අඹ යාලුවෝ

Tuesday, June 29, 2010

ගන කතා 3 - නංගි ඔන්න ගෙම්බෙක්!

අපේ ගන සීරීස් එක ටිකක් දිගට ලියන්න ඕනෙ කියල කලින් හිතාගෙන හිටියත් මේක කොටස් 4කින් නවත්තන්න කට්ටිය තීරණය කළා.නැත්තං ඉතිං මේක ගන බ්ලොග් එකක් වෙලා තමයි නවතින්නෙ.හැබැයි අපි පස්සෙ කාලෙක ගන කතා සීසන් 2 වලින් වැඩේ ආපහු පටන් ගන්නවා.හැබැයි දැන්මමනං නෙවෙයි.

එදා අපි කිව්වනෙ ඤාව්වගෙ නංගිට ගනයක් මාට්ටු වෙන්න ගිය හැටි.ඒ එයා පොඩි කාලෙනෙ.මේ කතාව සිද්ද වුණේ අපේ ඤාව්වා ඒ ලෙවල් ඉවර වෙලා මාලබේ පැත්තෙ තියෙන කොම්පියුටර් පාසලට ඇතුල් වෙච්ච කාලෙ.මේ වෙද්දි මෑන්ස් වයසත් එක්කම ගන තාක්ෂණෙත් දියුණු කරගෙනලු හිටියෙ.ඒ කියන්නෙ දැන් කවුරුහරි කාමරේ ඇතුලට ආවත් පොර ගන බලනව මාට්ටු වෙන්නෙ නෑලු.මොකද දැන් කොම්පියුටරේ තියෙන්නෙ කාමරේ දොර පැත්තට පිටිපස්ස හරවලා.

මේ කාලෙ වෙද්දි ඉතිං ඒ ලෙවල් කාලෙ තරම් ගන බලන්න උණක් නෑ.ඒ වුණාට නොබලත් බෑ නොවැ!ඉතිං දවසක් ඤාව්වා ගජරාමෙට සීඩී එකක් දාගෙන ගන බල බලා ඉන්නවලු.

"අයියේ මට මේ ගාන කියල දෙන්න"

කියල ඔන්න එතකොටම නංගි කාමරේට ආවලු.(දැන් ඉස්සර වගේ එකපාරටම කඩා පාත් වෙන්නෙ නෑලු.කලින් කතා කරල එහෙමලු එන්නෙ).දැන් නංගි කාමරේ ඇතුලෙලු.ඒත් එයාට මොනිටරේ පේන්නෙ නෑ.ඤාව්වත් කලබල වෙච්ච පාර නංගිට මොනිටරේ තියෙන දර්ශනේ පේන්න කලින් කොම්පියුටරේ ඕෆ් කළාලු.

මළ සේකර! කිව්වලු.ඤාව්වා කොම්පියුටරේ ඕෆ් කළාට ඒක ඕෆ් වෙන්නෙ නෑලු.සීඩී එක මැෂින් එක ඇතුලෙ ස්ටක් වෙලා.මූසිකේ පොයින්ටර් එකවත් හෙලවෙන්නෙ නෑලු.ඔක්කොටමත් වඩා මොනිටරේ තියෙන්නෙ අතිශය භයංකාර රූපයක්ලු.නංගි දැක්කොත් එහෙම ඤාව්වා ගෙදර ඉදලා අහවරයි.දැන් නංගිත් පොඩ්ඩ පොඩ්ඩ කිට්ටුවට එනවලු.අපේ පූසට දැන් මොන දේටත් තියෙන්නෙ නැනෝ තත්පර ගානයි.ඒ වෙලාවෙ තමයි මෑන්ස්ට මරු අයිඩියා එකක් ඔලුවට ආවෙ!

ඤාව්වගෙ නංගි පොඩිකාලෙ ඉදලම ඔය පොඩි පොඩි සත්තුන්ට මාර බයයිලු.ඒ කිව්වෙ කැරපොත්තන්ට, හූනන්ට, ගෙම්බන්ට, මීයන්ට වගේ සත්තුන්ට.ඉතින් ඤාව්වට හිතුනලු මේ තියෙන ෆෝබියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ හොදම වෙලාව තමයි මේක කියලා.යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටයැ, නේද?ඤාව්වා එක පාරටම බයවෙලා වගේ කෑ ගැහුවලු මෙන්න මෙහෙම...

"නංගි....... නං...ගි...., ඕ...න්න ගෙම්...බේ.....ක්.......!"

මේක ඇහුනා විතරයි ඤාව්වගෙ නංගිට එලොව පොල් පෙනුනලු.මරහඩ තලාගෙන කාමරෙන් එලියට පැනල දිව්වලු.ඤාව්වටත් දුකයි.ඒ වුණාට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑනෙ.ඔන්න ඔහොමයි අපේ ඤාව්වා එදා නූලෙන් බේරුනේ...

************************************************************************************

මේ සිද්දිය අපේ පුරුපුරුට වුණ වැඩක්.පූසො සෙට් එකෙන් මුලින්ම කොම්පියුටරයක් ගත්තෙ පුරුපුරු තමයි.10 වසරෙදි තමයි මේක ගත්තෙ.ඒ කියන්නෙ 2002 අවුරුද්දෙ.ඒ දවස්වල තිබුන හොදම කොම්පියුටරයක්.128 රැම්, 40 හාර්ඩ් වගේ දියුණු උපාංග තමයි මෙයාට තිබුනෙ.

ඔය කොම්පියුටරේට කතා කරන්න පුලුවන්නං කියල දෙයි පූසන්ගෙ කැරැට්ටුව හොදට.අපි කළගුණ සලකන ජාතියක් කියල පහුගිය දොහේ වේදිකාවල ඇහුන නේද? හික් හික්!! අපේ පූසො සෙට් එකත් ඔය කොම්පියුටර් රාජයාව තවම වන්දනාමාන කරනවා පුරුපුරුලගෙ ගෙදර තියාගෙන.හැබැයි දැන්නං එයා වැඩ කොරන්නෙ නෑ.

දැන් ඉතිං කතාවට බහිමුකො නේද?ඔය දවස්වල පුරුපුරු හිටියෙ හොස්ටල් එකේ.තාම කොම්පියුටරේ ගත්තට කිසිම ෆිල්ම් එකක් ඒකෙන් බලලා නෑලු.මෑන්ස් ඉතිං වීකෙන්ඩ් එකේ ගෙදර එනකොට කොල්ලන්ගෙන් ෆිල්ම් ටිකක් ගේන්න තීරණය කළාලු.පුරුපුරුගෙ නරක වෙලාවට ඔය සතියෙ කට්ටිය ළග වැඩිය ෆිල්ම් තිබුනෙ නෑ.අමාරුවෙන් කියල කියල පන්තියෙ හිටපු පිගීගෙන් එක ෆිල්ම් එකක් ඉල්ල ගත්තලු.ඒ තමයි "ස්කූබි ඩූ".ඉතිං ඕක අරගෙන හොස්ටල් එකට ඇවිල්ලා, ලීවින් පොතේ අත්සන් කරලා ගෙදර යන්න බෑග් එක ගනිද්දි තමයි මෑන්ස්ගෙ ඇස් වලට අපූරු දර්ශනයක් පෙනුනෙ.

"මාලුකට්ටාගෙ කබඩ් එක"

මාලුකට්ටත් හිටියෙ පුරුපුරුලගෙ ගමේම තමයි.මිනිහත් සිකුරාදට ගෙදර යනවා.හැබැයි ටිකක් හවස් වෙලා.පුරුපුරුනං ඉතිං දෙකට ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමං එලියට පනිනවා ස්කූල් වෑන් එක
අල්ලගන්න.ස්කූල් වෑන් එකේ එදාට ඉඩ තිබුනොත් මෑන්ස්ට නොමිලේ ලිෆ්ට් එකක් හම්බ වෙනවා පූස්ගමට.හැබැයි මේ වෙද්දි පුරුපුරුයි මාලුකට්ටයි අතරෙ එච්චරම යාලුකමක් තිබුනෙ නෑ.පස්සෙ කාලෙකනං දෙන්නම එකට ගෙදර ගියෙ බස් එකේ.

මාලුකට්ටගෙ කබඩ් එකේ තමයි සකයා ගන ගබඩා කරන්නෙ.මොකද සකයගෙ කබඩ් එකේ ලොක් එකක් නෑ.ඉතිං පුරුපුරු හිතුවලු පොඩ්ඩක් කබඩ් එක චෙක් කරලා බලන්න ඕනෙ කියලා.පුරුපුරු හිටියෙ මාලුකට්ටගෙ ඇදට එහා ඇදේ.ඉතිං මෑන්ස් දන්නවා යතුරක් නැතුව මාලුකට්ටගෙ කබඩ් එක අරින ජිල්මාට් ක්‍රම.මාලුකට්ටයි, සකයයි දෙන්නම ඒ වෙලාවෙ හොස්ටල් එකේ හිටියෙ නෑලු.

ඉතිං කබඩ් එක ඇරල බැලින්නං මෙන්න බොලේ සීඩී 3ක්ම තියනවලු.සකයගෙ සීඩී එකක්නං ඉතිං අනිවා ඒක ගනයක් තමයි.ඒ ගැන කතා දෙකක් නෑ.සකයට සීඩී 3ක් මොකටද කියලා හිතපු පුරුපුරු එතනින් එකක් අරගෙන ගෙදර ගියාලු(අනේ පව්!ඉතුරු දෙක බස් වල තැලිල පොඩිවෙලා කුලියාපිටියට යන්න ඇති.පුරුපුරු ගත්ත සීඩී එකනං සැපට ගියා ස්කූල් වෑන් එකේ)

දැන් මෑන්ස් ගෙදර ගිහිං සුබ මොහොතින් කොම්පියුටරේ බෞතීස්ම කරන්ඩයි යන්නෙ.මුලින්ම දාල බැලුවෙ ගනය.මෙතනදි තමයි පුරුපුරුට වැරදුනේ. මොකද ඔය වෙලාවෙ කොම්පියුටරේ සද්දෙ හොදටම වැඩි කරල තමයි තිබිල තියෙන්නෙ.සීඩී එක දැම්ම ගමං එක පාරටම ගෑනු මනුස්සයෙක්ගෙ මර ලතෝනි හඩක් ආවලු.

