් එක සම්බන්දෙන් සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබුනලු.මෑන්ස්‍ට ඔක්කොම පුලුවන් සමාජ අධ්‍යයනය තමයි බැරුව හිටියෙ.(සමාජ අධ්‍යයනය බැරි වෙච්ච එකේ ප්‍රතිඵල පස්සෙ කාලෙක ගෙඩි පිටින් හම්බ වුණා.ඒ ගැන පස්සෙ කියන්නංකො නේද?)ඉතිං සමාජ අධ්‍යයනයට පොඩි ගෲප් ක්ලාස් එකක් දාගන්න මෑන්ස් තීරණය කළාලු.

ඉතිං මාලුකට්ටගෙ අම්මා උගන්නන ඉස්කෝලෙන් සමාජ අධ්‍යයනය සර් කෙනෙක් හොයාගත්තයි කියමුකො.දැන් ලොකුම ප්‍රශ්නෙ පන්තියට ළමයි හොයාගන්න එකලු.මොකද දැන් කාලෙ වගේ නෙවෙයි ඒ දවස්වල, ඒ කියන්නෙ 2003 දි, ළමයි ඕ ලෙවල් ක්ලාස් ගියෙ සයන්ස්, මැත්ස්, ඉංග්ලිෂ් වගේ ගොඩක් වැදගත් සබ්ජෙක්ට් වලට විතරයි.එහෙම කියල මාලුකට්ටට ක්ලාස් එක ඉන්ඩිවිජුවල් එකක් කරගන්නත් බෑලු සර්ගෙ අයකිරීම් වලට අනුව.ඉතිං මෑන්ස්ගෙ බලවත් ඉල්ලීම අනුව පුරුපුරු, උපාසක සහ ඤාව්වටත් සිද්ද වුණාලු මේ පන්තියට සහභාගි වෙන්න.එතකොට ළමයි හතර දෙනයි.

ක්ලාස් එක තිබුනෙ ඉරිදා හවස පූස්ගම බෞද්ධ මධ්‍යස්ථානෙලු.ඉතිං අපේ පූසො සෙට් එකත් ගිහිල්ල සර් කියන ඒව උඩින් පල්ලෙන් අහගෙන ඉදලා, සිතියමක් දෙකක් ඇදලා, ඔතෙන්ට වෙලා හරිම අමාරුවෙන් පැය දෙකක් ඉන්නවලු.ඔය අතරෙ තමයි බෞද්ධ මධ්‍යස්ථානෙ තව ගෲප් ක්ලාස් එකක් පටන් ගත්තෙ.ඒක පූසන්ගෙ ගෲප් ක්ලාස් එකට හපන්.ඒ ක්ලාස් එක සිංහල පන්තියක්.ඒ මදිවට මේ 10 වසරෙ හිටපු ළමයි හතර දෙනෙකුට.පූසන්ගෙ ක්ලාස් එකට හොදට පේන තැනක තමයි මේ පන්තිය තිබුනෙ.

හැබැයි ඔය ක්ලාස් එක පටන් ගත්තට පස්සෙ අපේ පූසන්ගෙ කම්මැලිකමනං සම්පූර්ණයෙන්ම දියවෙලා ගියාලු.වෙනදට විනාඩි දහයක් විතර පරක්කු වෙලා පන්ති එන ඩයල් ටික දැන් විනාඩි විස්සක් විතර කලින් එනවලු.ඉතිං හිතාගන්න පුලුවන්නෙ මොකද්ද මේ කඩිසරකමේ රහස කියල නේද?ඔව් ඔව් ඒක තමයි........ඒ පන්තියෙ හිටියෙ ලස්සන නංගියො හතර දෙනෙක්ලු.ඔය අතරෙ හිටිය ලස්සනම නංගිව අපේ ඤාව්වට සෑහෙන්න අල්ලල ගියාලු.

මෑන්ස් කොහොමත් ඒ ළමයව කලින් ඉදලා අදුරනවලු.පොඩිකාලෙ ඤාව්ව ගිය දහම් පාසලටම තමයි ඒ ගෑනු ළමයත් ගිහින් තියෙන්නෙ.ඉතිං ඒ කාලෙම ඒ නංගිව ඤාව්වගෙ රේඩාර් එකට අහුවෙලා පස්සෙ ඩේටා‍බේස් එකේ තැන්පත් කරගෙන තමයි ඉදලා තියෙන්නෙ.දැන් පොරට ඕනෙ මේ ළමයත් එක්ක කතාවට යන්න.හැබැයි මෑන්ස්ට ෂුවර් නෑ එයාට මෑන්ස්ව මතකද නැද්ද කියලා.

ඉතිං එක දවසක් කට්ටිය ක්ලාස් යද්දි මේ කෙල්ලො සෙට් එක කලින් ගිහිල්ල මොනවද කකා ඉන්නවලු.හොදට ඇන්ටනාව දාල බැලින්නං කන්නෙ ලොකු චොක්ලට් එකක්.මේක දැක්ක ඤාව්වගෙ දිවේ රස ග්‍රන්ථි ඉබේම ක්‍රියාත්මක වෙන්න ගත්තලු.මොකද ආස කරන දේවල් දෙකක් එකම තැන.නංගි සහ චොක්ලට් එක.කොහොම හරි ඉතිං ඤාව්වගෙ පැනි ලුක් එක කෙල්ලන්ටත් මීටර් වෙන්න ඇතිනෙ.මෙන්න එක පාරටම හිටපු තැනින් නැගිට්ට නංගි පූසො හිටපු පැත්තට එන්න ගත්තලු.

