අඹ යාලුවෝ

Sunday, June 27, 2010

ගන කතා 2 - සිංහයා සහ ලේස් එක

ඔයාලා ගන කතා 1 කියවන්න ඇතිනේ.එදා කිව්වෙ මුද්‍රිත මාධ්‍ය යුගය ගැන.අද එහෙනං ගන කතා 2 දි අපි කියන්න යන්නෙ VCD යුගය ගැන.හික් හික්!!අපේ පූසො ටික හොද හොද ගන කරනම් ගැහුවෙ මේ යුගයෙදි තමයි.

මේ සිද්දිය වුණේ පූසො සෙට් එක ඒ ලෙවල් වලට පාඩම් කරන දවස්වල.ඉතිං තනියෙන් පාඩම් කරන්න කම්මැලි නිසා කට්ටිය එකතු වෙලා තමයිලු මේ අය පාඩම් කළේ.පාඩම් කරල පාඩම් කරල මහන්සි වුණාට පස්සෙ අපේ යාලුවො කළේ ෆිල්ම් එකක් බලන එකලු.ඉතිං ඒ දවස්වල පැය ගනං ෆිල්ම් බලබලා ඉන්න තරං වෙලාවක් නෑ නොවැ!ඉතිං අපේ පූසො සෙට් එක කරන්නෙම ගන බලන එකලු.ඇයි ඉතිං ෆිල්ම් එක පැයෙන් ඉවරනෙ.(පස්සෙ කාලෙ ආපු
DVD යුගයෙදිනං ගන ෆිල්ම් එකක් පැය ගානක් යනකං දික්වුනා.හැබැයි එතකොට ඇති යාන්තම් පූසො ටික විභාගෙ ලියල ඉවරයි.)

දැන් එහෙනං සිද්දියට බහිමුකො නේද?එක දවසක් ඔන්න කට්ටිය ඤාව්වලගෙ ගෙදරට සෙට් වෙලා පාඩම් කරන්න.ඤාව්වයි, උපාසකයි, පුරුපුරුයි, මාලුකට්ටයි, මී කතුරායි තමයි සෙට් වුණේ.ඉතිං කෙමිස්ට්‍රියි, ෆිසික්සුයි පාස්ට් පේපර්ස් කීපයක් කළාට පස්සෙ කට්ටියටම හොදටම මහන්සියිලු.ඔලුවත් කැරකෙනව වගේලු.කට්ටිය තීරණය කළාලු දැන්නං ගනයක් බලන්න කියාපු වෙලාව කියලා.

ඤාව්වත් ඉතිං කාමරේ තිබුන කොම්පියුටරේ ඔන් කරලා මේස ලාච්චුව ඇතුලෙ හංගල තිබුන ගන සීඩී සෙට් එකකුත් එලියට ගත්තලු.දැන් ඔන්න පූසො සෙට් එක ගන බලනවලු.ඤාව්වගෙ කාමරේ පිහිටීම අනුව කවුරුහරි කෙනෙක් ඈතින් එනවනං වහාම කට්ටියට පේනවලු එන එක්කෙනාගෙ උඩ කොටස.ඉතිං මාට්ටු වීම සම්බන්දයෙන් බය වෙන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ.

ටික වෙලාවක් ඔහොම වැඩේ යනකොට එකපාරටම කාමරේට කඩා බිදගෙන කවුද දුවගෙන එනවලු.අපේ යාලුවො සෙට් එක උඩ ගිහිං බිම වැටුනලු.වහාම කොම්පියුටරේ ඕෆ් කළාලු.ඒ එක්කම ඤාව්වගෙ නංගි කාමරේට ඔළුව දැම්මලු.

බැලින්නං ඤාව්වගෙ නංගි තමයි සද්ද දාගෙන කාමරේට දුවං ඇවිත් තියෙන්නෙ.ඤාව්වගෙ නංගි ඤාව්වට වඩා ගොඩක් බාලයි.ඉතිං ඒ කාලෙ එයාට වැඩි තේරුමක් තිබුනෙ නෑ.ඒක හින්ද තමයි පූසො සෙට් එක හිටපු කාමරේට කඩා බිදගෙන ඇවිත් තියෙන්නෙ.නංගි ගොඩක් පොඩි නිසා ළගට එනකම්ම කට්ටිය මෙයාව දැකල නැහැ.වෙලාවට කට්ටිය එයා එනවත් එක්කම කොම්පියුටරේ ඕෆ් කරල තියෙන්නෙ.

හැබැයි ඉතිං ඤාව්වගෙ නංගිත් කොම්පියුටරේ ඕෆ් වෙන්න කලිං මොනව හරි දකින්න නැතෑ.මේ කෙල්ල ඉතිං මෙහෙම කෑ ගැහුවලු

"අම්මේ! මෙන්න ඇන්ටි කෙනෙක්ව සිංහයෙක් කනවෝ......!!"

