අඹ යාලුවෝ

Tuesday, June 29, 2010

ගන කතා 3 - නංගි ඔන්න ගෙම්බෙක්!

අපේ ගන සීරීස් එක ටිකක් දිගට ලියන්න ඕනෙ කියල කලින් හිතාගෙන හිටියත් මේක කොටස් 4කින් නවත්තන්න කට්ටිය තීරණය කළා.නැත්තං ඉතිං මේක ගන බ්ලොග් එකක් වෙලා තමයි නවතින්නෙ.හැබැයි අපි පස්සෙ කාලෙක ගන කතා සීසන් 2 වලින් වැඩේ ආපහු පටන් ගන්නවා.හැබැයි දැන්මමනං නෙවෙයි.

එදා අපි කිව්වනෙ ඤාව්වගෙ නංගිට ගනයක් මාට්ටු වෙන්න ගිය හැටි.ඒ එයා පොඩි කාලෙනෙ.මේ කතාව සිද්ද වුණේ අපේ ඤාව්වා ඒ ලෙවල් ඉවර වෙලා මාලබේ පැත්තෙ තියෙන කොම්පියුටර් පාසලට ඇතුල් වෙච්ච කාලෙ.මේ වෙද්දි මෑන්ස් වයසත් එක්කම ගන තාක්ෂණෙත් දියුණු කරගෙනලු හිටියෙ.ඒ කියන්නෙ දැන් කවුරුහරි කාමරේ ඇතුලට ආවත් පොර ගන බලනව මාට්ටු වෙන්නෙ නෑලු.මොකද දැන් කොම්පියුටරේ තියෙන්නෙ කාමරේ දොර පැත්තට පිටිපස්ස හරවලා.

මේ කාලෙ වෙද්දි ඉතිං ඒ ලෙවල් කාලෙ තරම් ගන බලන්න උණක් නෑ.ඒ වුණාට නොබලත් බෑ නොවැ!ඉතිං දවසක් ඤාව්වා ගජරාමෙට සීඩී එකක් දාගෙන ගන බල බලා ඉන්නවලු.

"අයියේ මට මේ ගාන කියල දෙන්න"

කියල ඔන්න එතකොටම නංගි කාමරේට ආවලු.(දැන් ඉස්සර වගේ එකපාරටම කඩා පාත් වෙන්නෙ නෑලු.කලින් කතා කරල එහෙමලු එන්නෙ).දැන් නංගි කාමරේ ඇතුලෙලු.ඒත් එයාට මොනිටරේ පේන්නෙ නෑ.ඤාව්වත් කලබල වෙච්ච පාර නංගිට මොනිටරේ තියෙන දර්ශනේ පේන්න කලින් කොම්පියුටරේ ඕෆ් කළාලු.

මළ සේකර! කිව්වලු.ඤාව්වා කොම්පියුටරේ ඕෆ් කළාට ඒක ඕෆ් වෙන්නෙ නෑලු.සීඩී එක මැෂින් එක ඇතුලෙ ස්ටක් වෙලා.මූසිකේ පොයින්ටර් එකවත් හෙලවෙන්නෙ නෑලු.ඔක්කොටමත් වඩා මොනිටරේ තියෙන්නෙ අතිශය භයංකාර රූපයක්ලු.නංගි දැක්කොත් එහෙම ඤාව්වා ගෙදර ඉදලා අහවරයි.දැන් නංගිත් පොඩ්ඩ පොඩ්ඩ කිට්ටුවට එනවලු.අපේ පූසට දැන් මොන දේටත් තියෙන්නෙ නැනෝ තත්පර ගානයි.ඒ වෙලාවෙ තමයි මෑන්ස්ට මරු අයිඩියා එකක් ඔලුවට ආවෙ!