පූසො සෙට් එකත් ඉතිං ටිකක් විතර රත් වෙලා ගියාලු.බනින්නද දන්නෙත් නෑනෙ එන්නෙ පැනි හැලුවයි කියල.කොහොම හරි ඉතිං අර ළමයා පූසො හිටපු තැනට ආවලු.ඇවිල්ල මෙන්න බොලේ චොක්ලට් එක පූසන්ට දික්කළාලු.අපි මේ නංගිගෙ නම නිලුමලී කියමුකො

නිලුමලී :- අයියෙ ඔයාල මේ චොක්ලට් එක ගන්න

ඤාව්වා :- (චොක්ලට් එක ගන්න ගමන්) තැන්ක්යූ නංගි.ඔයාට මාව මතකද? අර දහම් පාසලේ හිටියෙ?

නිලුමලී :-ඔව් අයියෙ, අයිය ලොකුනමට ඉස්කෝලෙ යන ඤාව්ව නේද?

ඤාව්වා :-(කට කනේ) ඔව් ඔව් නංගි, නංගි ගම්පහ හිරි කොරහ කොන්වන්ට් එකට යන නිලුමලී නේද?

නිලුමලී :-ඔව් අයියෙ,මම එහෙනං යන්නං

ඔන්න ඔහොම ඉතිං නිලුමලී ආපහු යන්න ගියාලු.අනිත් පූසන්ටනං හිතුනෙ කෙල්ලො සෙට් එක බඩේ අමාරුව හැදෙනවට බයේ කෙල ගිල ගිල හිටපු පූසන්ට චොක්ලට් එව්වයි කියලලු.ඒ වුණත් ඉතිං අපේ ඤාව්වනං එ‍් වෙලාවෙම "DREAMZ of ඤාව්වා" පටන් ගත්තලු.මෑන්ස්ගෙ වැඩේ පන්තිය වෙලාවෙත් උඩ බලාගෙන හිටපු එකලු.පහුවදා සදුදා උදේ ස්කූල් වෑන් එකේදි පුරුපුරුව හම්බවුණ ඤාව්ව මෙහෙම කිව්වලු

ඤාව්වා :- මචං මම අර වැඩේ කරන්නද?

පුරුපුරු :- මොන වැඩේද බං?

ඤාව්වා :- අර නිලුමලීගෙ වැඩේ! එයා මට කැමතියිනෙ.

පුරුපුරු :- (පුලුමයෙන්) මොනවා?? එයා කවද්ද උඹට එහෙම කිව්වෙ?

ඤාව්වා :- අමුතුවෙන් කියන්න ඕනෙයැ බං.නැත්තං අහවල් එහෙකටද උඹල සෙට් එකම ඉන්දැද්දි මටම චොක්ලට් එක දික්කළේ?බලපංකො අනිත් දවසෙ ක්ලාස් ඉවර වෙලා මම එයා එක්ක තමයි ගෙදර යන්නෙ..

බැලින්නං ඤාව්ව ගෙදර ගිහිල්ල දවසම කරල තියෙන්නෙ වෙච්ච සිද්දිය ගැන කල්පනා කර කර ඉදලා නිගමනේකට ඇවිත් තියෙන එකලු.දැන් ඉතිං කවුරු නෑ කිව්වත් මෑන්ස් තමන්ගෙ උපකල්පනේ බොරු කියල පිළිගන්නෙ නෑ.පුරුපුරුත් ඉතිං මොනවත් කියන්න ගියෙ නෑලු.ඇරත් ඤාව්වගෙ උපකල්පනේ ඇත්තක්නං එහෙම? පාටියක් නොවැ!

කොහොම හරි ඉතිං කට්ටිය අනිත් දවසෙත් පන්තියට ගියාලු.දැන් ඤාව්ව බලාගෙන ඉන්නවලු තමන්ගෙ පෙම්වතිය එනකං.ඔන්න ඉතිං ටික වෙලාවකින් පෙම්වතියත් පාරෙ කොනකින් මතුවුණාලු.දැන් ඉතිං කෙල්ලත් කට කනේ තියාගෙනලු පූසො ඉන්න පැත්තට එන්නෙ.අනිත් පූසො ටික හොල්මන්ලු.ඤාව්වා පූසො සෙට් එක දිහාට ජයග්‍රාහී බැල්මක් එහෙම දාල හිනාවෙලා ඉස්සරහට යන්න හැදුව විතරයි මෙන්න බොලේ මෑන්ස්ගෙ පෙම්වතිය කට්ටිය හිටපු දිහාට අතත් වනනවලු.

ඒ පාරනං කට්ටියට තේරුනාලු මෙතන මොකක් හරි අප්සට් එකක් තියනව කියල.පස්සෙ බැලින්නං පූසන්ට පිටිපස්සෙන් හිටපු තමන්ගෙ පන්තියෙ කෙල්ලෙක්ට තමයි ඤාව්වගෙ පෙම්වතී අත වනල තියෙන්නෙ.තවත් තත්පර කීපෙකින් එයා පූසො හිටපු තැනත් පහුකරගෙන ගියාලු.හැබැයි ඤාව්ව දිහා බලන්නෙවත් නැතුවලු.මෑන්ස්ට ඉතිං මාර අප්සට් එකලු.එදා හවස් වෙනකං ක්ලාස් එකේ ඉන්න ගමනුත් ඤාව්වා කළේ අර ගෑනු ළමයගෙ අවධානෙ ගන්න උත්සාහ කරපු එකලු.ඒ වුණත් වැඩේ කොහෙත්ම හරි ගියෙ නෑ.

පස්සෙ තව සති කීපයක් ට්‍රයි එකක් දුන්න ඤාව්වා වැඩේ හරි නොගිය තැන තමන්ගෙ "පෙම්වතියව" හිතෙන් අයින් කරල දැම්මලු.දැන්නං ඤාව්වට ඇත්තටම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.කට්ටිය සෙට් වුණාම ඔය නිලුමලීගෙ කේස් එක තවමත් මතක් කරන්න අමතක කරන්නෙ නෑ.දැන්නං ඒකට වැඩියෙන්ම හිනා යන්නෙ ඤාව්වට තමයි!