ඔය ගනයක් පටන් ගනිද්දි සාමාන්‍යයෙන් තියෙන සිස්ටම් එක දන්නවනෙ.පොඩි ඉන්ටවීව් පාරක් එහෙම දාලනෙ පටන් ගන්නෙ.ඒ වුණාට මේක එහෙම නෑ.දාපු ගමං ගේමට එන්ටර් වෙලා.කොහොම හරි වෙච්ච වැඩෙන් පුරුපුරු ෆුල් අබ්ලික් වුණාලු.වහාම සිහි එලවාගත්ත පූසා ගන සීඩී එක අයින් කරලා ස්කූබි ඩූ සීඩී එකක් දැම්මලු.එතකොටම තමයි ගෙදර කට්ටිය ඇවිල්ල බැලුවෙ පුරුපුරු මොකද කරන්නෙ කියලා.

ඒ වෙනකොටත් මෑන්ස් ජෙන්ට්ල්මන් වගේ ස්කූබි ඩූ බලනවලු.ඉතිං පුරුපුරුත් යන්තං බේරුනාලු ඤාව්වා වගේම....

ප.ලි - ගන කතා ලබන ලිපියෙන් ඉවරයි.අන්තිම ලිපිය දේශීය ගන ගැන....

Sunday, June 27, 2010

ගන කතා 2 - සිංහයා සහ ලේස් එක

ඔයාලා ගන කතා 1 කියවන්න ඇතිනේ.එදා කිව්වෙ මුද්‍රිත මාධ්‍ය යුගය ගැන.අද එහෙනං ගන කතා 2 දි අපි කියන්න යන්නෙ VCD යුගය ගැන.හික් හික්!!අපේ පූසො ටික හොද හොද ගන කරනම් ගැහුවෙ මේ යුගයෙදි තමයි.

මේ සිද්දිය වුණේ පූසො සෙට් එක ඒ ලෙවල් වලට පාඩම් කරන දවස්වල.ඉතිං තනියෙන් පාඩම් කරන්න කම්මැලි නිසා කට්ටිය එකතු වෙලා තමයිලු මේ අය පාඩම් කළේ.පාඩම් කරල පාඩම් කරල මහන්සි වුණාට පස්සෙ අපේ යාලුවො කළේ ෆිල්ම් එකක් බලන එකලු.ඉතිං ඒ දවස්වල පැය ගනං ෆිල්ම් බලබලා ඉන්න තරං වෙලාවක් නෑ නොවැ!ඉතිං අපේ පූසො සෙට් එක කරන්නෙම ගන බලන එකලු.ඇයි ඉතිං ෆිල්ම් එක පැයෙන් ඉවරනෙ.(පස්සෙ කාලෙ ආපු
DVD යුගයෙදිනං ගන ෆිල්ම් එකක් පැය ගානක් යනකං දික්වුනා.හැබැයි එතකොට ඇති යාන්තම් පූසො ටික විභාගෙ ලියල ඉවරයි.)

දැන් එහෙනං සිද්දියට බහිමුකො නේද?එක දවසක් ඔන්න කට්ටිය ඤාව්වලගෙ ගෙදරට සෙට් වෙලා පාඩම් කරන්න.ඤාව්වයි, උපාසකයි, පුරුපුරුයි, මාලුකට්ටයි, මී කතුරායි තමයි සෙට් වුණේ.ඉතිං කෙමිස්ට්‍රියි, ෆිසික්සුයි පාස්ට් පේපර්ස් කීපයක් කළාට පස්සෙ කට්ටියටම හොදටම මහන්සියිලු.ඔලුවත් කැරකෙනව වගේලු.කට්ටිය තීරණය කළාලු දැන්නං ගනයක් බලන්න කියාපු වෙලාව කියලා.

ඤාව්වත් ඉතිං කාමරේ තිබුන කොම්පියුටරේ ඔන් කරලා මේස ලාච්චුව ඇතුලෙ හංගල තිබුන ගන සීඩී සෙට් එකකුත් එලියට ගත්තලු.දැන් ඔන්න පූසො සෙට් එක ගන බලනවලු.ඤාව්වගෙ කාමරේ පිහිටීම අනුව කවුරුහරි කෙනෙක් ඈතින් එනවනං වහාම කට්ටියට පේනවලු එන එක්කෙනාගෙ උඩ කොටස.ඉතිං මාට්ටු වීම සම්බන්දයෙන් බය වෙන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ.

ටික වෙලාවක් ඔහොම වැඩේ යනකොට එකපාරටම කාමරේට කඩා බිදගෙන කවුද දුවගෙන එනවලු.අපේ යාලුවො සෙට් එක උඩ ගිහිං බිම වැටුනලු.වහාම කොම්පියුටරේ ඕෆ් කළාලු.ඒ එක්කම ඤාව්වගෙ නංගි කාමරේට ඔළුව දැම්මලු.

බැලින්නං ඤාව්වගෙ නංගි තමයි සද්ද දාගෙන කාමරේට දුවං ඇවිත් තියෙන්නෙ.ඤාව්වගෙ නංගි ඤාව්වට වඩා ගොඩක් බාලයි.ඉතිං ඒ කාලෙ එයාට වැඩි තේරුමක් තිබුනෙ නෑ.ඒක හින්ද තමයි පූසො සෙට් එක හිටපු කාමරේට කඩා බිදගෙන ඇවිත් තියෙන්නෙ.නංගි ගොඩක් පොඩි නිසා ළගට එනකම්ම කට්ටිය මෙයාව දැකල නැහැ.වෙලාවට කට්ටිය එයා එනවත් එක්කම කොම්පියුටරේ ඕෆ් කරල තියෙන්නෙ.

හැබැයි ඉතිං ඤාව්වගෙ නංගිත් කොම්පියුටරේ ඕෆ් වෙන්න කලිං මොනව හරි දකින්න නැතෑ.මේ කෙල්ල ඉතිං මෙහෙම කෑ ගැහුවලු

"අම්මේ! මෙන්න ඇන්ටි කෙනෙක්ව සිංහයෙක් කනවෝ......!!"

මේක ඇහුන ඤාව්වගෙ අම්මා නංගිට මෙහෙම බැන්නලු

"මෙහෙ එනවා! ඔය මිනීමරන චිත්‍රපටි බලන්න හොද නෑ පොඩි ළමයින්ට"

අපේ යාලුවො සෙට් එකත් මේක අහල කොර වෙලා ගියාලු.ඇයි හත්තිලව්වේ මුන් ටික මෙච්චර වෙලා මේක බලල කිසිම සිංහයෙක්ව දැක්කෙ නෑ නොවැ!පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ මොකද්ද සිද්දිය කියලා.ඔය ගනේ ප්‍රධාන නළුවට හිටියෙ තඹ පාට දිග කොන්ඩයක් වවාගත්තු ඩයල් එකක්ලු.කොම්පියුටරේ ඕෆ් කරන කොටම ඤාව්වගෙ නංගි යන්තම් මෑන්ස්ව දකින්න ඇතිනෙ.ඒක තමයි අර විදිහට කෑ ගහල තියෙන්නෙ..

*****************************************************************************************

මේ සිද්දියත් වුණේ ඒ ලෙවල් කාලෙදි තමයි.ඔය දවස්වල ගන හුවමාරුව සැරට සිද්ද වුණේ ඉස්කෝලෙ ඇතුලෙදි.ඒ වුණාට ඉස්කෝලෙ ඇතුලට ගනයක් ගේනව කියන්නෙ ජීවිතේ පරදුවට තියල කරන්න ඕනෙ දෙයක්.මොකද වැඩේ මාට්ටු වුණොත් ඉස්කෝලෙට ටටා බායි කියන්න වෙන්නත් පුලුවන්.ඒ වුණාට ඉතිං එහෙම කියල අධෛර්යමත් වෙන ජාතියක්යැ ශ්‍රී ලාංකික අපි නේද?කාටවත් අහු නොවෙන්න ගන සීඩී ගේන විදි කට්ටිය හොයාගෙන තිබුනලු.

මුල් දවස්වල බෑග් එකේ සාක්කුවල, පොත් ඇතුලෙ ගන සීඩී ගෙනාවට ටික කාලයක් යද්දි ඔය ක්‍රමේ මාට්ටුවෙන සුළු මෙතඩ් එක්ක වුණාලු.ඊට පස්සෙ පොත් වල පිට කවර අස්සෙ දාගෙන ආවත් ඒ ක්‍රමෙත් එච්චරම සාර්ථක ක්‍රමයක් වුණේ නෑ.කොහෙ දාගෙන ආවත් ඉස්කෝලෙන් අල්ලනවා.ඊටත් පස්සෙ තමයි ක‍ට්ටිය "ජොකා මෙතඩ්"එක හොයාගත්තෙ.ඒ කියන්නෙ යට ඇදුම ඇතුලෙ දාගෙන ගන සීඩී ගේන එක.හැබැයි ඉතිං අනවශ්‍ය අවයව සීඩී එකේ ගෑවෙන එක වලක්වන්න, සීඩී එකයි අවයවෙයි අතර මොකක් හරි ආවරණයක් දාගෙන එන්නත් වෙනවා.නැත්තං අනිත් උන්ට දෙන්න විදිහක් නෑ නොවැ!

මේ ටෙක්නික් එක ක්‍රියාත්මක කරන්න විශේෂ දැනුමක් අවශ්‍යයි.ඒ වගේම වැඩේ අමාරුයි.ගන සීඩී එක ගබඩා කළාට පස්සෙ වැඩිපුර නැමෙනවා එහෙම බොරු.(එහෙම වුණොත් සීඩී එක කැඩෙනවා)හැබැයි ඉතිං ජීවිතේට මාට්ටු වෙන්නෙත් නෑලු.