මේක ඇහුන ඤාව්වගෙ අම්මා නංගිට මෙහෙම බැන්නලු

"මෙහෙ එනවා! ඔය මිනීමරන චිත්‍රපටි බලන්න හොද නෑ පොඩි ළමයින්ට"

අපේ යාලුවො සෙට් එකත් මේක අහල කොර වෙලා ගියාලු.ඇයි හත්තිලව්වේ මුන් ටික මෙච්චර වෙලා මේක බලල කිසිම සිංහයෙක්ව දැක්කෙ නෑ නොවැ!පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ මොකද්ද සිද්දිය කියලා.ඔය ගනේ ප්‍රධාන නළුවට හිටියෙ තඹ පාට දිග කොන්ඩයක් වවාගත්තු ඩයල් එකක්ලු.කොම්පියුටරේ ඕෆ් කරන කොටම ඤාව්වගෙ නංගි යන්තම් මෑන්ස්ව දකින්න ඇතිනෙ.ඒක තමයි අර විදිහට කෑ ගහල තියෙන්නෙ..

*****************************************************************************************

මේ සිද්දියත් වුණේ ඒ ලෙවල් කාලෙදි තමයි.ඔය දවස්වල ගන හුවමාරුව සැරට සිද්ද වුණේ ඉස්කෝලෙ ඇතුලෙදි.ඒ වුණාට ඉස්කෝලෙ ඇතුලට ගනයක් ගේනව කියන්නෙ ජීවිතේ පරදුවට තියල කරන්න ඕනෙ දෙයක්.මොකද වැඩේ මාට්ටු වුණොත් ඉස්කෝලෙට ටටා බායි කියන්න වෙන්නත් පුලුවන්.ඒ වුණාට ඉතිං එහෙම කියල අධෛර්යමත් වෙන ජාතියක්යැ ශ්‍රී ලාංකික අපි නේද?කාටවත් අහු නොවෙන්න ගන සීඩී ගේන විදි කට්ටිය හොයාගෙන තිබුනලු.

මුල් දවස්වල බෑග් එකේ සාක්කුවල, පොත් ඇතුලෙ ගන සීඩී ගෙනාවට ටික කාලයක් යද්දි ඔය ක්‍රමේ මාට්ටුවෙන සුළු මෙතඩ් එක්ක වුණාලු.ඊට පස්සෙ පොත් වල පිට කවර අස්සෙ දාගෙන ආවත් ඒ ක්‍රමෙත් එච්චරම සාර්ථක ක්‍රමයක් වුණේ නෑ.කොහෙ දාගෙන ආවත් ඉස්කෝලෙන් අල්ලනවා.ඊටත් පස්සෙ තමයි ක‍ට්ටිය "ජොකා මෙතඩ්"එක හොයාගත්තෙ.ඒ කියන්නෙ යට ඇදුම ඇතුලෙ දාගෙන ගන සීඩී ගේන එක.හැබැයි ඉතිං අනවශ්‍ය අවයව සීඩී එකේ ගෑවෙන එක වලක්වන්න, සීඩී එකයි අවයවෙයි අතර මොකක් හරි ආවරණයක් දාගෙන එන්නත් වෙනවා.නැත්තං අනිත් උන්ට දෙන්න විදිහක් නෑ නොවැ!

මේ ටෙක්නික් එක ක්‍රියාත්මක කරන්න විශේෂ දැනුමක් අවශ්‍යයි.ඒ වගේම වැඩේ අමාරුයි.ගන සීඩී එක ගබඩා කළාට පස්සෙ වැඩිපුර නැමෙනවා එහෙම බොරු.(එහෙම වුණොත් සීඩී එක කැඩෙනවා)හැබැයි ඉතිං ජීවිතේට මාට්ටු වෙන්නෙත් නෑලු.

මේ ඉතිං අපේ උපාසක ඔය "ජොකා මෙතඩ්" එක අනුගමනය කරල ඉන්න දවසක්ලු.ඉන්ටවල් එකේදි මෑන්ස් පන්තියෙන් එලියට යනකොට ඔතනිං ගිය සර් කෙනෙක් දැක්කලු උපාසකගෙ සපත්තුවක ලේස් එකක් ලෙහිල තියෙනවා.ඉතිං මනුස්සකමට සර් මෑන්ස්ට ඔය බව පෙන්නල දුන්නලු.මළ කෙලියයි! ලේස් එක ලෙහිල තිබුනට උපාසකට ඕක ගැට ගහන්න නැ‍මෙන්න බෑනෙ.ඉතිං පොර සර් කියපු එක ඇහුන්නෑ වගේ යන්න ගියාලු.එතකොට තමයි සර්ට ෆ්ලවර් ජම්ප් වුණේ.ඇයි උදව්වක් කරන්න ගිහිනුත් තමන්ව සත පහකටවත් ගන්න ගත්තෙ නෑනෙ.