ප.ලි - ඊළග ලිපිය :- DREAMZ of ඤාව්වා - SEASON 2

Sunday, July 11, 2010

පූසන්ගේ රැවුල කැපිල්ල


එදා අපි කිව්වනෙ පුරුපුරු අයියලාගෙන් ගුටිකාපු හැටි.ඔන්න යාලුවනේ අද කියන්න යන්නෙ අපේ ඊළග හොස්ටල් කතාව.

කුරුදුවත්තෙ හොස්ටල් එකේ හිටපු ප්‍රධානම සත්තු කොට්ඨාශෙ තමයි පූසො.මොකද කොටිය සර් පූසන්ට ගොඩක් ආදරෙයි.ඉතිං කොටිය සර් තමන්ගෙ නිල නිවාසෙ පූසො ගොඩක් ඇති කළාලු.ඔය පූසො කියන්නෙ ගෙවල් ඇතුලෙ දාගෙන හදන්න පුලුවන් ජාතියෙ සත්තු නෙවෙයිනෙ.ඉතිං කොටිය සර්ගෙ පූසන්ගෙ වැඩෙත් හොස්ටල් එක පුරාම රවුම් ගහන එකලු.පුරුපුරුලනං එයාලට කිව්වෙ කොටි පූසො කියල.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු අයගෙන් විශේෂ ඩයල් එකක් තමයි පොන්ටින්.මෑන්ස් ශිෂ්‍ය බටයෙක්.ඒ වගේම නියම ටීම් මෑන් කෙනෙක්.ඩෝම් එකේ කාට වුණත් වලියක් එහෙම වැටුනොත් පොන්ටින්ට ඒ වෙනුවෙන් බහින්න ආයි අමුතුවෙන් ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑලු.හැබැයි මෑන්ස්ට එක එක දුර්වලතා තිබුනෙ නැතුවමත් නෙවෙයි.ඒකෙන් ප්‍රධාන එකක් වුණේ සත්තුන්ට එක එක අරියාදු කරන එකලු.ඉතිං ‍හොස්ටල් එක පුරා කරක් ගගහ හිටපු පූසො ටික පොන්ටින්ගෙ ටාර්ගට් වෙච්ච එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?

මේ දවස්වල මෑන්ස්ට අලුත් අයිඩියා එකක් ඇවිත් තිබුනලු.ඒ තමයි පුසන්ගෙ රැවුල් ගස් කපන එක.ඔය වැඩේ ඉතිං මහලොකු අමාරු වැඩක් වුනෙත් නැහැලු.පොඩි කතුරක් හොයාගන්න එක විතරයි කරන්න තිබුනෙ.මොකද කොටි පූසො හරිම හීලෑ සත්තු ජාතියක්.කතා කරපු පරක්කුවෙන් ළගට එනවලු.ඊට පස්සෙ පොන්ටින් උන්ගෙ රැවුල් ගස් කතුරෙන් කොට කරනවලු.

ඔය පූසන්ගෙ රැවුල් ගස් වැවෙන්නෙ උන්ගෙ ඇගේ පළලට.ඒ‍වයින් තමයි උන් දැනගන්නෙ මොකක් හරි පාරක් තමන්ට යන්න තරම් පළලයිද නැද්ද කියලා.බැරිවෙලාවත් ඔය අහුමුලු වල යද්දි රැවුල් ගස් දෙපැත්තෙ ගෑවුනොත් පූසො එතනින් එහාට යන්නෙ නෑ.ඉතිං රැවුල ශේව් කරපු පූසො ගමනාගමන අපහසුතාවලට ලක් වෙච්ච එක සාමාන්‍ය දෙයක්.

ඉතිං දවසක් දෙකක් යද්දි කොටිය සර්ටත් මීටර් වුණාලු මේ සිද්දිය.කොටිය සර්ත් හෙව්වලු කවුද මේ තමන්ගෙ පූසන්ට ගේම දෙන්න තරං නිර්භීත වෙච්ච පොර කියලා.ඒත් ඉතිං කොහෙ කියල හොයන්නද?පොන්ටින් කියන්නෙ හොස්ටල් එකේ හිටපු ළමයි තුන්සිය ගානෙන් එක්කෙනෙක් විතරයිනෙ.

ඔය අතරෙ තමයි ඒ තීරණාත්මක දවස උදා වුණේ.එක දවසක් පුරුපුරුල හවස සෙල්ලං කර කර ඉන්නකොට ආරංචි වුණාලු කොටිය සර් පොන්ටින්ව අල්ලගෙන හොදටම ගහනවයි කියල.ඉතිං කට්ටිය ගිහිල්ල බැලින්නං කතාව ඇත්ත.කොටිය සර් වේවැලක් අරගෙන පොන්ටින්ට හොදට බැස්ටිය දෙනවලු.මෑන්සුත් ඉතිං මූණ ඇඹුල් කරගෙන ගුටිකනවලු.පොන්ටින් කියන්නෙ කොච්චර කෑවත් රිදෙන්නැති කබරයෙක් වගේ ඩයල් එකක්.හැබැයි එදානං පොරට ටිකක් රිදිලා වගේ.දැන් කට්ටියට මාර ප්‍රශ්නෙ මෑන්ස් මාට්ටු වුණේ කොහොමද කියල.හැබැයි පස්සෙ තමයි සිද්දිය හරියටම ආරංචි වුණේ.