මේ ඉතිං අපේ උපාසක ඔය "ජොකා මෙතඩ්" එක අනුගමනය කරල ඉන්න දවසක්ලු.ඉන්ටවල් එකේදි මෑන්ස් පන්තියෙන් එලියට යනකොට ඔතනිං ගිය සර් කෙනෙක් දැක්කලු උපාසකගෙ සපත්තුවක ලේස් එකක් ලෙහිල තියෙනවා.ඉතිං මනුස්සකමට සර් මෑන්ස්ට ඔය බව පෙන්නල දුන්නලු.මළ කෙලියයි! ලේස් එක ලෙහිල තිබුනට උපාසකට ඕක ගැට ගහන්න නැ‍මෙන්න බෑනෙ.ඉතිං පොර සර් කියපු එක ඇහුන්නෑ වගේ යන්න ගියාලු.එතකොට තමයි සර්ට ෆ්ලවර් ජම්ප් වුණේ.ඇයි උදව්වක් කරන්න ගිහිනුත් තමන්ව සත පහකටවත් ගන්න ගත්තෙ නෑනෙ.

සර් :- මෙහෙ එනවා! මම තමුසෙට කිව්ව නේද සපත්තුවෙ ලේස් එකක් ලෙහිල කියල?

උපාසක :- ඔ..ඔව් ස..ර්...

සර් :- ඉතිං මොකද තමුසෙ මාව ගනන් ගත්තෙ නැත්තෙ?

දැන් උපාසකට බයේ බෑ.ගනේ අහුවෙයිද දන්නෙත් නෑනෙ.ඔය වෙලාවෙ තමයි මෑන්ස්ගෙ ටිකිරි මොළේට මරු අයිඩියා එකක් ආවෙ.හිතට දහිරිය ගත්ත උපාසක මෙහෙම කිව්වලු

උපාසක :- එහෙම එකක් නෑ සර්, මගෙ මේ කොන්දෙ අමාරුවක් හැදිල තියනව.මට නැමෙන්න අමාරුයි

උපාසකගෙ දක්ෂ රගපෑමට සර්ත් අහුවුණාලු.එතනින් ගිය වෙන ළමයෙක් ලව්වා උපාසකගෙ ලෙහිල තිබුන ලේස් එකත් ගැටගැස්සෙව්වලු....

Thursday, June 24, 2010

හොස්ටල් ලයිෆ්

පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ස්කූල් වෑන් එකේ කියල දැන් ඔයාල දන්නවනෙ.ඒත් දහය වසරෙ මුල් හරියට යනකං විතරයි.ඊට පස්සෙ මෑන්ස් හිටියෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ.හොස්ටල් එකට යන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා ඉස්කෝලෙට ආපු ළමයින්ට විතරයි.ඒත් පුරුපුරුටනං දහය වසරට යනකං ඔය චාන්ස් එක ආවෙ නෑ.මොකද සාමාන්‍යයෙන් කුරුදුවත්තෙ හොස්ටල් එකට ගන්නෙ බස්නාහිර පළාතෙන් පිට ළමයින්ව විතරයි.

සාමාන්‍යයෙන් හොස්ටල් එකේ එක වසරක ළමයි 45 දෙනෙක් ඉන්නවා.ඒත් 9 වසර ඉවර වෙද්දි පුරුපුරුල අයිතිවෙන 2003 O/L බැච් එකේ ඉතුරු වෙලා හිටියෙ ළමයි 25ක් විතරයි.ඉතිං පාලනාධිකාරිය තීරණය කළා බස්නාහිර පළාතෙ ටිකක් දුර පැතිවල ළමයින්වත් හොස්ටල් එකට ගන්න.ඉතිං ඔය අවස්ථාව ප්‍රයෝජනේට ගත්තු පුරුපුරුයි තව ළමයෙකුයි හොස්ටල් එකට ආවා.එහෙ හිටපු ගොඩක් ළමයින්ව පුරුපුරු හොදට අදුරනවා.ඉතිං හොස්ටල් එකට යාම ගැන මෑන්ස්ට ආයි දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.

ආපු එකේ වාසි ගොඩයි!හොස්ටල් එක තියෙන්නෙ ඉස්කෝලෙ ඇතුළෙමයි.ඉතිං ස්කූල් වෑන් එකේ යනකොට වගේ ගමන් මහන්සියක් හොස්ටල් එකේ ඉන්නකොට දැනෙන්නෙ නෑ.හොස්ටල් එකේ ගාස්තුවත් වෑන් එකට සාපේක්ෂව ගොඩක් ලාභදායකයි.වෙලාව ගොඩක් ඉතුරුයි.ස්පෝට්ස් කරන්නයි පාඩම් කරන්න‍යි ඕන තරං වෙලාව තියෙනවා.දන්නැති පාඩම් යාළුවන්ගෙන් අහගන්න පුළුවන්.මේ වගේ එකී මෙකී නොකී ගොඩක් වාසි හොස්ටල් එකට ආපු එකෙන් පුරුපුරුට ලැබුණලු.හොස්ටල් එකට ආපු එකේ අවාසිනං මෙතන කතා කොරන්ට බලාපොරොත්තුවක් නෑ.ඒවා අපි ඉස්සරහට දාන ලිපි කියෙව්වම ඔයාලටම තේරෙයි.

නේවාසිකාගාර පාලක තමයි කොටියා සර්.හොස්ටල් වෝඩන් නොකියා නම පාවිච්චි කළේ සර් නියම සිංහල ගුරුවරයෙක් හින්දා.ඇත්තටම පුරුපුරුට මෙච්චර කල් මුණගැහිල තියෙන ගුරුවරු අතරෙ කොටියා සර් අමරණීය කැරැක්ටර් එකක්.සර් නියම දක්ෂයෙක්.(හික් හික්!! නැත්තං කොහොමද රාස්ස පැටව් ඉන්න හොස්ටල් එකක් අවුරුදු ගාණක් පාලනේ කරන්නෙ?එතුමා ගැන වෙනම ලිපියකින් කතා කරමුකො නේද?)

කොටිය සර් හොදයි වගේම බොහොම සැර, ඩිසිප්ලින් තදින්ම බලපු පාලකයෙක්.කේ.එච්. කියන්නෙ එයාගෙ ඇත්ත නමේ මුල් අකුරු.හොස්ටල් එකේ කොල්ලො ඕක හැදින්නුවෙ "කොටි හපු" කියල.උන් කොච්චර සම්මා දිට්ටියක් තියෙන ඈයොද කියල අපේ පූසට මීටර් වුණේ ටික දවසක් ගියාට පස්සෙ.ඉස්කෝලෙදි පුරුපුරුලට සිංහල සාහිත්‍ය උගන්නනකොට බොහොම විනෝදකාමී විදිහට ඉන්න කොටිය සර්, හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ගියාට පස්සෙ තමන්ට දාල තිබුණ නමට ගැලපෙන විදිහට තමයි හැසිරෙන්නෙ.කොටිය සර් ජීවත් වුණේ සීනියර් හොස්ටල් එකේ තිබුණ නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.

හොස්ටල් එකේ ඊළග ප්‍රධානියා තමයි රිච් සර්.එයා පී.ටී සර් කෙනෙක්.තරුණ කාලෙ ජාතික මට්ටමේ හෙල්ල විසිකිරිමේ ඩයල් එකක්.සර් නැවතිලා හිටියෙ ජූනියර් හොස්ටල් එකේ තිබුණ උප නේවාසිකාගාර පාලක නිල නිවාසෙ.සැර අතින්නං දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනිත් මනුස්සයට සෙකන්ඩ් වුණේ නෑ.

ඊළගට ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. කියන්නෙ හොස්ටල් එකේ නැවතිලා හිටපු ලෙවල් ළමයි. ලෙවල් කරන්න හොස්ටල් එකට ගන්නෙ ලෙවල් බැච් එකේ හිටපු හතළිස් ගානෙන් 8 දෙනයි.ඉතිං කොලිෆයි වෙන්නනං, ලෙවල් කාලෙ හොද කාඩ් එකක් තියාගෙන හිටපු කොල්ලෙක්ම වෙන්න ඕනෙ.මේ කට්ටිය තමයි හොස්ටල් එකේ පරිපාලනේ හිටපු ගොඩක්ම වැදගත් අය.මොකද පොඩි ළමයින්ගෙ විනය, අධ්‍යාපනය, එක එක පොඩි ප්‍රශ්න ගැන ටච් එකේ ඉන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා. අයට විසදන්න බැරි ප්‍රශ්න තමයි කොටියා සර් ළගට යන්නෙ.ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හොස්ටල් එක ඇතුළෙ තිබුණෙ ලොකු පවර් එකක්.(ගුරුවරු දෙන්නෙකුට ළමයි තුන්සිය ගාණක් කන්ට්‍රෝල් කරන්න අමාරු නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තෙ)

අනිත් එක්කෙනා තමයි "බොග පාලක" රත්තිපාල අංකල්.එයා තමයි හොස්ටල් එකේ සනීපාරක්ෂාව භාරව කටයුතු කළේ.සේවකයෙක් වුණාට රත්තිට තිබුණෙ පාලකයෙකුටත් වඩා පවර් එකක්.මොකද කොටිය සර්, රිච් සර්, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා, මේ කවුරුවත් නැතුව හොස්ටල් එක දවස් කීපයක් හරි ගෙනියන්න පුළුවන්.ඒත් ඉතිං රත්ති අංකල් නැතුව හොස්ටල් එක එක පැයක්වත් ගෙනියන්න බෑ නොවැ!.කොටින්ම ප්‍රිෆෙක්ට්ස්ලා හිටං රත්ති අංකල් එක්ක ෆුල් ෂේප් එකේ හිටියෙ.

ඔන්න ඔහොම තමයි හොස්ටල් එකේ මැනේජ්මන්ට් එක තිබුණෙ.ඉතිං එහෙ තිබුණ නීති ගැන, කෑම ගැන, හිටපු කට්ටිය ගැන තව විස්තර පස්සෙ කියන්නංකො....

.ලි. -

හොස්ටල් එකේදි සිද්ධ වුණ ආතල් සීන් වැහි වැහැලා.ඒත් ඒව පටන් ගන්න කලිං හොස්ටල් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි අපිට ඕනෙ වුණේ.අයිඩියා එකක් නොදී කෙළින්ම ෆන් සිද්ධි වලට බහින්න ඕනෙනං කියන්න හොදේ!