ඤාව්වගෙ නංගි පොඩිකාලෙ ඉදලම ඔය පොඩි පොඩි සත්තුන්ට මාර බයයිලු.ඒ කිව්වෙ කැරපොත්තන්ට, හූනන්ට, ගෙම්බන්ට, මීයන්ට වගේ සත්තුන්ට.ඉතින් ඤාව්වට හිතුනලු මේ තියෙන ෆෝබියාවෙන් ප්‍රයෝජනයක් ගන්ඩ හොදම වෙලාව තමයි මේක කියලා.යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටයැ, නේද?ඤාව්වා එක පාරටම බයවෙලා වගේ කෑ ගැහුවලු මෙන්න මෙහෙම...

"නංගි....... නං...ගි...., ඕ...න්න ගෙම්...බේ.....ක්.......!"

මේක ඇහුනා විතරයි ඤාව්වගෙ නංගිට එලොව පොල් පෙනුනලු.මරහඩ තලාගෙන කාමරෙන් එලියට පැනල දිව්වලු.ඤාව්වටත් දුකයි.ඒ වුණාට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑනෙ.ඔන්න ඔහොමයි අපේ ඤාව්වා එදා නූලෙන් බේරුනේ...

************************************************************************************

මේ සිද්දිය අපේ පුරුපුරුට වුණ වැඩක්.පූසො සෙට් එකෙන් මුලින්ම කොම්පියුටරයක් ගත්තෙ පුරුපුරු තමයි.10 වසරෙදි තමයි මේක ගත්තෙ.ඒ කියන්නෙ 2002 අවුරුද්දෙ.ඒ දවස්වල තිබුන හොදම කොම්පියුටරයක්.128 රැම්, 40 හාර්ඩ් වගේ දියුණු උපාංග තමයි මෙයාට තිබුනෙ.

ඔය කොම්පියුටරේට කතා කරන්න පුලුවන්නං කියල දෙයි පූසන්ගෙ කැරැට්ටුව හොදට.අපි කළගුණ සලකන ජාතියක් කියල පහුගිය දොහේ වේදිකාවල ඇහුන නේද? හික් හික්!! අපේ පූසො සෙට් එකත් ඔය කොම්පියුටර් රාජයාව තවම වන්දනාමාන කරනවා පුරුපුරුලගෙ ගෙදර තියාගෙන.හැබැයි දැන්නං එයා වැඩ කොරන්නෙ නෑ.

දැන් ඉතිං කතාවට බහිමුකො නේද?ඔය දවස්වල පුරුපුරු හිටියෙ හොස්ටල් එකේ.තාම කොම්පියුටරේ ගත්තට කිසිම ෆිල්ම් එකක් ඒකෙන් බලලා නෑලු.මෑන්ස් ඉතිං වීකෙන්ඩ් එකේ ගෙදර එනකොට කොල්ලන්ගෙන් ෆිල්ම් ටිකක් ගේන්න තීරණය කළාලු.පුරුපුරුගෙ නරක වෙලාවට ඔය සතියෙ කට්ටිය ළග වැඩිය ෆිල්ම් තිබුනෙ නෑ.අමාරුවෙන් කියල කියල පන්තියෙ හිටපු පිගීගෙන් එක ෆිල්ම් එකක් ඉල්ල ගත්තලු.ඒ තමයි "ස්කූබි ඩූ".ඉතිං ඕක අරගෙන හොස්ටල් එකට ඇවිල්ලා, ලීවින් පොතේ අත්සන් කරලා ගෙදර යන්න බෑග් එක ගනිද්දි තමයි මෑන්ස්ගෙ ඇස් වලට අපූරු දර්ශනයක් පෙනුනෙ.