එදා පොන්ටින් පූසෙක්ගෙ රැවුල කප කපා ඉන්නකොට මෑන්ස්ට ගෙදරින් ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා.ඒ දවස්වල ඉතිං දැන් වගේ මොබයිල් ෆෝන් එච්චර භාවිතාවෙ නෑ නොවැ!ඉතිං කෝල් එන්නෙ හොස්ටල් එකේ ලෑන්ඩ් ෆෝන් එකටලු.ෆෝන් එක ති‍බුනෙ කොටිය සර්ගෙ නිල නිවාසෙ පහල තට්ටුවෙලු.ඔය ලයින් එකටම සම්බන්ධ වෙච්ච තව රිසීවර් එකක් තිබිල තියෙනව උඩ තට්ටුවෙත්.

කොහොම හරි ඉතිං පොන්ටිනුත් ගිහිං කෝල් එක ආන්සර් කරලා.ඔය අතරෙ තමයි රැවුල බාපු පූසත් ඔතෙන්ට ඇවිත් තියෙන්නෙ.

පොන්ටින්ගෙ තාත්තා :- ආ පුතා, කොහොමද? ඉස්කෝලෙ වැඩ හොදින් කෙරෙනවද?

පොන්ටින් :- ඔව් තාත්තෙ, හොදින් කෙරෙනවා! ඒක නෙවෙයි, මම මේ කෝල් එක එද්දි රැවුල කප කපා හිටපු පූසත් මෙතන ඉන්නවා

පොන්ටින්ගෙ කරුමෙටම මොකක් හරි හේතුවක් නිසා කොටිය සර් උඩ තට්ටුවෙ ඉදල රිසීවර් එක උස්සලා.හරියටම පොන්ටින් අර කලින් කියපු වාක්‍ය කියද්දිම තමයි කොටිය සර් රිසීවර් එක උස්සල තියෙන්නෙ.ඉතිං සම්පූර්ණ රිපෝට් එකම සර්ගෙ කනේලු.
කොටිය සර්ටත් ඉතිං දෙන දෙයියො ගෙටම ගෙනත් දුන්න වගේ.පොන්ටින්ගෙ ටෙලිෆෝන් කෝල් එක ඉවර වෙච්ච ගමන් පහලට ගිය කොටිය සර් මෑන්ස්ට හොදටම ගහල.එතකොට තමයි පුරුපුරුලට සිද්දිය ආරංචි වෙලා තියෙන්නෙ.

කොහොම වුණත් එදායින් පස්සෙ
පොන්ටින් නෙවෙයිලු කකුල් හතරකුයි නැට්ටකුයි රැවුල් ගසුයි තියන සතෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ....

Friday, July 9, 2010

හොස්ටල් ලයිෆ් 2 - ආෆ්ටර් ඩිනර්


ඔන්න යාලුවනේ ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු අවකාශෙට ආවා.එදා අපි කිව්වනෙ පුරුපුරු හොස්ටල් එකට ගිය හැටි.අද කියන්න යන්නෙ මෑන්ස්ට ඒ දවස්වලම සිද්ද වෙච්ච වැඩක්.

මුලින්ම කියන්න ඕනෙ කුරුදුවත්ත හොස්ටල් එකේ නීති රීති ගැන.කොයි හොස්ටල් එක වගේම කුරුදුවත්ත හොස්ටල් එකත් නීති රීති වලින් බහුල තැනක්.මොනව කරන්න ගියත් එතන මොකක් හරි නීතියක්.සමහර නීති පාලනාධිකාරියෙන් දාපුවා.සමහර නීති ජ්‍යේෂ්ටයො දාපුවා.උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා රෑ වෙනකං නීති පිලිපදින්න තමයි වෙන්නෙ.හැබැයි කොච්චර නීති තිබුනත් කියාගන්න බැරි අමුතුම සිරා ගතියක් හොස්ටල් ලයිෆ් එකේ තිබුනෙ.

දැන් ඉතින් හොස්ටල් එකේ නීති රීති ඔක්කොම කියන්න ගියොතින් මේ කතාව නීරස වෙනවා.ඒක හින්දා දැනට ඩයිනින් හෝල් එකේ නීති ගැන විතරක් කියන්නංකො.ඔන්න හොස්ටල් එකේදි දවසට කෑම වේල් හතරක් ලැබෙනවා.ඒ උදේ, දවල්, රෑ කෑමයි හවස තේ වේලයි.(මේවා ගැන වෙනම ලිපියක් දාන නිසා දැනට වැඩිපුර නොකියා ඉන්නංකො) ඉතිං ‍මුලු හොස්ටල් එකම කෑම කෑවෙ ඩයිනින් හෝල් එකේදි.කෑම නොකන වෙලාවට පාඩම් වැඩ වලට තමයි මේක යොදාගත්තෙ.

හැම කෑම වේලටම කලින් වසරෙන් වසර ඇවිල්ලා ඩයිනින් හෝල් එක ඉස්සරහ පේළියට ඉන්න ඕනෙ.මුලින්ම එන්නෙ පොඩි ඩයල්.ඒ කියන්නෙ 6 ඉදලා 9 වසරට යනකං කොල්ලො.ඊට පස්සෙ 10 වසර.ඊටත් පස්සෙ තමයි "ඩයල්" එන්නෙ.ඒ කියන්නෙ 11 වසරෙ කට්ටිය.

ඔහොම ළමයි හැමෝම ඇවිල්ලා ඉවරවුණාට පස්සෙ තමයි ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා ඇවිත් ළමයි පේලි ඉස්සරහින් හිටගන්නෙ.සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා මේ වැඩේට සහභාගි වෙන්නෙ නෑ.ඊට පස්සෙ තියෙන්නෙ 6 ඉදලා 11 වසර වෙනකං පේළි පිලිවෙලට ඩයිනින් හෝල් එක ඇතුලට දාන එක.