Wednesday, June 23, 2010

ගන කතා 1 - සතුට සහ වින්ද්‍යා

අපේ බ්ලොග් එක කලින් ඉදල කියවපු අයනං දැනටමත් දන්නවා ගනය කියන්නෙ මොකද්ද කියල.දන්නෙ නැති කට්ටියට ආපහු කියන්නංකො.ගනයක් කියන්නේ එක්ස් ගනයකට.ඒ කියන්නෙ X හි තුන් වෙනි බලයට.ඒ කියන්නෙ XXX කියන වටිනාකමට.තව විදියකින් කියනවනං අපේ සමහරු වැල කියන දේටම තමයි.

ඉතිං ඔය බ්ලොග්අවකාශෙ මේ සම්බන්ධ එච්චරම කතාබහක් නැති වුණාට ඕ ලෙවල්,ඒ ලෙවල් කාල වල(සමහරවිට කැම්පස් කාලෙ පවා)කොල්ලන්ගෙ ජීවිතවල මූලික අවශ්‍යතාවයක් තමයි මේ ගන.කෙල්ලො ගැනනං හරියටම කියන්න දන්නෙ නෑ.ඒ වුණාට ගන බලන්නෙ නැති කොල්ලෙක් හොයනවට ව‍ඩා හොදයි අපේ ඉබ්බයියගෙන් පිහාටුවක් ඉල්ලුවනං.(අපිට මේ සීරීස් එක ලියන්න අයිඩියා එකක් තිබුනත් ඒක ඉක්මන් වුණේ ඉබ්බගෙ වින්ද්‍යා කියන ලිපිය දැක්කට පස්සෙ) ඉතිං මේ ගන කතා සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ සිරිලංකාවෙ ගනමාධ්‍ය වල විකාශනය පෙන්නුම් කොරන එක.ගනමාධ්‍ය කිව්වෙ කට්ටිය ගන බලන, ගන ගබඩා කරන මාධ්‍යවලටයි.

සිරිලංකාව ගනමාධ්‍ය යුග හයකට බෙදෙන වග තමයි බ්ලොග් ගඩොල්ටනං හිතෙන්නෙ.ඔන්න වැරදි නම් අපිව නිවැරදි කරන්න යාලුවනේ!

1. මුද්‍රිත මාධ්‍ය යුගය
2. VHS යුගය
3. VCD යුගය
4. DVD
යුගය
5. පන්හිද ධාවක යුගය
6. අන්තර්ජාල යුගය

මුලින්ම ඇතිවුණේ මුද්‍රිත මාධ්‍ය යුගය.ඒ කියන්නෙ ඔය සගරා, පත්තර වගේ අයිටම් තිබුන කාලෙ.ඔය යුගය කොයි කාලෙ ඇතිවුණාද කියලනං අපිට හරිහමං අයිඩියා එකක් නෑ.හැබැයි ඕක 90 දශකයෙ සැරට තිබිල දෙදාස් ගණන් වල මුල් හරියෙ නැතුව ගියා.(හැබැයි තාම තියනවද දන්නෙ නෑ) ඒ දවස්වල පිටකොටුව පැත්තෙ පත්තර කඩ වලින් ඔය ජාතියෙ පත්තරයක් ගන්න එක හරිම සිම්පල් ප්ලෑන් එකක්.එක එක ජාතියෙ චොයිස් එහෙමත් තිබුනලු.ගන ඕනෙනං ගන පත්තර.වර්ග ඕනෙනං වර්ග පත්තර.හැබැයි ගිනි ගනං.

***********************************************************************************

ඔය කාලෙ අපේ පුරුපුරුටත් ඔය ගන පත්තරයක් නිසා මාර චාටරයක් කන්න වුණාලු.සිද්දිය වු‍ණේ මෑන්ස් හත වසරෙදි.ඔය කාලෙ ඉතිං ගන ගැන කිසිම අයිඩියා එකක් තියෙන එකක්යැ.

පුරුපුරුල තීරණය කළාලු පන්තියෙ ළමයි කට්ටිය එකතු වෙලා පත්තරයක් හදමු කියල. පුරුපුරුගෙයි,කස්ස පසන්ගෙයි,පිජමෑන්ගෙයි තමයි අදහස.ඉතිං පන්තියෙ කොල්ලො ටිකත් එකතු කරගෙන කට්ටිය ගේමට බැස්සලු.ඔය පත්තරේ කුඩා පරිමානෙට අතින් ලියපු එකක්.පන්තියෙ කොල්ලන්ගෙ කවි, චිත්‍ර කතා, කතන්දර, රචනා එහෙම තමයි පත්තරේට දැම්මෙ.

අන්තිමට බැලුවම ඉතිං හිතුවටත් වඩා හොදට පත්තරේ හැදිල තිබුනලු.කට්ටියගෙ කවි, චිත්‍ර කතා, කතන්දර එහෙම පිරිල තිබුනලු.පුරුපුරුත් ඔය පත්තරේට ලිව්වා "හන්ටර්" කියල චිත්‍ර කතාවක්.දැන් තියෙන්නෙ පත්තරේට නමක් දාන එක.පිජමෑන් කිව්වලු මේකට සතුට කියල නම දාමුයි කියලා.අනිත් අයත් ඒ නමට කැමති වුණාලු.ඇයි ඉතිං පන්තියෙ ළමයින්ට සතුට ‍ගේන පත්තරේ‍ නො‍වැ!

දැන් ඉතිං පත්ත‍රේ සම්පූර්ණයිලු.පිදුම

"නිබද දැනුමෙන් අප සනසන ආදරණීය පන්තිභාර ගුරු _________ මෑණියන් වෙත"

ඉතිං පත්තරේ ෆොටෝකොපි ගහල පන්තිභාර ගුරුතුමියටත් එකක් පුදලා ඉතුරු ටික ළමයි අතරෙ බෙදල දුන්නලු.

පුරුපුරු ඉතිං හවස ස්කූල් වෑන් එකේ යන ගමන් අනිත් ළමයින්ට පේන්නත් එක්ක දැන් සතුට පත්තරේ කියවනවලු.(මේ අර හැමදාම කියන ස්කූල් වෑන් එකනං නෙවෙයි,ඊට කලින් ගිය එක)ටික වෙලාවකින් පුරුපුරුගෙ පත්තර කියවිල්ල දැකපු වෑන් එකේ වැඩිමල් අයියල ටික බක බක ගාල හිනාවෙනවලු.

බැලින්නං ඒ කාලෙ සතුට කියල බොහොම ප්‍රසිද්ද ගන පත්තරයක් තිබිල තියනවා.ඔය වග දන්නැතුව තමයි පුරුපුරුලා තමන්ගෙ පත්තරේට නම දාල තියෙන්නෙ!ඊට පස්සෙ කලාපෙ ඉදලා කට්ටිය තමන්ගෙ පත්තරේ නම දැනුම කියල වෙනස් කළාලු.

****************************************************************************************************************

මේ කතාවනං ඕ ලෙවල් කාලෙ සිද්දවුණ එකක්.ඔන්න දවසක් පුරුපුරු, උපාසක, ඤාව්වා, මාලුකට්ටා සහ වේයන්ගොඩයා ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය ඉවරවෙලා ගෙදර යන ගමන්.මේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක, මතක ඇතිනෙ!

මේ දවස්වල ජනප්‍රිය වෙලා තිබුන පත්තරයක් තමයි "වින්ද්‍යා" කියන්නෙ.මේක ගන පත්තරයක් එහෙම නෙවෙයි.වර්ග පත්තරයක් කියන්නත් අමාරුයි.කොහොම වුණත් "වින්ද්‍යා" කියන්නෙ අපේ වේයන්ගොඩයගෙ මනාපය දිනාගත්තු පත්තරයක්.ඉතිං මෑන්ස් පූස්ගම පත්තර කඩේට ගොඩවැදුනලු වින්ද්‍යා එකක් ගන්න.පූසො සෙට් එකනං කඩේට ගියෙ නෑ,මොකද කඩේ මුදලාලි තමයි ස්කූල් වෑන් එකේ අයිතිකාරයා.

වටපිට බලබලා ගිය වේයන්ගොඩයා කඩේට ගොඩවැදුනලු.මළ කෙලියයි! එදා කඩේ ඉදල තියෙන්නෙ මුදලාලි නෙවෙයි, මුදලාලිගෙ හාමිනේ.දැන් අපේ යාලුවට අම්බානට ලැජ්ජයිලු.දාඩියත් දානවලු.ඒ වුණාට ලැජ්ජාවට වඩා ලොකුයිනෙ වින්ද්‍යා!ඉතිං වේයන්ගොඩයා හිතට දහිරිය අරගෙන හාමිනේට කිව්වලු මෑන්ස්ට වින්ද්‍යා පත්තරයක් ඕනෙයි කියලා.හාමිනෙත් කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව පත්තරේ දුන්නලු.ඕක ඉතිං ප්‍රසිද්දියෙ එළිමහනෙ තියාගෙන ඉන්ඩ පුලුවන් ජාතියෙ පත්තරයක් නෙවෙයිනෙ.පත්තරේ දුන්න ගමං ඉක්මනට ඒක බෑග් එකේ දාගත්ත වේයන්ගොඩයා හාමිනේට සල්ලි ගෙවලා ඉක්මනට පූසො සෙට් එක හිටපු තැනට ආවලු.

වේයන්ගොඩයා :- මචං, දැන් වින්ද්‍යා පත්තරේ ගාන අඩු කරලනෙ!

ඤාව්වා :- නෑ? කෝ ගනිං බලන්ඩ අපිටත් කියවන්න.

වේයන්ගොඩයත් ඉතිං බෑග් එකේ දාගත්ත පත්තරේ එලියට ගත්තලු කට්ටියත් එක්ක ‍කියවන්න කියල.මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මෙන්න වින්ද්‍යා පත්තරේ මුල් පිටුවෙ ඉන්නවලු පිස්සෙක් වගේ කොන්ඩෙ වවාගත්ත වයසක මනුස්සයෙක්!පින්තූරෙට යටින් මාතෘකාවකුත් ලියල තිබුනලු "සාපේක්ෂතාවාදය" කියලා.බැලින්නං අපේ ඇල්බට් අයින්ස්ටයින් ලොක්ක පින්තූරෙ ඉන්නෙ.