"මාලුකට්ටාගෙ කබඩ් එක"

මාලුකට්ටත් හිටියෙ පුරුපුරුලගෙ ගමේම තමයි.මිනිහත් සිකුරාදට ගෙදර යනවා.හැබැයි ටිකක් හවස් වෙලා.පුරුපුරුනං ඉතිං දෙකට ඉස්කෝලෙ ඉවර වෙච්ච ගමං එලියට පනිනවා ස්කූල් වෑන් එක
අල්ලගන්න.ස්කූල් වෑන් එකේ එදාට ඉඩ තිබුනොත් මෑන්ස්ට නොමිලේ ලිෆ්ට් එකක් හම්බ වෙනවා පූස්ගමට.හැබැයි මේ වෙද්දි පුරුපුරුයි මාලුකට්ටයි අතරෙ එච්චරම යාලුකමක් තිබුනෙ නෑ.පස්සෙ කාලෙකනං දෙන්නම එකට ගෙදර ගියෙ බස් එකේ.

මාලුකට්ටගෙ කබඩ් එකේ තමයි සකයා ගන ගබඩා කරන්නෙ.මොකද සකයගෙ කබඩ් එකේ ලොක් එකක් නෑ.ඉතිං පුරුපුරු හිතුවලු පොඩ්ඩක් කබඩ් එක චෙක් කරලා බලන්න ඕනෙ කියලා.පුරුපුරු හිටියෙ මාලුකට්ටගෙ ඇදට එහා ඇදේ.ඉතිං මෑන්ස් දන්නවා යතුරක් නැතුව මාලුකට්ටගෙ කබඩ් එක අරින ජිල්මාට් ක්‍රම.මාලුකට්ටයි, සකයයි දෙන්නම ඒ වෙලාවෙ හොස්ටල් එකේ හිටියෙ නෑලු.

ඉතිං කබඩ් එක ඇරල බැලින්නං මෙන්න බොලේ සීඩී 3ක්ම තියනවලු.සකයගෙ සීඩී එකක්නං ඉතිං අනිවා ඒක ගනයක් තමයි.ඒ ගැන කතා දෙකක් නෑ.සකයට සීඩී 3ක් මොකටද කියලා හිතපු පුරුපුරු එතනින් එකක් අරගෙන ගෙදර ගියාලු(අනේ පව්!ඉතුරු දෙක බස් වල තැලිල පොඩිවෙලා කුලියාපිටියට යන්න ඇති.පුරුපුරු ගත්ත සීඩී එකනං සැපට ගියා ස්කූල් වෑන් එකේ)

දැන් මෑන්ස් ගෙදර ගිහිං සුබ මොහොතින් කොම්පියුටරේ බෞතීස්ම කරන්ඩයි යන්නෙ.මුලින්ම දාල බැලුවෙ ගනය.මෙතනදි තමයි පුරුපුරුට වැරදුනේ. මොකද ඔය වෙලාවෙ කොම්පියුටරේ සද්දෙ හොදටම වැඩි කරල තමයි තිබිල තියෙන්නෙ.සීඩී එක දැම්ම ගමං එක පාරටම ගෑනු මනුස්සයෙක්ගෙ මර ලතෝනි හඩක් ආවලු.

ඔය ගනයක් පටන් ගනිද්දි සාමාන්‍යයෙන් තියෙන සිස්ටම් එක දන්නවනෙ.පොඩි ඉන්ටවීව් පාරක් එහෙම දාලනෙ පටන් ගන්නෙ.ඒ වුණාට මේක එහෙම නෑ.දාපු ගමං ගේමට එන්ටර් වෙලා.කොහොම හරි වෙච්ච වැඩෙන් පුරුපුරු ෆුල් අබ්ලික් වුණාලු.වහාම සිහි එලවාගත්ත පූසා ගන සීඩී එක අයින් කරලා ස්කූබි ඩූ සීඩී එකක් දැම්මලු.එතකොටම තමයි ගෙදර කට්ටිය ඇවිල්ල බැලුවෙ පුරුපුරු මොකද කරන්නෙ කියලා.

ඒ වෙනකොටත් මෑන්ස් ජෙන්ට්ල්මන් වගේ ස්කූබි ඩූ බලනවලු.ඉතිං පුරුපුරුත් යන්තං බේරුනාලු ඤාව්වා වගේම....

ප.ලි - ගන කතා ලබන ලිපියෙන් ඉවරයි.අන්තිම ලිපිය දේශීය ගන ගැන....