ඩයිනින් හෝල් එක ඇතුලට යන එකත් ලේසි පාසු වැඩක් එහෙම නෙවෙයි.පිලිවෙලට කොන්ඩෙ පීරල තියෙන්න ඕනෙ.ෂර්ට් එකක් ඇදලා ඒක යට කරල තියෙන්නත් ඕනෙ.බැගී දාන්නත් බැහැලු.ඒ මදිවට ඩිනර් එකටනං දිග කලිසමක් අදින එකත් අනිවාර්යයි.ඒ වගේම කෑම වේලෙන් වේලට වෙනස් වෙච්ච මෙතන කියන්න බැරිවුණ නීතිත් තියෙනවා.ඒවා පස්සෙ කියමුකො නේද?

ඉතිං වැදගත් හරිය පටන් ගන්නෙ ඩයිනින් හෝල් එක ඇතුලට ගියාට පස්සෙ.ඒක ඇතුලෙ මේස ගොඩක් තියනවා.එකක 8 දෙනෙක්ට ඉන්න පුලුවන්.මේ හැම මේසෙටම ඉන්චාර්ජ් වෙච්ච 11 වසරෙ ළමයෙක් ගානෙ ඉන්නවා.මේ අයට කියන්නෙ ටේබල් මොනිටර්ස්ලා කියල.ඉතිං අනිත් ළමයි මේසෙට එන්න, කෑම බෙදාගන්න, කෑම කන්න, ඒ වගේම මේසෙන් නැගිටල යන්නත් කලින් මේ ටේබල් මොනිටර්ස්ලගෙන් අවසර අරගෙන ඉන්න ඕනෙ.

අපේ පුරුපුරුත් ඉතිං හොස්ටල් ගිය අලුත දවසක ඔය නීති රීති ඔක්කොම පිලිපැදල ලන්ච් එකට ගියාලු.ඔය කාලෙ මෑන්ස් අලුත් හින්ද නීති රීති ගැන මහලොකු අවබෝධයක් තිබුනෙ නෑලු.ඔහොම ගිහින් ඉතිං මේසෙනුත් වාඩි වුණා කියමුකො.ටේබල් එකේ හිටියෙ ටේබල් මොනිටරුයි, 10 වසරෙ පුරුපුරුයි, තව පොඩි එවුන් හය දෙනෙකුයිලු.දැන් තියෙන්නෙ කෑම බෙදාගන්න.

මුලින්ම කෑම බෙදාගන්න ඕනෙ ටේබල් මොනිටර්.ඊට පස්සෙ සීනියොරිටි පිලිවෙලට තමයි බෙදාගන්න ඕනෙ.ඒ කියන්නෙ මුලින් ටේබල් මොනිටර්, ඊට පස්සෙ පුරුපුරු, ඊටත් පස්සෙ පොඩි එවුන් ටික. පුරුපුරුත් ඉතිං මේ ලෝකෙ සිහියෙන් ජීවත් වෙන මනුස්පයෙක් නෙවෙයි නොවැ.මෑන්ස් ඉතිං පැනපු ගමන් බත් පීරිසියක්ම බෙදා ගත්තලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මොකක් හරි වැරැද්දක් වුණා නේද කියල.

බැලින්නං අපේ ටේබල් මොනිටර් තවම කෑම බෙදාගෙන නෑ.මෑන්ස් බත් එක පැත්තකින් තියෙද්දි පූසා දිහෑ කන්න වගේ බලාගෙන ඉන්නවලු.පොඩි එවුන් සෙට් එකත් මහා අනුකම්පාවකින් පුරුපුරු දිහා බලාගෙන ඉන්නවලු, හරියට මරණෙට නියම වෙච්ච හරකෙක් දිහා බලාගෙන ඉන්නව වගේ.එතකොට තමයි පුරුපුරුට වැඩේ හරියටම මීටර් වුණේ.මෑන්ස් අතින් බරපතල වැරදි දෙකක් සිද්ද වෙලා.

1. ටේබල් මොනිටර්ට කලින් කෑම බෙදා ගැනීම
2. අවසරයකින් තොරව කෑම බෙදා ගැනීම

දැන් ඉතිං පුරුපුරු ගැහි ගැහී බලාගෙන ඉන්නවලු.මෑන්ස්ට තිබුන එකම එක්ස්කියුස් එක හොස්ටල් එකට අලුත් වෙච්ච එක විතරයි.ඔහොම ඉන්නකොට තමයි ටේබල් මොනිටර්ගෙ කටින් තීරණාත්මක වාක්‍යය පිටවුණේ

"මල්ලි, ආෆ්ටර් ඩිනර් මාව හම්බවෙනවා!"

හොස්ටල් එකේදි ආෆ්ටර් ඩිනර් කියල කියන්නෙ මරණිය දණ්ඩනයට කියන තවත් නමක් වගේ.මොකද ආෆ්ටර් ඩිනර් හම්බවෙන්න කියල කියන්නෙ ආදරේට නෙවෙයි.විශේෂයෙන්, දෙල්ගහ යටදි හම්බවෙන්න කිව්වොත් ඉතිං බඩුම තමයි.පුරුපුරු හොස්ටල් හිටපු ටික කාලෙට ඒ ටික දැනගෙන තිබුනා.ඉතිං කෑම කාල ඉවරවෙලා මෑන්ස් තමන්ගෙ ඩෝම් එකට ගියා.අපේ වීරයා එදා රෑ වෙන්න එපා කියල කොච්චර ප්‍රාර්ථනා කළාද කියල මෑන්ස් විතරමයි දන්නෙ.