හාමිනේට වේයන්ගොඩයා "වින්ද්‍යා" කියපු එක ඇහිල තියෙන්නෙ "විද්‍යා" වගේ.ඇයි ඉතිං විද්‍යාව ගැන හිත යොදවන්න ඕනෙ වයසෙ හිටපු ළමයෙක් නොවැ!ඉතිං හාමිනේ මෑන්ස්ට දීල තියෙන්නෙ "විදුසර" පත්තරයක්........

ප.ලි :-

රජයේ අවවාදය - ගන බැලීම ඉතා නරක වැඩකි!

Friday, June 18, 2010

දැලි රැවුල ඇයි...කැපිලා ගියේ...?



අපි පහුගිය දවසක පෝස්ට් එකක් දැම්මනෙ කිරි කොකුන් මැද කණ කොකෙක් කියලා.ඒකෙන් කියවුණේ උපාසක මුලින්ම සුදු දිග කලිසමක් ඇදල ඉස්කෝලෙ ගිය දවස ගැනනෙ.

"කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස."

කියල අපි ඒ ලිපියෙන් කිව්වා.අද එහෙනං ලෑස්ති වෙන්නෙ ඒ අනිත් දවස ගැන කියන්න.ඒ කියන්නෙ මුලින්ම රැවුල කපපු දවස.අපේ පූසන්ගෙන් මුලින්ම රැවුල කැපුවෙ පුරුපුරු.ඔය සිද්දිය වුණේ මෙහෙමයි.

මේ 2001 අවුරුද්ද.ඒ කියන්නෙ
පුරුපුරුල 9-M පන්තියෙ හිටපු දවස්වල.ඔය කාලෙ මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා සාපේක්ෂව ටිකක් විතර වැඩියෙන් වර්ධනය වෙලා හිටියෙ.අපේ කතන්දර උන්නැහෙගෙ වගේ නෙවෙයි, පුරුපුරුගෙනං යන්තං යන්තං හතේ අටේ ඉදලා එන්න පටන් ගත්තු දැලි රැවුල නවය වසර වෙද්දි කපන්න ඕනෙ ගානට වැවිල තිබුනෙ.

ඔය කාලෙට ඉතිං දන්නවනෙ කට්ටි‍යගෙ හැටි.හැමදාම උදේ හවස කණ්ණාඩිය ගාවට ගිහින් බලන්නෙ ඊයෙට වඩා අද රැවුල වැවිලද කියල.රැවුල කපනකං නින්ද යන්නෙ නෑ.ඇයි ඉතිං රැවුල කැපුවට පස්සෙ මූව සලකන්නෙ පොඩි-වැඩිහිටියෙක් කියලනෙ.මිනිස්සු වැඩිහිටියෙක් වුණාට පස්සෙ ආපහු ළමයෙක් වෙන්න කොච්චර ආස වුනත් ළමයි සන්දියෙදි හැමෝම කැමති පුලුවන් තරං ඉක්මනට වැඩිහිටියෙක් වෙන්ට නොවැ!
පුරුපුරුත් ඉතිං අනිත් කොල්ලො වගේම රැවුල කපන්න මාර ආසාවෙන් හිටියෙ.

9 වසරෙ මැද හරියක් ගියාට පස්සෙ
ඉස්කෝලෙ පුරුපුරුලගෙ ශ්‍රේණියෙ කොල්ලො කීප දෙනෙක්ම රැවුල කපල හිටියලු.ඒත් මෑන්ස්ගෙ පන්තියෙනං කවුරුවත් රැවුල කපල හිටියෙ නැහැලු.පන්තියෙ හිටපු කොල්ලන්ගෙන් වැඩියෙන්ම රැවුල තිබුනෙ පුරුපුරුට.ඒ කියන්නෙ පන්තියෙ හිටපු වාසනාවන්තම කොල්ල තමයි පුරුපුරු.ඇයි ඉක්මනටම රැවුල කපන්න හම්බවෙන්නෙ එයාටනෙ.

දැන්
පුරුපුරුට හරිම හදිස්සිලු රැවුල කපන්න.ඒ වුණාට තවම ඉස්කෝලෙන් මෑන්ස්ට දැනුම් දුන්නෙ නෑ රැවුල කපන්න කියලා.ඔහොම ඉදලා ඉදලා එක දවසක් පුරුපුරුලගෙ පන්තියට ආපු ප්‍රිෆෙක්ට් කෙනෙකුට වැඩේ මීටර් වුණාලු.මෑන්ස් පුරුපුරුට කිව්වලු පහුවදා එනකොට රැවුල කපාගෙන ආවොත් හොදයි කියලා.මොකද ඉස්කෝලෙ සාමාන්‍යයෙන් කලින් රැවුල කපලා නැති කෙනෙකුට අනිවාර්යයෙන් රැවුල කපාගෙන එන්න කියන සිරිතක් තිබුනෙ නෑ.

දැන් ඉතිං
පුරුපුරුට රජ මගුල් වගේලු.අද හවසනං රැවුල කපනවාමයි කියල හිතාගෙන මෑන්ස් ගෙදර ගියාලු.ගෙදර කට්ටියට වෙච්ච සිද්දියත් කිව්වලු.ඒ වුණාට අවාසනාවක මහත!පුරුපුරුගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා.මොකද පුරුපුරුගෙ තාත්ත කැමති වුණේ නෑ අපේ පූසා දැන්මම රැවුල කපනවට.

"
ඔය ළමයෙක් කපන්න කිව්වට දැන්ම රැවුල කපන්ඩ ඕනෙ නෑ"

පුරුපුරුගෙ තාත්ත කිව්වලු.බලාපොරොත්තු කඩවෙච්ච පුරුපුරු සුපුරුදු විදිහට පහුවදා ඉදලා දැලි රැවුලත් අරගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගත්තලු.ඊටපස්සෙත් ප්‍රිෆෙක්ට්ලා කීපදෙනෙක්ම පුරුපුරුට අවවාද කළත් තාත්තගෙ විරෝධය හින්ද මෑන්ස්ට රැවුල කපන්න වුණේ නෑලු.ඔහොම ඉන්නකොට තමයි එක දවසක් පුරුපුරු ගෙදරවැඩ කරගෙන ආවෙ නැතුව සෞඛ්‍ය උගන්නපු කොඩි සර්ට මාට්ටු වුණේ.

කොඩි සර් :-
පුරුපුරු, තමුසෙ මොකද ගෙදරවැඩ කරගෙන ආවෙ නැත්තෙ?

පුරුපුරු :- ....................................(සයිලන්ට් එකේ)

කොඩි සර් :- තමුසෙට ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ, තොත්ත බබා වගේ ඉන්න හැටි? ඒ උනාට මොකෝ තඩි රැවුලකුත් වවාගෙන ඉන්නෙ!

මේ කතාව අහපු පන්තියෙ කොල්ලො ටික බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තලු.ඒ වුණාට පුරුපුරුටනං කිසිම දුකක් නෑලු.මෑන්ස්ට ගිහිං කොඩි සර්ව බදාගන්න තරං හැපියක් ආවලු.රැවුල කපන්න මේ තරං හොද හේතුවක් වෙන කිසිම ගුරුවරයෙක් ලබල දුන්න එකක්යැ!පුරුපුරුත් ඉතිං මේ කතාව ගෙදර ගිහිං කිව්වෙ එක දෙක කරල.මේ පාරනං පුරුපුරුගෙ අම්මවත් තාත්තවත් රැවුල කැපීම සම්බන්දෙන් කිසිම විරුද්ධත්වයක් පළ කළේ නෑ.ඉස්කෝලෙ සර් කෙනෙක්නෙ කියල තියෙන්නෙ.

සාමාන්‍යයෙන් ඔය මුලින්ම රැවුල කපන වැඩේ, නැකතක් කාරිය එහෙම බලලා කිරිබත් කාලා එහෙම චාරිත්‍රානුකූලව තමයි කරන්නෙ.අපේ රටේ ඉතිං ඕනෙම සතුටු අවස්ථාවක් සමරන්නෙ කිරිබත් කාලනෙ!ඒ වුණාට පුරුපුරුට තිබුන හදිස්සියට ගෙදර කට්ටියට කිරිබත් උය උයා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.තාත්තගෙ රේසරේකුත් අරගෙන පහුවදා උදේම රැවුල කපපු පුරුපුරු ස්කූල් වෑන් එකෙන් ගිහිං වාඩිවුණාලු.ටිකක් එලිය වැටෙද්දි මෑන්ස්ව දැක්ක ඤාව්ව, ලකී ඇතුලු හැමෝටම හරි පුදුමයි.පුරුපුරු රැවුල කැපුවට පසසෙ අදුරගන්න බැරි තරම් වෙනස් වෙලාලු.ඉස්කෝලෙට ගියාම ඉස්කෝලෙ යාලුවො කිව්වෙත් ඒ ටිකමලු.

කොහොම හරි රැවුල කැපුවට ඉතිං
"අපරාදෙ දැලි රැවුල" කියලත් පුරුපුරුට හිතිච්ච අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ දවස්වල ආසාව තිබුනට පස්සෙ තමයි මෑන්ස්ට තේරුණේ මේක මහ කරදරකාර එපාවෙන ජාතියෙ වැඩක් කියලා.දැන්නං පුරුපුරුට තමන්ගෙ දින චරියාවෙ පෙන්නන්නම බැරි වැඩේ තමයි රැවුල කපන එක!

ප.ලි -
අපි පොඩි මත විමසුමක් කොරන්ට තීරණය කළා. ඔබේ ජීවිතයේ වැඩියෙන්ම ෆන් ගත්තේ මොන කාලෙද? පුලුවන්නං ඔය එහා පැත්තෙ තියෙන කොටුවෙ ඡන්දෙ දාල අපේ මත විමසුමට එකතු වෙන්නකො.