සර් :- මෙහෙ එනවා! මම තමුසෙට කිව්ව නේද සපත්තුවෙ ලේස් එකක් ලෙහිල කියල?

උපාසක :- ඔ..ඔව් ස..ර්...

සර් :- ඉතිං මොකද තමුසෙ මාව ගනන් ගත්තෙ නැත්තෙ?

දැන් උපාසකට බයේ බෑ.ගනේ අහුවෙයිද දන්නෙත් නෑනෙ.ඔය වෙලාවෙ තමයි මෑන්ස්ගෙ ටිකිරි මොළේට මරු අයිඩියා එකක් ආවෙ.හිතට දහිරිය ගත්ත උපාසක මෙහෙම කිව්වලු

උපාසක :- එහෙම එකක් නෑ සර්, මගෙ මේ කොන්දෙ අමාරුවක් හැදිල තියනව.මට නැමෙන්න අමාරුයි

උපාසකගෙ දක්ෂ රගපෑමට සර්ත් අහුවුණාලු.එතනින් ගිය වෙන ළමයෙක් ලව්වා උපාසකගෙ ලෙහිල තිබුන ලේස් එකත් ගැටගැස්සෙව්වලු....

25 comments:

  1. අනේ අනිච්චං. සෙට් එකගේ ගන බැලීමේ උණ උපරිමෙන්ම තිබිලා වගේ.

    එක අතකට ඒ තරමින් හරි ගියා මදැයි. දැන් කාලේ A/L කොල්ලෝ ගනවල ඒවා practise කරන්නත් යන එකේ.........

    ReplyDelete
  2. හක් හක් හා..
    සුපිරි..!
    :t

    ReplyDelete
  3. අම්මත් ආවනම් තමයි වැඩේ සිංහයව බලන්න

    ReplyDelete
  4. අපේ ඉස්කෝලෙ නම් ඔය ජොකා මෙතඩ් එක දාල ගනයක් පන්නනව බොරු. ප්‍රිෆෙක්ට් කාරයො ඒකත් අල්ලනව.

    ReplyDelete
  5. @ හසිත - ඔය කාලෙට ඉතිං ගන බලන එක කවුරු කවුරුත් කරනවනෙ සහෝ! :i

    ගනවල තියන ඒවා ප්‍රැක්ටිස් කරන්න යාම ගැනත් පෝස්ට් එකක් දාන්න ඉන්නෙ.හැබැයි දැන්ම නෙවෙයි (ඒක අසභ්‍ය කතාවක් නෙවෙයි,විහිළු කතාවක්):d

    @ හෙළයා - :e:e:e:e බොහොම ස්තුතියි සහෝ!

    @ ඉලංදාරියා - බොහොම ස්තුතියි යාලු!:b:b:b:b

    ReplyDelete
  6. @ Ansh Lucky Sri Jay - බොහොම තැන්ක්යූ වේවා!:b

    @ Chanaka Aruna Munasinghe - අම්මා ආවනං ඉතිං ආපහු ඤාව්වගෙ ගෙදර යනවා බොරු....හික් හික්!!:f

    @ thariya - හික් හික්!! එහෙනං ෂර්ලොක් හෝම්ස්ගෙ මල්ලිලා සෙට් එකක් ඉන්න ඇත්තෙ ප්‍රිෆෙක්ට් බැච් එකේ!:q

    ReplyDelete
  7. දැන්නම් ඉතින් ජොකා මෙතඩ් එකත් පරණ වෙලා.කොල්ලො අලුත් අලුත් ක්‍රම හොයා ගෙන ඇති. මටත් මතකයි අපිත් ඒ කාලෙ කාපු කට්ට ඕව ඉස්කෝලෙ ගෙනියන්න.ගන උනත් නැතත් සීඩී එකක් ඉස්කෝලෙට පන්නන්න මාර ගේමක් දුන්නේ :f

    ReplyDelete
  8. උඹලා ගණ බලපු හින්දා තමයි ඔහොම ඉන්නෙ. නැත්තම් නාස එකෙ වැඩ දාන්නෙ පිස්සු පුසො ටික.

    ReplyDelete
  9. අම්මපා මටත් මතක් උනා ඉස්කෝලෙ කාලෙ.

    ReplyDelete
  10. දෙවෙනි කතාවනම් සුපිරි. හැබැයි අපේ කාල නම් සීඩී/ඩීවීඩී තිබුනේ නෑ. ඒ දවස් වල තිබුනෙ වීඑච්ස් නේ ඒවා ඔහොම ගෙනියනවා බොරු. කොහොමද ඔය මෙතඩ් එකට VHS Tape එකක් ඇරන් ගියානම්.