කටුවා, ජුවාන් වගේ සගයන්ගෙ අදහස වුණේ පුරුපුරු අලුත් නිසා එච්චර ලොකු දඩුවමක් ලැබෙන එකක් නෑ කියල.කොහොම හරි ඉතිං එදා රෑ පුරුපුරු ආෆ්ටර් ඩිනර් 11 වසරෙ අයියව හම්බවෙන්න ගියාලු.

දැන් තියෙන්නෙ නඩු ඇසීම.මේ වගේ වෙලාවට සීනියර් බැච් එකේ අනිත් කට්ටියත් එනවලු ඔතෙන්ට.ඉතින් පුරුපුරුගෙ නඩුව අහන්නත් අයියල තුන් දෙනෙක් සෙට් වුණාලු.ඇත්තටම පුරුපුරු අතින් වෙලා තියෙන්නෙ පරණ ළමයෙක් අතින් වුණානං කොහෙත්ම සමාව දෙන්න බැරි වැරැද්දක්.ඒත් පුරුපුරු අලුත් නිසා මෑන්ස්ට පොඩි චාන්ස් එකක් දෙන්න අයියල තීරණය කළාලු.ඒ අනුව මෑන්ස්ට ඔප්ෂන් දෙකක් දුන්නලු

1. අයියලාට චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් දීම
2. ගුටි කෑම

ඔය දෙකෙන් පුරුපුරු තෝරගත්තෙ ඉතිං අඩු වියදමකින් ෂේප් වෙන්න පුලුවන් වැඩේලු.ඒ කියන්නෙ ගුටි කෑම.ගුටි කෑමටත් සම්මත ප්‍රොටොකෝල් එකක් තියනවා.ප්‍රධාන දේ තමයි ගහන්නෙ කම්මුලට.ඒ මදිවට ගුටි කද්දි කන මනුස්සයා කෙලින් හිටගෙන අත් දෙක පිටිපස්සට දාගෙන ඉන්නත් ඕනෙලු.ඉතිං ටික වෙලාවකින්

චට...පට...
චට...පට...චට...පට...

සද්දෙකින් රෑ ආකාසෙ නිහඩ ගතිය නැතිවෙලා ගියාලු.
පුරුපුරුත් තුන්දෙනාගෙන්ම හොදට ගුටි කාල වැනි වැනී ඩෝම් එකට ගියාලු.

ටික වෙලාවකින් ජුවාන්, සලා, අමන්දානන්ද, පොන්ටින් ඇතුලු සෙට් එකකට 11 වසරෙ ඩෝම් එක ළගට එන්න කියල පණිවිඩයක් ආවලු.ටික වෙලාවකින් උන් සෙට් එකත් එනවලු කම්මුල් ටික රතු කරගෙන.බැලින්නං පුරුපුරුට ටේබල් මැනර්ස් ඉගැන්නුවෙ නෑ කියල ඒ සෙට් එකටත් අම්බානට බැස්ටිය දිල...

ප.ලි - ඔය කම්මුලට ගහන සිද්දි හොස්ටල් එකේ කොටිය සර්ට හොරෙන් සිද්ද කරපුවා.කවුරු හරි ළමයෙක්ට ගැහුව කියල කොටිය සර් දැනගත්තොත් ගහපු එකා එදාට ඉවරයි.ඒත් සීනියර්ස්ලට තිබුන බය හින්ද ඔය සිද්දි ගුටිකන මනුස්පයො අතින් එච්චර ලීක් වුණේ නෑලු.කොහොම හරි ගහන-ගුටිකන සංස්කෘතිය දැන්නං හොස්ටල් එකෙන් නැති වෙලා කියල තමයි ආරංචිය.

Thursday, July 1, 2010

ගන කතා 4 (අවසාන කොටස) - සිය රට දේ... සිරි සැප දේ...


ඔන්න යාලුවනේ ඔයාලා ඉතිං ගන කතා සීසන් වන් එකේ අන්තිම ලිපිය කියවන්නයි යන්නෙ.අද අපි කියන්න යන්නෙ දේශීය ගන ගැන.තවමත් "ගනය" කියන්නෙ මොකද්ද කියල දන්නැති කට්ටිය මෙතනින් බලන්නකො.

ඔය ගන කියන්නෙ වෙන සමහර රටවල්වලනං කර්මාන්තයක් මට්ටමට දියුණු වෙච්ච ෆීල්ඩ් එකක්.ඒ වුණාට ලංකාවෙනං දෙයියන්ගෙ පිහිටෙන් තාම එහෙම කර්මාන්තයක් නෑ.මොකද අපේ රටේ නීතිය සහ සංස්කෘතිය ඒ වගේ දේවල්වලට ඉඩක් දෙන්නෙ නෑ නොවැ.හැබැයි ඒකම නෙවෙයි එකම හේතුව.ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට එච්චර තාක්ෂණයක් සහ මාකට් එකකුත් නැති වෙච්ච එකත් ඒකට බලපානවා.හික් හික්!! ගන තියා සාමාන්‍ය චිත්තරපටියක්වත් හදාගන්නෙ කොයිතරංනම් කට්ටක් කාලද?

ඉතිං දේශීය ගන වල තාක්ෂණේ හරිම නොදියුණු මට්ටමක තියෙන්නෙ.කොටින්ම අධ්‍යක්ෂණය, කැමරාකරණය, ආලෝකකරණය, රගපෑම වගේ ඔක්කොම වැඩ එක මනුස්පයෙක් අතින් තමයි කෙරෙන්නෙ.එහෙම හරි තියෙන්නෙ හැබැයි බොහොම ටිකයි.අනිත් ඒවායේ ඉන්නෙ ගනවල රගපානවා කියල නොදැන රගපාන කට්ටිය.ඒ කියන්නෙ එක්කො දෙන්නටම හොරෙන් කවුරුහරි වීඩියෝ කරලා.මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට ප්‍රසිද්ද තැන්වල සීමාව ඉක්මවලා යන අයට.නැත්තං කෙල්ලට හොරෙන් කොල්ල වීඩියෝ කරලා.කොහොම වුණත් මේ වගේ දේවල්නං කොහෙත්ම අනුමත කරන්න බැහැ.