ලකී 2 (පුරුපුරුගේ ප්‍රතිචාරය)

එදා පුරු පුරුගේ ආදර කතාව(ලකී) ගැන ලියපු පෝස්ට් එක කියවපු ඔයාලා අහලා තිබුනනෙ අන්තිමට පුරුපුරුගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද කියලා...... පුරුපුරු අවංක පුසෙක්නෙ ඉතිං. ලකීගෙයි එයාගෙ කොල්ලගෙයි ආදරේ‍ට ඇණයක් නොවී හිත හදාගන්න පුරුපුරු තීරණය කලා.....

හැබැයි එහෙම හිතාගත්තත් ඒක ඒච්චරම ලේසි වැඩක් වුණේ නැහැ. ස්කූල් වෑන් එකේ වීදුරුවෙන් එලිය‍ බලාගෙන වාහන ගණන් කීරීම...., පන්තියෙ සිංහල පොතේ ඉංග්‍රීසි සින්දු කෑලී ලීවිම...., අහස කඩන් වැටෙයි කියලා බයේ වගේ හැමතිස්සේම උඩ බලාගෙන ඉන්න එක වගේ සුපුරුදු දින චරියාවන් කීපයක් එක්ක තමයි පුරුපුරු ඊළග සති දෙකම ගෙව්වේ. :(

ලකී එයා‍ගෙ බෝයි ‍ෆ්‍රෙන්ඩ් එක්ක බස් එකක අන්තිම සීට් එකේ තුරුලු වෙලා හිටිය කියන ආරංචිය මාලුකට්ටා ඇවිත් කිව්ව දවසෙනම් අපේ පුරු පුරු ලයිමෝල් බෝතලයකුත් බිව්ව දුක වැඩි කමටම..
(මාලු කට්ටත් ගෙනාවොත් ගේන්නෙ ‍ඔහොම අසුබ ආරංචිම තමයි..) ඒ ‍විතරක් නෙවෙයි, මේ දවස්වල පුරුපුරු ‍වැඩිය ලකී එක්ක කතාවට ගියෙත් නැහැ. හැබැයි පුරුපුරුගෙ වුණ මේ කිසිම වෙනසක් ලකී දැක්කේ නෑ. ඒ එයාගේ හිත අලුත්ම සතුටකින් පිරිලා තිබුන නිසා වෙන්න ඇති. හැබැයි ඊලග සිකුරාදා වාර නිවාඩු දෙන දවසෙනම් ලකීට මේක මීටර් වෙලා තිබ්බා. ඒ මෙහෙමයි...

මේ පාසල් වෑන් වල සිරිතක් තියෙනවා, හැම වාරයක් අවසානේදිම අන්තිම දවසෙ වෑන් එකේ පාටියක් දානවා. තව හොද පිට්ටනියක් ළග නවත්තලා හවස් වෙනකල් ක්‍රිකට් ගහනවා. ඉතින් මේ පාරත් වෙනද වගේම වෑන් එකේ කට්ටිය ක්‍රිකට් මැච් එකක් ගැහුවලු. අපේ පුරුපුරුත් ඉස්තරම් වර්ගයේ ක්‍රිකට් පිස්සෙක්. එක එක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අම්ම තාත්තගෙ විස්තර පවා පුරුපුරු දන්නවා. ක්‍රිකට් පිස්සෙක් විතරක්‍ම නෙවෙයි, පුරුපුරු හොද දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක්ලු. ඒ බව වෑන් එකේ අයත් දන්නවා. හැබැයි කොච්චර දක්ෂ වුනත් එදා මැච් එකේදිනං පුරුපුරු බෝල ගැහුවේ හරියට නිදාගෙන වගේ. ලකුණු දෙක තුනක් අරං අවුට් වුනා. ෆීල්ඩින් කිරිල්ලත් එච්චරමයි. බෝලෙට තුවාල වෙයි කියලා බයේ වගේ අතට ආපු කැච් එකකුත් අත ඇරියා.

ඉතිං මෙන්න මෙතනදි තමයි ලකීට මේ ගැන ක්ලික් වෙලා තියන්නෙ. මොකද ලකීට මතක්වෙලා තියෙනවා කලින් වාරෙ ලාස්ට් ඩේ එකේදි වුණ සිද්ධියක්.....

කලින් වාරෙ ලාස්ට් ඩේ එක දවසේ ක්‍රිකට් ගහද්දි වෙන ස්කූල් වෑන් එකක කොල්ලෝ ටිකක් ඇවිත් පුරුපුරුලගේ වෑන් එකට චැලේන්ජ් කළාලු මැච් එකක් ගහන්න එන්න කියලා. ඒ වෑන් එකේ ගිය ළමයි කොළඹ ප්‍රධානම බොදු පාසලක 12,13 වසරේ අයලු. පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය හැමෝම වගේ 10/11 වසරවල කට්ටිය. එත් බෑ කිව්වොත් කෙල්ලො ඉස්සරහ කාඩ් කුඩු වෙන හින්දා අපේ යාලුවො කට්ටිය චැලේන්ජ් එක බාර අරන්. හැබැයි මැච් එක ගහද්දි තමයි ක‍ට්ටියටම තරු පෙනිල තියෙන්නෙ.

අනිත් වෑන් එකේ කට්ටිය මුලින්ම බැට් කරලා ලොකු ලකුණු ගානක් අරගෙන. ඊළගට ඉතිං පුරුපුරුලගෙ වාරේ. අර ලොකු ලමයි දාන බෝල වලට පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය පොඩි බට්ටෝ පෝළිමට අවුට් වෙවී යනවලු. ඤාව්වත් ලකුණු දෙක තුනක් අරන් අවුට් ‍වෙලා ගියාලු.එදා දවසට විතරක් ඔය වෑන් එකේ එක්කගෙන ආපු උපාසකටත් ආව ගමන් ආපහු යන්න වෙලා.

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි අපේ පුරුපුරුගෙ චාන්ස් එකත් ආවලු. පලවෙනි ඕවරේටම කොල්ලට එක ලකුණක්වත් ගන්න බැරි වෙලා.මාර ලැජ්ජාව!! (ඇයි පුරුපුරුත් හොද ප්ලේයර් කෙනෙක් කියලා නමක් දිනාගත්ත කොල්ලෙක්නෙ ඉතින්..) කොහොම හරි ඊලග ඕවරේදි හොදට දෙන්නම් කියලා හිතාගත්තත් එකේදිත් එච්චරමලු.බෝල 5ක්ම කාලා අන්තිම බෝලෙට විතරක් යන්තං එක ලකුණක් දාගත්තාලු. ඉතින් ඊලග ඕවරේ පුරුපුරු බැට් කරන තැනට ඇවිත් බිමට තට්ටුවක් දාලා එහෙම පටන් ගන්නකොටම.....

කමෝන්!! කමෝන් පුරුපුරූ!!!

ගෑණු ළමයෙක්ගේ දඩ චියර් පාරක් එනවලු. පුරුපුරු බැලුවලු සද්දෙ ආපු පැත්ත.....

"දෙයියනේ ලකී!!!"


ලකී අත් දෙක වන වන කෑගහනවා.... දැන් ඉතින් පුරුපුරුට මල් හතයිලු!!!. කොහේදෝ පා වෙවී තිබුන පූස් ශක්තියක් එක පාරටම පුරුපුරු
ගෙ ඇගට ආවලු. ඊලග ඔවරේදි හයේ පාරවල් තුනකිනුයි හතරේ පාරවල් දෙකකිනුයි ප්‍රතිවාදීන්ට සංග්‍රහ කරල දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනය "රොක්" කරපු පුරුපුරු, නොදැවී විකට් එකේ ඉදලා තමන්ගෙ කණ්ඩායමට දිනුම අරන් දුන්නලු.

ඉතින් මේ පාර මැච් එකේ
පුරුපුරු ගහපු හැටි දකිද්දි, පුරුපුරු කලින් ටර්ම් එකේ මැච් එකේ ගහපු හැටිත් මතක් වුනාම තමයි ලකීට දැනිල තියෙන්නෙ මොකක් හරි අවුලක් තියන වග. පුරුපුරුගෙ පහුගිය සති දෙකේ හැසිරීමත් මතක් වුනාම තමයි සීන් එක හරියටම තේරිලා තියෙන්නේ. එත් ඉතින් මොනවා කරන්නද,

ලකීත් සද්ද නැතිව හිටියලු.....


ප.ලි : ලකී පස්සෙ කාලෙක ඒ ලෙවල් හොදට පාස් වෙලා ජපුරෙ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට තේරුණා.දැන් ලකී වැඩ කරන්නෙ ලංකාවෙ තියෙන ලොකුම බැංකුවෙ.

එදා ලකීට හිතුන දෙවල් පූසො ටිකට දැන ගන්න ලැබුනෙ මේ ලගදි.

අදටත් ලකී, ලකී ‍යාලු වුන කොල්ලා(රංග),
පුරුපුරු, උපාසක සහ ඤාව්වා හොද යාලුවෝ. ලකීගෙ ආදර සම්බන්ධයටත් දැන් අවුරුදු 8ක් වෙනවා....

Sunday, June 13, 2010

බිල්ලා




අදනං කියන්න යන්නෙ අපේ පූසො පොඩිකාලෙ පොඩිකමට කරපු පොඩි වැරදි වැඩක් ගැන.

දුෂ්මන්ත කියන්නෙ පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේ ගිය ළමයෙක්.පුරුපුරුට වඩා අවුරුදු තුනක් වැඩිමල්.මරදාන පැත්තෙ තියන බෞද්ධ ඉස්කෝලෙකට තමයි ගියෙ.මේ දුෂ්මන්ත බොහොම සයිලන්ට් කොල්ලා.උදේ වෑන් එකට නැග්ග වෙලාවෙ ඉදලා පාඩුවෙ පැත්තකට වෙලා අහක බලාගෙන යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද.මෙයාව කතාවට අල්ලගන්න එක හරිම අමාරු වැඩක්.