24 comments:

  1. 1: බේරුනු සීන්ම විතරක් කියන්නේ ඇයි?

    2: පුරුවගෙ පරිගණකය ගැන කියවද්දියි මතක් වුනේ. මගේ පළමු පරිගණකය CPU:486, Speed:33MHz, RAM:16MB, Video:256KB, HDD:60MB, OS:DOS 6.22, No sound, No CDROM
    ඉතින් ඕකෙන් ගන වීඩියෝ තියා ගන පින්තූරයක්වත් බලන්න පහසුකම් තිබ්බේ නෑ. ඒ නිසාමද මන්දා ඕක 75% වෙලාවල පාවිච්චි කලේ programming වගේ academic වැඩ වලටම තමයි.

    ReplyDelete
  2. පට්ටම තමයි. කියල වැඩක් නෑ.

    ReplyDelete
  3. ඔය ගෙම්බගෙ සීන් එක වගේ එකක් මටත් දවසක් වුණා. අම්මෝ, අනූ නමයෙන් බේරුණේ....

    ReplyDelete
  4. කිව්වත් වගේ හැම සීන් එකකින්ම පූසො බේරිලා නොවැ. මට්ටු වෙච්ච කේස් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
  5. පූසො තමයි පූසො :b

    ReplyDelete
  6. ආ.. ඩැෆ්නි වෙන්න ඇති කෑගහල තියෙන්නෙ එතතොට.. :D

    ReplyDelete
  7. @ Shadow/හේමලයා - ගොඩක් ස්තුතියි යාලු!:b

    @ Anonymous & priyantha.ඒබී -
    ඇත්තටම කවදාවත් ගන බලලනං අහුවෙලා නෑ මචෝ! සිරාවට!!ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගෙ කේස්නං ගෙවල් වලට මාට්ටු වෙලා තියනවා.ඒ ගැන ලිපි ඉස්සරහට දාන්නංකෝ!:i

    @ Anonymous - බලන් ගියාම ඒ වගේ අඩු පහසුකම් තියෙන කොම්පියුටරයක් පාවිච්චි කළානං අධ්‍යාපනයට ගොඩක් හොදයි වගේ :f

    ReplyDelete
  8. @ Praසන්ன &
    @ කොඩී - බොහොම ස්තුතියි යාලුවනේ!:e

    @ thariya - එලකිරි සහෝ, අනූනවයෙන් හරි බේරුණ එකනං ලොකු දෙයක්!:b

    @ ගයන්ත - හික් හික්!! ඩැෆ්නි විතරක් නෙවෙයි, වෙල්මාත් කෑ ගැහුවා!!:f

    ReplyDelete
  9. ගඩොල් මල්ලි...උබේ දැන්විම දාන්න..උබ බැනර් එක එවල නැනේ..125 x125 එකක් හඩල මට ඊමෙල් කරපන්...මම දාන්නම්..පට්ට පොස්ට් එක..මැක්සා..:e

    ReplyDelete
  10. දැන් මේ කතාව කියෙවුවම ඤාව් නංගි දැනගනියි එදා ඤාව් අයියා දාපු කොම්පියුටර් ජිල්මාට් එක :o

    ReplyDelete
  11. @ සෑම් - ගොඩක් ස්තුතියි අයියේ! මම බැනර් එක එවන්නම්..ඒ නැතත් ඔයා දැනටමත් අපිට කරල තියෙන උදව් කියන්න බැරි තරම් වටිනවා.අවලස්සනට තිබුන මේ බ්ලොග් එක පොඩ්ඩක් හරි මනුස්ස පාටට හදලා ගත්තෙ ඔයාගෙ ලිපි වලට පින් සිද්ද වෙන්න තමයි.....:t:t:t:t:t:t:t:t:t:t