තවත් ඒවායෙ දෙන්නම එකතුවෙලා වීඩියෝ කරලා, හැබැයි මොකක් හරි බැරිවීමකින් වීඩියෝ එක අවුට් වෙලා.එහෙම කේස් එකක් වුණොත් ඉතිං සොරිම තමයි.හැබැයි එහෙම වෙලත් කිසි ප්‍රශ්නයක් නැතුව දිගටම රගපාන ප්‍රසිද්ධ නිළියො කීප දෙනෙක්ම ලංකාවෙ ඉන්නවා.අපේ පූසො සෙට් එකට තවම අහුවෙලා නැත්තෙ කෙල්ල විසින් කොල්ලට හොරෙන් වීඩියෝ කරපු ගනයක් විතරයි.

ඔය මොන මොන අඩුපාඩු තිබුනත් අපේ කොල්ලො ගොඩක්ම බලන්න කැමති දේශීය ගන තමයි.ඒක තමයි මේ ලිපියට " සිය රට දේ... සිරි සැප දේ..." කියල නම දැම්මෙත්.ඉතිං ඔය තියන ඉල්ලුමට හරියන්න ගන සැපයුමක් නැති නිසා ගන බෙදාහරින කට්ටිය ඒ දවස්වල විශේෂ උපායක් අනුගමනය කළා.ඒ තමයි ඉන්දියානු හරි ලතින් ඇමරිකන් හරි ගනයක් අරගෙන, ඒකට සිංහල සිංදුවක් බැක්ග්‍රවුන්ඩ් මියුසික් විදිහට දාල, ඒ මදිවට සිංහල නමකුත් දාල විකුණන එක.උදාහරණයක් විදිහට "කුමාරි ඉන් බැංකොක්" වගේ නමක් තමයි දාන්නෙ.

සාමාන්‍යයෙන් ඔය ඉන්දියන්, ලතින් ඇමරිකන් කාන්තා පක්ෂය ලංකාවෙ කට්ටියට ටිකක් සමානයිනෙ.ඉතිං අපේ හුදී ජනයා වැඩේට මරුවට ඇන්දෙනවා.ඒ අතරෙ සමහර කට්ටිය මේක දේශීය ගනයක්මයි කියල ඔප්පු කරන්න වැඩ කරනවා.එක පාරක් පූසො දැක්ක ගන ෆොටෝ එකක ගෑනු ළමයට එහා පැත්තෙ දිවයින පත්තරයක් තියලා තිබුනා.අන්න ඒ වගේ වැඩකින්නම් ඔප්පු කරන්න පුලුවන් ඒ දේශීය ගනයක්මයි කියලා.

***********************************************************************************

මේ කියන්න යන්නෙ ඤාව්වගෙ 16 වෙනි උපන්දිනේ දවස ගැන.ඉතිං පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටයි හවස ගියාලු ඤාව්වගෙ ගෙදර.උපන්දිනේ දවසෙ ඉතිං හිස් අතින් යන්නත් බෑනෙ.ඉතිං පූසො කට්ටිය තීරණේ කළාලු මෑන්ස්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එක විදිහට සිංහල ගනයක් ගෙනියන්න.හැබැයි තියාගන්න නෙවෙයි, රෙන්ට් එකට.පූසොත් ඉතිං මේසෙ උඩ තියන තෑගි අරගෙන යන්නෙ නෑනෙ.අනික ඉතිං ඊට වඩා වටින තෑග්ගක් කොහෙද ඔය කාලෙට?

ඉතිං පූස්ගම වීඩියෝ සෙන්ටර් එකට ගොඩවැදුනු අපේ යාලුවො සෙට් එක සිංහල ගනයක් ගත්තලු.සාමාන්‍යයෙන් අයිඩෙන්ටිටි කාඩ් එක එතන තියල එන්න ඕනෙ වුණත්, පුරුපුරු වීඩියෝ සෙන්ටර් එකේ යූෂුවල් කස්ටමර් කෙනෙක් නිසා එහෙම අවශ්‍යතාවයක් ඇතිවුණේ නෑලු.ඒ දවස්වල සාමාන්‍ය ෆිල්ම් එකක් රෙන්ට් කරන්න ගාන රුපියල් 30යි.ගනයක්නං රුපියල් 40යි.සිංහල ගනයක්නං රුපියල් 50යි.අනිත් එක ගනයක් ඒ ගානට හරි ගන්න පුලුවන් කඩේ ඇතුලෙ කාන්තා කස්ටමර් කෙනෙක් නැත්තං විතරයි.

දැන් ඔන්න කට්ටිය ගිහිං වැඩේ පටන් ගත්තලු.මෙන්න බැලින්නං මේක ලතින් ඇමරිකන් ගනයක්ලු."චෙරියෝ චෙරියෝ...තවත් බයිලා බැරියෝ" කියන සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකට දාල තිබුනලු.රුපියල් 50ක් දීල ගත්තෙ මේකද කියල හිතපු පුරුපුරු වහාම උපාසකත් එක්ක පූෂ් සයිකලේ ගියාලු කඩේට.