පුරුපුරුයි,ඤාව්වයි ඉතිං වෑන් එකේ ගිය හැමෝටම වගේ දුෂ්මන්තටත් හැමදාම විහිලු තහලු කරනවලු.මෑන්ස්ව බයිට් කරනවලු.ඔන්න ඔතනදි තමයි දුෂ්මන්තගෙ ප්‍රධානම දුර්වලකම මතුවෙන්නෙ.අනිත් අය වගේ නෙවෙයි, මෑන්ස් නියම කුකුල් කේන්තිකාරයා.ඉතිං බයිට් වෙච්ච ගමන් මෙයා කරන්නෙ පුරුපුරුටයි, ඤාව්වටයි වෑන් එක මැද්දෙම අම්බානට නෙලන එකලු.දුෂ්මන්තට තරහ යන එකත්, පූසන්ගෙ බයිට් කිරීමේ පුරුද්දත් කවදාවත් නතර වුණේ නෑ.මේ හින්ද වුණේ පුරුපුරුයි,ඤාව්වයි මෑන්ස්ගෙන් හැමදාම ගුටිකාපු එක.ඉතිං අපේ පූසො දෙන්න කාලෙක ඉදල දුෂ්මන්තයත් එක්ක ඇරියස් එකේ තමයි හිටියෙ.

ඔය දවස්වල තමයි ඇමරිකාවට බින් ලාඩන්ගෙන් හොදවයින් ඇටෑක් එකක් හම්බවුණේ.ඉතිං මේ කාලෙ ටීවීවලයි පත්තරවලයි හිටිය ෆේමස්ම පොර ඔසාමා බින් ලාඩන් කිව්වොත් හරි.දවසක් ඔය ඔසාමාගෙ පින්තූරෙ දිහා බලපු පුරුපුරුට ඒකෙ තිබුන මරු ඉන්ටරස්ටින් පොයින්ට් එකක් අහුවුණා.

"හත්තිලව්වයි! බින් ලාඩන්ගෙ රැවුල කැපුවනං දුෂ්මන්තයගෙ මූණම තමයි, ආයි ඇරපු අතක් නෑ!නැත්තං ඇමරිකාවට ගැහුවෙ දුෂ්මන්තයද කියල කවුද දන්නෙ? තරහ ගියාම නයා වගේ ඩයල් එක නොවැ! "

තමන්ගෙ ටිකිරි මොළේට ආපු අයිඩියා එක පුරුපුරු පහුවදාම ගිහිං ඤාව්වට කිව්වලු.ඔය ආරංචිය ඉතිං වෑන් එකේ හැමෝම දැනගන්න ගියෙ නැනෝ තත්පර කීපයයි.කතාව ඇත්ත නේද කියල හැම දෙනාම කතාවෙන්න ගත්තලු.ඒ මදිවට සුපුරුදු පරිදි පුරුපුරුයි,ඤාව්වයි ඕක කියල දුෂ්මන්තව බයිට් කරන්න ගත්තලු.එදානං මෑන්ස්ට මලපැනීම මෙෂර් කරන්න මීටරයක් හැදුවනං ඒකෙ කටුව කැඩෙන ගානට තරහ ගියාලු.එදා අපේ යාලුවන්ට ලැබුනෙ අමතක නොවෙන මට්ටමේ සංග්‍රහයක්!ඉතිං ඕකෙ තරහපිට හිටපු පූසන්ට, හවස දුෂ්මන්තලගෙ ගෙදර ඉස්සරහ මෑන්ස්ට බහින්න වෑන් එක නතර කරපු වෙලාවෙ මරු අදහසක් ආවලු.

දුෂ්මන්තගෙ ගෙදර තිබුනෙ පූස්ගමම ටිකක් ජනාකීර්ණ පැත්තක.තමං අලු‍තින් හොයාගත්ත දැනුම දුෂ්මන්තයගෙ අසල්වැසි මිනිස්සුන්ටත් ලබල දෙන්න ඕනෙ කියල තිරණය කරපු පූසො,වෑන් එක අද්දද්දි මහ හයියෙන් මෙහෙම කෑ ගැහුවලු

"ඕ.........සා.........මා......බි.......න්....ලා............ඩ....න්......................"

දුෂ්මන්තට ඉතිං මාර ලැජ්ජයිලු.ගමේ මිනිස්සුත් මෑන්ස්ගෙන් අහල මොකද්ද සීන් එක කියලා.එදා ඉදලා හැමදාම හවසට ඔය වැඩේ ක්‍රියාත්මක වුනා.ටික දවසක් යද්දි ඔසාමා බින් ලාඩන්, නික්ම්ම බින් ලාඩන් වුණා.තවත් ටික දවසක් යද්දි බින් ලාඩන් කියන නම පහසුව තකා "බිල්ලා" කියල වෙනස් වුණා.ඔය කෑගහන වැඩේට එකතු වෙච්ච කට්ටියත් එන්න එන්න වැඩිවුණා.දැන් හැමදාම හවසට දුෂ්මන්ත වැන් එකෙන් බහිනකං ඉදලා කට්ටිය කෑ ගහනවලු

"බි.....ල්.....ලෝ..............................."

දැන් ඉතිං දුෂ්මන්තටයි ගෙදර කට්ටියටයි අම්බානට මළලු.වැඩේ පත්තුවුණේ දුර පළාතක හිටපු නෑයො වගයක් මෑන්ස්ගෙ ගෙදර ආපු වෙලාවෙ.ගෙදර හොයාගන්න අමාරු වෙච්ච කට්ටිය ගමේ කොල්ලෙක්ගෙන් දුෂ්මන්තලෑ ගෙදරට යන පාර අහල තියනව

නෑයා :- පුතා, අර පොඩි රාළහාමිලගෙ ගෙදර තියෙන්නෙ කොයි හරියෙද?

කොල්ලා :- ම්....මට හරියට නිච්චි නෑනෙ ඒ කවුද කියල!

නෑයා :- ඇයි අර මරදානෙ ඉස්කෝලෙ යන පුතෙක් එහෙම ඉන්නෙ?

කොල්ලා :- ආ..කලිං කියන්න එපෑ! මේ ඔසාමා බින් ලාඩන්ලගෙ ගෙදරනෙ!!අර වංගුවෙන් එහා තියෙන්නෙ.

ඉතිං මේක අහපු නෑදෑයන්ට ෆුල් අබ්ලික්ලු.ගෙදර ගිහිල්ල සිද්දිය කියන්න නැතෑ.පහුවදා උදේ දුෂ්මන්ත වෑන් එකට නගින තැන තුන්දෙනයි.මෑන්සුයි,අම්මයි,තාත්තයි.වෑන් එක එතන නැවැත්තුවට පස්සෙ දුෂ්මන්තගෙ අම්මගෙ මේඝ ගර්ජනාව පටන් ගත්තලු

"කවුද පුරුපුරු කියන්නෙ? කවුද ඤාව්ව කියන්නෙ?තමුසෙලට කට පරිස්සං කරගෙන ඉන්න බැරිද?..."

මෙහෙම පටන් ගත්තු දේසනාව විනාඩි පහක් විතර ක්‍රියාත්මක වුණාලු.පුරුපුරුයි,ඤාව්වයි ෆුල් හොලුමන්ලු!ඉතිං එදා හවස දුෂ්මන්ත බොහොම නිවිහැනහිල්ලෙ වෑන් එකෙන් බැස්සලු.පුරුපුරුලගෙන් තිබුන තර්ජනේ ඉවරයි නොවැ!අඩියක් දෙකක් තිබ්බලු.ඒත් කිසි සද්දයක් නෑ.සතුටින් පිනාගිය දුෂ්මන්ත ඊළග අඩිය තිබ්බ විතරයි

"බි...............ල්..............ලෝ................................"

මහා හඩක් ආවලු.බලාගෙන ගියාම පුරුපුරුයි,ඤාව්වයි විතරක් නෙවෙයි, වෙනද කෑගහන්ඩ එන්නෙ නැති අලයා වගේ කොල්ලොයි,අර ඇන්ටිගෙ ස්පීච් එක ඇලජික් වෙච්ච ලකී වගේ කෙල්ලොයි පවා එදා කෑගැහිමට සහභාගි වෙලා!!



Thursday, June 10, 2010

ලකී...!


එදා අපි කිව්වනෙ ඤාව්වගෙ
පළවෙනි ආදර කතාව ගැන. ‍‍ඔන්න අද කියන්න හදන්නෙ අපේ පුරු පුරුගෙ පළවෙනි ආදර කතාව ගැනයි. මේ කතාවෙ ගෑණු ලමයා ලක් එකට සම්බන්ධ ගෑණු ලමයෙක්. ඒ නිසා අපි එයාට ලකී කියමු.

පුරු පුරුයි
ඤාව්වයි මුලින්ම හම්බ‍වුන ස්කූල් වෑන් එක ගැන ඔයාලට මතක ඇතිනෙ. මෙන්න මේ වෑන් එකේ තමයි ලකිත් ඉස්කෝලෙ ගියෙ. එයා ගියෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු අග්‍ර උපාසිකාවකගෙ නමින් තියෙන ඉස්කෝලෙකට. හොද ඇහැ‍ට කනට පේන ලමයෙක්. පුරු පුරුට වඩා අවුරුදු දෙකයිලු වැඩිමල්. අපේ පුරු පුරු නම් අදටත් කියන්නෙ දෙකයි නෙවෙයි අවුරුදු එකයි මාස දහයයි කියල! :)
(මේ මල්සරාත් ඉතින් විදිනකොට වයස බල බලා විදින්නෙ නෑනෙ නේද...
වැදුනොත් ඉතින් සොරිම තමා)
ඔන්න ඉතින් ඔය මල්සරාගෙ ඊතලෙ පුරු පුරුටත් එල්ල උනා. පුරු පුරුත් ගේම් එකට එන්ටර් වුනා. අර කලින් කතාවකදි
ඤාව්ව කලා වගේම පුරු පුරුත් වෑන් එකේදි ලකී ගාවින්ම වාඩි වෙන්න පටන් ගත්තා. සති අන්තයෙ ක්ලාස් යද්දිත් ලකී යන බස් එකට කොහොමහරි නගිනව. හැබැයි පුරු පුරු ඤාව්වට වඩා ටිකක් දියුණුයි, ඤාව්ව ගෑනු ලමයගෙ පිටිපස්සෙන් වාඩි උනාට පුරු පුරුනම් ලකීගෙ ලගින්ම වාඩි වෙනව. (නංගි කියන්න බැරි හින්දත් අක්ක කියන්න හිත හදාගන්න බැරි හින්දත් අපි මෙයාට කිව්වෙ අක්ක නංගි කියල.)
කොහොම කොහොම හරි මේ දෙන්න ගොඩක් ෆිට් වුනාලු. ලකීට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒක කියන්නෙත් පුරු පුරුටලු. පුරු පුරුත් කියන්න තියෙන කතා මදිවට නැති කතා හරි හද හදා කියනවලු. වෑන් එකේ ගිය සමහර කොල්ලො අනං මනං කිව්වත් පුරු පුරු ගනන් ගත්තෙ නැහැලු. උන්ට ඊරිසියාවනෙ!!!