    ReplyDelete
  11. හික් හික් ... ගන නම් අය්යෝ විදපු දුකක් ඒ කාලේ ඔව්ව බලන්න. ලියන්න ඕනි ඒ ගැනත්. හික් හික්.

    ඈ බන්.. උබල අරූගෙ ගෙදර අම්මල ඉද්දිත් ගන බලනවද ???

    ReplyDelete
  12. @ කොඩී - සිරාවට මචෝ! තාක්ෂණය දියුණු වෙද්දි අලුත් අලුත් මෙතඩ් අනිවා එනවා.දැන් බලන්න සීඩී එකකට වඩා කොච්චර ලේසිද පෙන් ඩ්‍රයිව් එකක් හංගගෙන යන එක!....දැන් කාලෙ ඉතිං අපේ කාලෙ වගේ එච්චරම මහන්සි වෙන්න ඕනෙ නැතුව ඇති ගන ප්‍රවාහනේට...

    @ රවා - හික් හික්!! ගන බලන වෙලාවට ඉතිං නාසා එකේ වැඩ කොළා වගේ තමයි.ඇයි හදේනෙ ඉන්නෙ..:f

    ReplyDelete
  13. @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ!!:b

    @ priyantha.ඒබී - හත්තිලව්වයි!! ඔය මෙතඩ් එකට VHS Tape එකක් අරන් ගියොත් ඉතිං එක්කො කොල්ලා ඉවරයි, නැත්තං ටේප් එක ඉවරයි!! :j

    @ පිස්සා - ලියන්න ලියන්න!!අපිත් ආසාවෙන් බලන් ඉන්නවා...:t

    අම්මා වැඩිය කාමරේට එන්නෙ නෑ.ඉතිං අම්මා හිටියත් සද්දෙ අඩු කරලා ඒ දවස්වල ගන බැලුවා..:i

    ReplyDelete
  14. @priyantha.ඒබී - අපිනම් කොහොම හරි VHS පටිත් හොරෙන් අරන් ගියා. කලිසම සහ කමිසයට ඇතුලින්, ඒත් යට ඇඳුම්වලට පිටින් තමයි VHS පටි අරන් ගියේ. ඉතින් සමහරු පාපැදි පදිද්දී දිග කලිසමේ යට කොනින් ඕවා එළියට ආපු සිද්ධිත් තිබුණා. LOLs
    -AD

    ReplyDelete
  15. @ AD - ඔය තියෙන්නෙ පරණ මෙතඩ්! අපිත් ඉස්සර කල්පනා කර කර හිටියෙ අපිට කලින් VHS යුගයෙ හිටපු කට්ටිය කොහොමද ඒවා ඉස්කෝලෙට ගෙනිච්චෙ කියලා.තොරතුරු වලට බොහොම ස්තුතියි මචෝ!! :b

    ReplyDelete
  16. නියම කතාව. දිගටම ලියන්න.

    ReplyDelete
  17. තෑන්ක්ස් මචෝ! උඹලගෙ වචන වලින් තමයි දිගටම ලියන්න ධෛර්යය ලැබෙන්නෙ! :b

    ReplyDelete
  18. ela ela
    apith e kale kale oya vage veda thamay shirt eka asse Cd dagena enava
    panthiye kattiyama kathavela school patan ganna kalin thiyana Cd okkoma valak kapala vale dala vahanava

    ReplyDelete
  19. කැන්ඩි නම් ගන ප්‍රවාහනය කළේ කෑම භාජනය පතුලේ....

    ReplyDelete
  20. අපි නම් කරදරයක් නැතුව CD case එක පිටින්ම ගෙනිච්ච....
    සර්ලට අහු උනොත් නම් බඩුම තමා...

    නියමයි. දිගටම ලියපන්..

    ReplyDelete
  21. ado muchan thanx okkoma parana seen meka keyawana kota mathak wena wa.nice wrk bro(i.u)

    ReplyDelete
  22. dan kaale nam pen drive walatath wada podi items thiyenawane.. SD card ekaka dagena aran yanna thiyenne.. lol.. ada kale iskole yana kollo kohomada danne na gana pravahanaya karanne :D

    ReplyDelete
  23. අපේ ගන ගබඩාව තමයි බං ඉස්කෝලේ ඉස්සරහ අක්කගේ කඩේ! අක්ක ඒවා බැලුවද කියල නං දන්නෙ නෑ. ඒත් අපි හැමදාම අක්කට සීඩී ටික දීලා අක්කෙ හවසට ගන්නං කියනවා.අක්කත් කිසි ?ක් නෑ!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???