"අයියෙ ඔයා අපිට දීල තියෙන්නෙ සිංහල එකක් කියල ලතින් එකක්නෙ"

පුරුපුරු කිව්වලු.කඩේ අයියගෙ මූණ අප්සට් වෙලා ගියාලු.ඒ වුණත් පුරුපුරුව අදුරන හින්දා මොකුත් කියන්නෙ නැතුව ඒ වෙනුවට වෙන ගන සීඩී එකක් දුන්නලු.පූසො දෙන්න ගිහිල්ල ඒකත් දාල බැලුවලු.බැලින්නං ඒ පාර අයියකාරයා දීල තියෙන්නෙ බංගලිදේශෙ ගනයක්.එක තැනක එහෙ ජාතික කොඩියත් පේනවා.දැන්නං පූසන්ටත් අප්සට්ලු.ආපහු ගියාලු වීඩියෝ සෙන්ටර් එකට.

"අයියෙ ඔයා අපිට මේ පාර දීල තියෙන්නෙ බංගලිදේශෙ එකක්නෙ"

පුරුපුරු කිව්වලු.මේ පාරනං කඩේ අයියට නප්පියටම නැග්ගලු.මෑන්ස් මෙහෙම ගෝරනාඩු කළාලු.

"මල්ලි මේ..., ඔය සීඩී හදන්නෙ මම නෙවෙයි.ඕවායෙ ඉන්නෙත් මම නෙවෙයි.අපිට සිංහල කියලා ඕව තමයි එන්නෙ.ඔයාලට එපානං ඔන්න ඕක ආපහු මෙහාට දෙන්න..."

පූසො ටික ඉතිං ෆුල් සරෙන්ඩර්ලු.සීඩී එක ආපහු දුන්නත් සල්ලිනං ආපහු හම්බ වෙන්නෙ නෑ.එක අතකට මෑන්ස් කිව්ව වගේ මෑන්ස්ට කරන්න දේකුත් නෑ නොවැ!ඉතිං කට්ටිය ආපහු ගනෙත් අරං ඤාව්වලගෙ ගෙදරට ගියාලු.අන්තිමට ඤාව්වා තමන්ගෙ 16 වෙනි උපන්දිනේට බැලුවෙ බංගලිදේශෙ ගනයක්...

*************************************************************************************

මේ කතාව සිද්ද වුණේ ආෆ්ටර් ඕ ලෙවල් කාලෙ.ඒ කියන්නෙ 2004 මුල් හරියෙ.ඔන්න දවසක් පූසො සෙට් එක පුරුපුරුලගෙ ගෙදර කවුරුත් නැති වෙලාවක දේශීය ගනයක් බල බලා ඉන්නවලු.(කට්ටිය ඉතිං ගන බලන්න විතරක්ම නෙවෙයි සෙට් වෙන්නෙ.වෙන ෆිල්ම්සුත් බලන අතරෙ ගනත් බලනවලු).ගෙදර කවුරුත් නැති හින්දා සවුන්ඩ් එහෙමත් හොදට දාගෙනලු බැලුවෙ.

දැන් කට්ටියට ෆුල් අප්සට්ලු.මොකද මේක දේශීය එකක්ද, කලාපීය එකක්ද කියලා වෙන් කරලා අදුරගන්න බැරිලු.ගනේ සවුන්ඩ් කොලිටි එක මදි එහෙම අදුරගන්න.මාලුකට්ටයි ඤාව්වයි කියන්නෙම මේක ජම්බුද්වීපෙ එකක් කියලා.පුරුපුරුයි උපාසකයි කියන්නෙම මේක දේශීය එකක් කියලා.ඔහොම වාද කර කර ඉන්දැද්දි එකපාරටම ගනේ සවුන්ඩ් කොලිටි එක යථා තත්ත්වෙට ආවලු.දැන් කියන ඒව ඇහෙනවා.ඒත් පැහැදිලි මදි.ටික වෙලාවකින් ආපහු එකපාරටම බොහොම පැහැදිලි හඩකින් මෙහෙම කියනවා ඇහුනලු.

"ගන්න ගන්න සංවර්ධන ලොතරැයිය... දිනෙක ජය නියත...මහජන සම්පත....අද දිනුම් ඇදීම කෝටි තුනහමාරයි...."

බැලින්නං කවුද ලොතරැයි විකුණන මනුස්සයෙක් ලවුඩ්ස්පීකරයකින් වේගවත් කොමෙන්ට්‍රියක් දෙනවා.දැන් මාලුකට්ටටයි ඤාව්වටයි කට උත්තර නෑලු.හැබැයි කට්ටියටම ෆුල් හැපී, මොකද ඔරිජිනල් දේශීය ගනයක් නොවැ!අන්තිමට මේ සද්දෙ කරදරයක් වෙන මට්ටමටම පත් වුණාලු.පූසන්ට මහජන සම්පත බලන්න නෑ ලොතරැයිකාරයගෙ මහජන සම්පත විකිනිල්ල හින්දා.

ටික වෙලාවකින් ඒ සද්දෙ සංඛ්‍යාතෙ එන්න එන්න අඩුවෙලා නැතිවෙලා ගියාලු.ලොතරැයි ඩයල් එකට පින්සිද්ද වෙන්න දැනගත්තලු මේක ඔරිජිනල් දේශීය ගනයක් කියලා.ඒ වගේම දැනගත්තලු මේක පා‍රක් අයිනෙ තියෙන ගෙදරක සිද්ද වෙච්ච එකක් කියලා.

ඊට පස්සෙ තමයි හොදම සීන් එක වුණේ.ටිකක් වෙලා සයිලන්ට් එකේ කල්පනා කර කර හිටපු මාලුකට්ටා සීරියස් පිට ‍සියවසේ ප්‍රශ්නය ඉදිරිපත් කළාලු.

"මචං, මේ ගනේට ස්පොන්සර් කරල තියෙන්නෙ ජාතික ලොතරැයි මණ්ඩලෙන් වෙන්න බැරිද?"

*************************************************************************************