ඉතින් ඔය විදිහට අවුරුද්දක් විතර ගෙවිල ගියා. අපේ පුරු පුරුත් ඔය මුලු අවුරුද්දම ලකී ගාව වාඩි වෙලා ඉස්කෝලෙ ගියා. මේ වෙනකොට දෙන්නගෙ ෆිට් එක උපරිමයි. දෙන්න දෙන්න ගැන නොදන්න දෙයක් නෑ. ලකීගෙන් වෙන කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත් ඒකත් ඊට පහුවදාම ඇවිත් පුරු පුරුට කියනවලු. කියනව විතරක් නම් කමක් නැහැ, කියල ඒ කොල්ලට බනිනවත් එක්කලු. පුරු පුරුටත් ඉතින් මාර හැපී. කට ඇරල කැමතියි කියල කියාගන්න බැරි උනත් දැන් පුරු පුරු දන්නවනෙ මෙයා අනිත් අයට කැමතිත් නෑ කියල.
ඤාව්වයි උපාසකයි කොච්චර කිව්වත් පුරු පුරුට ලකීගෙන් අහන්නත් නිකං මොකක්ද මොකක්ද වගෙලු. (ලැජ්ජ බයට හැදිච්ච ලමයෙක්නෙ..)
ඉතින් ඔහොම ටික දවසක් යද්දි මරු වැඩක් වෙලා. ඉරිද පන්ති ගියාම ලකීගෙන් තවත් බෝයි කෙනෙක් යාලු වෙන්න අහල. පුරු පුරුත් ටිකක් දන්න එකෙක් තමයි අහල තියෙන්නෙ. පහුවදා සදුද වෑන් එකට ආව ගමන්ම වෙනද වගේම මේ කතාවත් ලකී පුරු පුරුට කියල.. ඒත් ඉතින් තවත් එක කතාවක් විතරයිනෙ කියල
පුරු පුරු එච්චර ගනං අරන් නෑ..
මෙන්න මෙහෙමයි ලකී කියල තියෙන්නෙ..

ලකී:- අර _________ ඊයෙ මගෙන් යාලු වෙන්න ඇහුවනෙ පුරු පුරු.. බස් එකෙදි කතා කර කර
ඇවිත් අන්තිමේදි තමයි ඇහුවෙ...

පුරු පුරු:- ඉතින්???

ලකී:- ඉතින් මං එයාට හා කිව්ව! එයා හොදයි නේද මල්ලියො??

Sunday, June 6, 2010

පූසට නමක්!



Sri lanka live බ්ලොග් එකේ තිබුන සෝමදාස කියන පූසගෙ ෆොටෝ එක දැකලා
බ්ලොග් ගඩොල්ටත් හිතුනා පුරුපුරුලගෙ ගෙදර හිටපු පූසො ගැනයි, උන්ට දාල තිබුන නම් ගැනයි කියන එක හොදයි කියලා.

පුරුපුරුලගෙ ගෙදරට මුලින්ම පූසෙක් සෙට්වුණේ මෑන්ස්ට අවුරුදු පහේදි.ඒ ගෙදර ඇතිකරපු පූසෙක් නං නෙවෙයිලු.නිකංම නිකං පාරෙ ඇවිද ඇවිද හිටපු පූසෙක්ලු.හැබැයි පූසෙක් කිව්වට පූසියෙක්.මූ නොම්මර එකේ හොර තක්කඩියෙක්.වැඩිපුර හිටියෙ පුරුපුරුලගෙ ගෙදරයි, එහා ගෙදරයි.හැබැයි ඒරියා එකේ හැම ගෙදරටම ගිහිල්ල හොරාකන්න මූට පුදුම ටැලන්ට් එකක් තිබුණෙ.පුරුපුරුලගෙ ගෙදර වුණත් මොනව හරි ප්‍රෝටීන් බහුල ආහාරයක් පේන්න තිබුනොත් ඒකට වගකියන්න මූට ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑ.

මොනව උනත්
පුරුපුරු ඉස්සර ඉදලම පූසන්ට ආදරෙයි.ඒක හින්ද මෑන්ස් මේ හොර පූසිව තමන්ගෙ සුරතලා විදිහට සලකන්න පටන් ගත්තලු.වැඩේ අප්සට් වුණේ එහා ගෙදර රුසියත් මූව තමන්ගෙ සුරතලා විදිහට ඇති කරන්න පටන් ගත්තට පස්සෙ.ඇයි මේ පූසා ගෙවල් දෙකේම ඉන්නවනෙ!දැන් දෙන්නටම ඕනෙ මෙයාව තමන්ට විතරක් අයිති කරගන්න.ඒත් පූස් අයිතිකාරකමෙන් ඉල්ලා අස්වෙන්න දෙන්නගෙන් එක්කෙනෙක්වත් කැමති වුණේ නෑලු.හරියට අපේ සනත් ලොක්කා වගේ.

අන්තිමට
පුරුපුරු‍යි රුසියයි තීරණය කළාලු මූව ෂෙයාර් කරගන්න.දැන් ප්‍රශ්නෙ මූට නමක් දාන එක.දෙන්න කතා කරල තීරණේ කරගත්තලු නමේ ඉස්සරහ කෑල්ල පුරුපුරු‍ දාන්නත්, පිටිපස්සෙ කෑල්ල රුසිය දාන්නත්.හැබැයි කවුරුහරි පහුවදා උදේ වෙනකොට නාම යෝජනා දුන්නෙ නැත්තං නම දැමීමේ තනි අයිතිය අනිකාට ලැබෙනව.

පුරුපුරු‍ ඉතිං ගෙදර ගිහිං අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරනවලු පුසට දාන්න නමක්.මොකක් හරි හොද නමක් දාන්නත් එපායැ!පුරුපුරු‍ට පුලුවන්ද එහෙම කාටවත් සෙකන්ඩ් වෙන්න?ඔහොම කල්පනා කර කර ටීවී එක බලද්දි තමයි ඒ දවස්වල ජනප්‍රිය ඇඩ් එකක් මෑන්ස්ගෙ කනට වැටුනෙ.ඒ තමයි

එවරෙඩි..... සුපර්හෙවි ඩියුටි.......

කියල සිංදුවක් තියන බැටරි ඇඩ් එක.පූසගෙ නමට මේකෙ කැල්ලක් හොදයි කියල
පුරුපුරු‍ තීරණය කළාලු.ඉතිං කලින් කතාවෙච්ච විදිහට දෙන්න පහුවදා සෙට් වුනාලු පුසට නමක් දාන්න.පුරුපුරු‍ දාපු නම වුණේ "එවරෙඩි සුපර්හෙවි" කියන එක.රුසියත් හොද නමක් කල්පනා කරගෙන ඇවිත් තිබුනා.ඒක තමයි "පූස් බන්ඩි කපුරුස්" කියන නම.ඉතිං අන්තිමට මූගෙ නම වුණේ එවරෙඩි සුපර්හෙවි පූස් බන්ඩි කපුරුස්....

කොහොම වුණත් මේ නම පුසට එච්චර ගැලපුනේ නං නැහැලු.එවරෙඩි කියන එකනං
හොදට ගැලපුනා.මොකද හොරාකාල කාල ගෙදර මිනිස්සු එද්දි පටගාල අතුරුදහන් වෙන්ඩනං මූ එවරෙඩි එකේ හිටියෙ.ඒ වුණාට මේ පුසගෙ පොඩ්ඩක්වත් බර තිබුනෙ නෑ.ඌට මහලොකු බඩක් තිබුනෙත් නැහැලු.ඒ හින්ද සුපර්හෙවි සහ බන්ඩි කපුරුස් කියන නම් මූට එච්චරම ගැලපුනේ නැහැ.ඉතිං පුරුපුරු‍ හිතාගත්තලු මීටපස්සෙ පූසෙක්ට නමක් දාද්දි ටිකක් ලොජිකල් නමක් දාන්න ඕනෙ කියල.

මේ පූසගෙ හොරාකෑමටත් වඩා තිබුන ලොකුම කරදරේ තමයි මාස හතරෙන් හතරට වගේ පැටව් දාන එක.ඉතිං මේ පැටවුන්ව හදාගන්න වුණෙත් එක්කො
පුරුපුරු‍ලට, නැත්තං රුසියලට.මුලින්ම හදාගත්තු පූස්පැටියව පුරුපුරු‍ට පෙනුණෙ පොඩි සිංහ පැටියෙක් වගේ.ඉතිං එයාට නම දැම්මලු "ලයනල්" කියලා.(lion = lionel)

ඊටපස්සෙ හිටපු පූසන්ටත් දැම්මෙ ඔයවගේ නම් තමයි.නිතරම නිදාගෙන කම්මැලිකමෙන් හිටපු පූසට දැම්මෙ "කල්පනා" කියලලු.
දවල්ට ඇවිදින්න ගිහිං රෑට විතරක් ගෙදරට එන්න පුරුදු වෙලා හිටපු පූසා තමයි "අයාල්"
ලිදට වැටිල ගිලෙන්න ගිහිං කඹයක් දාල බේරගත්ත පුසා "ලයිෆ්බෝයි"
ගෙදර මිනිස්සුන්ට එච්චර හිතවත්කමක් නොදක්වපු එකා "නේපියර්" (නෑ ආදරය = නෝ ප්‍යාර් = නේපියර්)

දැනුත්
පුරුපුරු‍ලගෙ ගෙදර පූස්පැටව් තුන් දෙනෙක් ඉන්නවලු.උන්ටනං තාම නම් දාල නෑ.දැම්මට පස්සෙ කියන්නංකෝ!