    @ Chanaka Aruna Munasinghe - හික් හික්!! ඤාව් නංගියා තවම දන්නෙ නෑ මචෝ මෙහෙම බ්ලොග් එකක් තියනවා කියලා..:d
    දැනගත්ත දාට මාර කේස් එකක් තමයි සිරාවට!!:n

    ReplyDelete
  12. අපේ කාලෙ අපිට ඉතින් එච්චර ස්පීඩ් කම්පියුටර් නෑ.අනික චලන දර්ශනත් එච්චර නෑ.ඒත් ෆ්ලොපි තමා තිබ්බෙ.ඒවාත් ප්‍රවාහනය උනේ ඔය විදි වලටම තමා...දැන්නම් ඉතින් පන්හිද ධාවක(මෙ වචනෙ උස්සපු තැන ඉබ්බගෙන්ද මන්දා) නේ තියෙන්නෙ... :c

    ඒක නිසා පැරණි රාජ්‍ය රහස් එලිකරාට කාටවත් වැඩක් ගන්නත් බැරි වේවි
    :a

    ReplyDelete
  13. පුදුම සත්තු ගොඩක් නේ...

    මෙහෙම ලියන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද හැබෑට... නියමයි...

    ReplyDelete
  14. හප්පා . . . හරිම අසභ්‍යයයි . . . . ඒ උනාට මරු . . . ඝණ පූර්ණය වෙනකන් බලපන් මලේ . . . බලල ලියපං . . . . !

    ReplyDelete
  15. @ නිපුන චාමින්ද - හික් හික්!!මටත් මතකයි ඔය ෆ්ලොපි යුගය.ඒ වුණාට ඒක එච්චර නැගල ගියෙ නෑ නේද??:r

    පන්හිද ධාවක කියන වචනෙ හදුන්නලා දුන්නෙත් බ්ලොග් ගඩොල් තමයි.මේ ලිපියෙ තමයි ඒක තියෙන්නෙ
    http://bloggadol.blogspot.com/2010/06/1.html :b

    @ wath - හික් හික්!! සත්තු නේනනං සහෝදරී...පූසොනෙ!!:i

    @ දුමී - තැන්ක්යූ තැන්ක්යූ මචෝ!! දැන්නං ඝණ පූර්ණය වෙලා තියෙන්නෙ...:f

    ReplyDelete
  16. හපොයි,... සීසන් 2 දාපන් ඉක්මනට.. හික් හික්.. කෙස් ගහෙන් නේ බේරිලා තියෙන්නේ!

    ReplyDelete
  17. වෙලාවක් නැහනෙ ගන ගැන ලියන්න හික් හික්. ඇයි බන් උබල අහු උනේ එහෙම නැහ ගන බලල...

    ReplyDelete
  18. ගන ලෝකයක්නේ.
    අවුලක් නැහැ පූසෝ ටික ජාමේ බේරන් හිටියනේ ඒ මදෑ :e

    ReplyDelete
  19. @ වැම්පයර් - සීසන් 2 දානවා මචෝ! හැබැයි ඊට කලින් දාන්න ලස්සන කතා වගයක් තියනවා.ඒ දවස්වල බේරුන හැටි මතක් වෙද්දි තවමත් පුදුම හිතෙනවා!:q

    @ පිස්සා - වෙලාවට අහුවුණේනං නෑ සහෝ..

    අයියෝ! කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්න.අපි මග බලාගෙන ඉන්නෙ ඕං!!:t

    @ Hasitha - හික් හික්!! ඇති යන්තං ජාමෙ බේරගෙන හිටියා මලේ!!:e

    ReplyDelete
  20. මටත් සද්දේ තමයි කෙලවන්නනේ බං! එක පාරක් සෙට් එකේ බලද්දි ගමටම ඇහෙන්න ********* කෑ ෑ ෑ ෑ ෑ ගහනවා. මගුලෙ රිමෝට් එකත් එවෙලෙම හිට්ටා! ආච්චිත් දුවගෙන ආව! එතකොටම වෙලාවට ප්ලග් එක ගලව ගන්න වෙලා තිබ්බා!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???